topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පසුගිය පාලන සමය තුළ කෝට්ටේ නගරය විශාල සූරාකෑමකට ලක් කළා.

ranil wik

පසුගිය පාලන සමය තුළ කෝට්ටේ නගරය විශාල සූරාකෑමකට ලක් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටී. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, එක්සත් ජාතික පක්‍ෂ කෝට්ටේ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

ජනාධිපතිවරණයේදීත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් කෝට්ටේ ජනතාව අපිට ලබාදුන් සහයෝගය හේතුවෙන් රටේ බලය හිමි කර ගැනීමට අපිට හැකි වුණා. දැන් අප සූදානම් වන්නේ එළඹෙන පළාත් පාලන මැතිවරණය හරහා කෝට්ටේ නගර සීමාව ඇතුළු රටේ අනෙකුත් පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමටයි.

අද දිනයේදී කෝට්ටේ එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩලය පිහිටුවීම සිදු කරනවා. ඔබේ ප්‍රදේශ සංවිධායක මගේ අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා මේ ප්‍රදේශයේ සංවිධායක ලෙස කටයුතු කරනවා. පක්‍ෂයේ වැඩ කටයුතු සිදු කරන අතරතුර අනෙක් කටයුතු පිළිබඳවත් සොයා බැලීම එතුමා සිදු කරනවා. එවැනි විශාල වගකීමක් සහිතව ඔහු මේ සියලූ කටයුතු සිදු කරනවා. එම නිසා අපි එතුමාට ස්තඣතිවන්ත විය යුතුයි.

ඒ වගේම මේ ආර්ථික දියුණුව වෙනුවෙන් එතුමා විශාල සේවාවක් සිදු කරනවා. මා එයත් මේ මොහොතේ සඳහන් කළ යුතුයි. කෝට්ටේ බල ප්‍රදේශයේ බලය එක්සත් ජාතික පක්‍ෂය ලබා ගැනීම සඳහා සැලැස්මක් එතුමා විසින් ඉදිරිපත් කර තිබෙනවා. මෙගා පොලිස් වැඩ සටහන යටතේ බස්නාහිර විශාල සංවර්ධනයක් සිදුවන විට එහි කේන්ද්‍රස්ථානය වන්නේ රටේ අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයයි. එය අපේ දේශපාලන කේන්ද්‍රස්ථානයද වනවා. එවැනි දේශපාලන වටිනාකමක් සහිත මෙම ප්‍රදේශයේ බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් එතුමා අපට ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රටේ අගනුවර බවට පත් කළේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමායි. නමුත් පසුගිය පාලන සමය තුළ කෝට්ටේ නගරය විශාල සූරාකෑමකට ලක් කළා. කෝට්ටේ ප්‍රදේශයේ කිසිදු සංවර්ධන වැඩ සටහනක් ක්‍රියාත්මක කළේ නැහැ. ඒ කාලයේ සිදුවූ දූෂණ ගැන මම නැවත ඔබට සිහිපත් කරන්නේ නැහැ. එය මේ ප්‍රදේශයේ ඔබ සියලූදෙනා හොදින් දන්නවා. එවැනි දූෂිත කණ්ඩායමක් වෙනුවට රටේ බලය හිමි කරගෙන සිටින යහපාලනයක් යටතේ රට පාලනය කරන අපේ කණ්ඩායමට නගරයේ බලය ලබා දෙමින් පසුගිය වසර දෙකක් වැනි කෙටි කාලය තුළ රටට ලබාදුන් දියුණුව ඔබේ නගරයටත් ලබාගැනීමට කටයුතු කරන මෙන් මේ අවස්ථාවේ මම ඔබට ප්‍රකාශ කරනවා.

එම නිසා එළඹෙන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ඔබ සැම කැපවී වැඩ කටයුතු කරනවා නම් මෙම ප්‍රදේශය ජයග්‍රහණය කිරීම අපහසු කරුණක් නොවෙයි.

