ලන්ඩන් නුවර ඕවල් ක්රීඩාංගණයේ දී ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර පැවති චැම්පියන්ස් කුසලාන මූලික වටයේ තරගයෙන් ඉන්දියාව පරාජය කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගය ආරම්භ වූ අවස්ථාවේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දු යැවීමට තීරණය කළේය.
ඉන් අනතුරුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු හයක් දැවී ලකුණු 321 ක් රැස් කර ගත්තේය.
එයට ප්රතිචාර වශයෙන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් පමණක් දැවී නියමිත ඉලක්කය හඹායාමට සමත්විය.
පන්දු 93 කට ලකුණු 89 ක් රැස් කළ කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා වශයෙන් නම් කෙරිණ. තරගය නිමාවන විට නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 52 ක් රැස් කරගෙන සිටියේය