2015 වසරේදී කෝට්ටේ උසස් සහ මධ්‍යම පාන්තික සියලූ ජනතාව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිතුමා ලෙස තෝරා පත් කර ගැනීමට සහයෝගය ලබා දුන්නා. ඒ වගේම ජාතික ආණ්ඩුව නිර්මාණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයේදීත් සහයෝගය ලබාදුන්නා. ඊට ප්‍රධාන හේතුව එක්සත් ජාතික පෙරමුණ පිළිබඳව කෝට්ටේ ජනතාව තුළ තිබෙන විශ්වාසයි. ඒ විශ්වාසය එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී නැවත වතාවක් තහවුරු කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි. ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරමින් අපි රට බාර ගත්තා. අපේ රජය යටතේ මේ වන විට රටේ විශාල සංවර්ධනයක් ඇති කර තිබෙනවා. පසුගිය දිනවල ඇති වූ අයහපත් දේශගුණික තත්ත්වය රටේ ආර්ථිකයට හා ජීවන වියදමට යම් බලපෑමක් එල්ල කළා. නමුත් අප රට බාරගන්නා අවදියේ ශ්‍රී ලංකාව මුහුණ පා සිටි අධික ණය බර පිළිබඳ ගැටලූව විසඳීමට, ලෝකයෙන් කොන්වී සිටි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය තුළ නැවත පිළිගැනීමක් ඇති කර ගැනීමට,  රටේ දේශපාලන නිදහස තහවුරු කිරීමට, රටේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට කටයුතු කළ ආකාරයටම වර්තමානයේ රට තුළ ඇති වී තිබෙන එම ගැටලූ විසඳීමටද අප කටයුතු කරනවා.

පසුගිය වසර දෙක තුළ අප කළේ කුමක් දැයි සුළු පිරිසක් ප්‍රශ්න කරනවා. නමුත් රටම ශක්තිමත් ආර්ථිකයක්, හොඳ දේශපාලන රාමුවක්, සියලූ ජාතීන් අතර සංහිදියාවක් ඇති කිරීමට අපට හැකි වී තිබෙනවා. රාජපක්‍ෂ රෙජිමය රටේ සම්පත් විනාශ කරමින් මහා මාර්ග ආදිය පමණක්  ඉදිකර එය සංවර්ධනය යැයි ජනතාවට පැවසුවා. ඒ අතරම, එම ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදලින් කොටසක් සාක්කුවටත් දාගත්තා. නමුත් රටක නියම සංවර්ධනය ඇති වන්නේ නිසි ආර්ථික ප්‍රතිපත්තියක් හරහා බව පැවසිය යුතුයි. ඊට අවශ්‍ය අඩිතාලම අපේ රජය විසින් ගොඩනගා තිබෙනවා. අප රට වෙනුවෙන් කළේ කුමක්දැයි විමසන සුළු පිරිසට ලබාදිය යුතු පිළිතුර මෙයයි.

අද රටේ කාන්තාවන්ට දේශපාලන වශයෙන් ඉදිරියට පැමිණීමේ වාතාවරණය සකසා තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂය බව පැවසිය යුතුයි. කාන්තාවන්ට මෙවැනි දේශපාලන නිදහසක් ලැබුණේ ඇයි? ඒ අපේ පක්‍ෂය ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩකටයුතු කළ නිසා අපට රටේ කාන්තාවන්ට මෙම දේශපාලන නිදහස ලබාදීමට හැකි වුණා. 1932 දී සර්වජන ඡන්ද බලය ලැබුණත් දේශපාලනයේ වැඩි වශයෙන් නියැලූනේ පිරිමි පුද්ගලයන් පමණයි. ඒ කාලයේ වැඩි වශයෙන් අධ්‍යාපන අයිතිය හිමිකර ගෙන තිබුණේත් පුරුෂ පාර්ශ්වයයි. රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළේ එක් කාන්තාවක් පමණයි. 1978 මා පාර්ලිමේන්තුවට පැමිණෙන විටත්, බහුතරය සිටියේ පිරිමි පාර්ශ්වයයි. රාජ්‍ය සේවයේ බහුතරයක් ද ,පුද්ගලික අංශයේ බහුතරයක් ද, ස්වයං රැකියා අංශයේ බහුතරයක් ද පිරිමි පාර්ශ්වය වූ අතර, කාන්තාවන්ට හිමිව තිබුණේ ඉතා අඩු ස්ථානයක්. නමුත් 1977 දේශපාලන විප්ලවයෙන් පසු මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී තිබෙනවා. අද රාජ්‍ය සේවයේ අංශ ගණනාවක බහුතරය වන්නේ කාන්තාවන්, ගුරු වෘත්තිය, වෛද්‍ය වෘත්තිය ඇතුළු බොහෝ රාජ්‍ය අංශවලත් පෞද්ගලික හා ස්වයං රැකියා ක්ෂේත්‍රවලත් බහුතරය කාන්තාවන් බවට පත්ව තිබෙනවා.

බොහෝ කාන්තාවන් මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව ගොස් රටට අවශ්‍ය විදේශ විනිමය ලබා දෙනවා. ඒ වගේම ඇඟළුම් ක්ෂේත්‍රයේ බහුතරය සිටින්නේ කාන්තා පාර්ශ්වයයි. තේ කර්මාන්තයේ බහුතරය වන්නේ ද කාන්තාවන්. ඒ අනුව රටේ ප්‍රධාන ආදායම් මාර්ග තුනෙහිම බහුතරය කාන්තාවන් බව කිව යුතුයි. රටේ ජනග්‍රහණයෙන් බහුතරය ද කාන්තාවන් බවට පත්ව තිබෙනවා. නමුත් අප රටේ කාන්තාවන්ට නිසි තැන හෝ නිසි නියෝජනය ලැබී තිබුණේ නැහැ. අප එය වටහා ගත්තා. පවතින ක්‍රමවේදය තුළින් කාන්තාවන්ට නිසි නියෝජනයක් නොලැබෙන බව අප පැවසුවේ 2010 දියි. නමුත් අප ඉදිරිපත් කළ එම යෝජනාවලට එදා කවුරුවත් සහයෝගය ලබා දුන්නේ නැහැ. ප්‍රාදේශීය සභාවලදී කාන්තාවන්ට අවම නියෝජනයක් හෝ ලබාදෙන්න යැයි අප පැවසුවා. ඔවුන් එයට අනුමැතිය ලබාදුන්නේ නැහැ.

රාජපක්ෂ පාලනය ඒ වෙනුවට සිදු කළේ කන්තාවන් සියයක් දූෂණය කළ අකුරැස්සේ ප්‍රාදේශීය සභා සභාපතිට මල් මාලා දැමීමයි. යුද්ධයෙන් සිය සැමියන් මිය ගිය පවුල් දහස් ගණනක් උතුරේ සහ දකුණේ ජීවත් වුණා. පසුගිය පාලකයින් ඔවුනට සහනයක් ලබා දුන්නේ නැහැ. කාන්තා හිංසනය වෙනුවෙන් රාජපක්‍ෂ රෙජිමය කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ.

කාන්තාවන්ට දේශපාලන බලය ලබාදිය යුතු යැයි අප පැවසුවේ ඒ නිසයි. එසේ නොමැතිව කාන්තාවන්ට ආරක්‍ෂාවක් නොමැති බව අප වටහා ගත්තා. දේශපාලනය තුළ සුළුතරයක් වූ කාන්තාවන් බහුතරයක් බවට පත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කළා.

ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයකු ගෙන එමින් අප ඔබට දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ හා පාර්ලිමේන්තු මැතිවරණ තුළ දී අවම වශයෙන් හෝ කාන්තා නියෝජනයක් ඇති කරනවා යන්නයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ විට අප ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළා. කාන්තාවන්ට ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් පාලන ආයතනවල අවම වශයෙන් 25% ක නියෝජනයක් තිබිය යුතු බවට එදා අපි යෝජනා කළා. අප ගෙන ආ එම නීතිය අනුව ඕනෑම පළාත් පාලන ආයතනයක උපරිම කාන්තා නියෝජනය 100% ක් වන්නටත් පුළුවන්. මෙම යෝජනාව නිසා අපේ ආණ්ඩුව පරාජයට පත්වෙනු ඇතැයි ඇතැමුන් පැවසුවා. නමුත් කැබිනට් මණ්ඩලයේ දී අනුමත කරගනිමින් අප එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. සියලූම පක්‍ෂ ඊට සහයෝගය ලබාදුන්නා.

එදා පැවැති මැතිවරණ ක්‍රමය වෙනුවට අද කොට්ඨාශ අනුපාත ක්‍රමය අප ඇති කර තිබෙනවා. එයට අප එකඟ වූයේ කාන්තාවන්ට 25% ක නියෝජනය ලබාදීම මුල් කරගෙනයි. රටේ සමස්ත කාන්තාවන් වෙනුවෙන් එම පියවර ගනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂය බව කිව යුතුයි.

කොට්ඨාශවලට තරග කිරීම සදහා කාන්තාවන් ඉදිරිපත් කිරීමටත්, ලැයිස්තුව හරහා කාන්තාවන් තෝරා පත් කර  ගැනීමටත් හැකියාව තිබෙනවා. කොට්ඨාශ තුලින් කාන්තා නියෝජනයක් නොලැබුණොත් ලැයිස්තුව හරහා කාන්තාවන්ට අවස්ථාව ලබා දිය හැකියි. මන්ත්‍රීවරු 20 ක් තෝරා පත් කර ගත යුතු ආසනයක මන්ත්‍රීවරු 12 ක් තෝරා ගන්නේ කොට්ඨාශ ක්‍රමයටයි. අනෙක් මන්ත්‍රීවරු 08 දෙනා අනුපාතක්‍රමය යටතේ තෝරා ගත යුතු වනවා. එම 08 දෙනා අතුරින් 05 දෙනෙකු කාන්තා නියෝජිතයින් විය යුතුයි. අවම කාන්තා නියෝජනය වන 25% කෝට්ඨාශ හරහා තේරී පත් වන්නේ නැත්නම් මේ ආකාරයට ලැයිස්තු වෙන් හෝ තෝරා ගැනීම සිදු කරනවා. එය සෑම පක්‍ෂයකම යුතුකම වනවා.

එළඹෙන මැතිවරණයේදී සියලූ පක්‍ෂවලින් කාන්තා නියෝජිතයන් තෝරා පත් කර ගන්නවා. එම නිසා අපේ නියෝජිතයන් ලෙස කෝට්ඨාශවලට ඉදිරිපත් කළ යුත්තේ ශක්තිමත් කාන්තා නියෝජිතයින් පිරිසක් විය යුතුයි. බිංගිරිය ප්‍රදේශයට කාන්තා නියෝජිතයෙක් ලෙස අපි නීතිඥවරියක් පත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් හා පොහොට්ටුවෙන් එම ආසනයට ඉදිරිපත් කර තිබෙන්නේත් කාන්තාවන්. ඒ අනුව එම ආසනයේ ප්‍රධාන අපේක්‍ෂකයන් තුන්දෙනාම කාන්තාවන් .කෙසේ වුවත් එම ආසනයේ අපේ අපේක්‍ෂිකාවට කිසිදු ගැටලූවකින් තොරව ජයග්‍රහණය කළ හැකි බවත් මම පැවසිය යුතුයි.

මෙම මැතිවරණයෙන් බිම්මට්ටමේ කාන්තා නියෝජනය වැඩි කිරීමේ වෙනස අපි ආරම්භ කළා. මෙම පදනම ඇති කළේ එක්සත් ජාතික පක්‍ෂයයි. එම නිසා එළඹෙන මැතිවරණයේදී උපරිම කාන්තා නියෝජනයක් පත් කර ගැනීමට කාන්තා සහ පිරිමි ඔබ සැමට යුතුකමක් තිබෙනවා. මේ ආකාරයට කාන්තා හඬ සහ නියෝජනය වැඩි කිරීම හරහා ඉදිරියේදී කාන්තාවන්ට අවශ්‍ය අනෙක් නීති රීති සියල්ලත් සකසා දෙන බව මම ඔබට පවසනවා. දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව රැකියා ක්ෂේත්‍රයේද කාන්තාවන්ට විවිධ ගැටළු තිබෙනවා. එම නිසා පළමුවෙන් එළඹෙන පළාත් පාලන මැතිවරණය තුළදී කාන්තා නියෝජනය වැඩි කර ගැනීමට කටයුතු කරමු.

සියලූ කාන්තාවන් මේ සඳහා එක් විය යුතුයි. කාන්තාවන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ යුතුයි. එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ යුතුයි. කාන්තාවන්ට ඉදිරියට යෑමට හැකි වන්නේ එක්සත් ජාතික පක්‍ෂය නිසායි. එම නිසා ඊට අවශ්‍ය සහයෝගය එක්සත් ජාතික පක්‍ෂයට ලබාදෙන්න යැයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා. රටේ ජනග්‍රහණයෙන් බහුතරය වන කාන්තාවන් දේශපාලන බහුතරය බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු අප දැන් සිදු කරනවා. එක්සත් ජාතික පක්‍ෂය යටතේ කාන්තාවන්ගේ දේශපාලන බලයත්, ආර්ථික බලයත් ශක්තිමත් කරන බව මම අවසාන වශයෙන් ඔබ සියලූ දෙනාට ප්‍රකාශ කර සිටිනවා යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.