කුමන විවේචන හමුවේ වුවද වත්මන් රජය කැපවී සිටින්නේ එවන් අභාග්‍ය සම්පන්න කාලපරිච්ඡේදයක අඳුරු සෙවණැලිවලින් රටත්, ජනතාවත් ගලවා ගනිමින් සියලු ජනකොටස් සහෝදරත්වයෙන් සහ සංහිඳියාවෙන් ජීවත්වන සාමකාමී දේශයක් ගොඩනැඟීමට බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ම මේ බව ප්‍රකාශ කළේ අරන්තලා භික්ෂු ඝාතනයට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා අනුස්මරණය කරමින් අරනතලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති ගුණ සමරු උත්සවයට එක් වෙමිනි.
සියලු ජාතීන්ට සහ ආගම්වලට අයත් ජනතාව අතර සංහිඳියාව ගොඩනඟමින් රට තුළ ස්ථීර සාර සාමයක් ඇති කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ උදෙසා එක්වීම සියලුදෙනාගේ වගකීමක් බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා අන්තවාදය සහ බලලෝභය අවසන් කරමින් මාතෘ භූමියේ ඉදිරි අනාගතය වෙනුවෙන් සහෝදරත්වයෙන් පෙළගැසීම අද දවසේ සියලුදෙනා වෙත පැවරී තිබෙන යුග මෙහෙවර බවට පත්ව ඇති බව ද කියා සිටියහ.
මහියංගණය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ශී‍්‍ර ධම්මරක්ඛිත නායක ස්වාමින් වහන්සේ, අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ අධ්යක්ෂ පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නායක ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන දයා ගමගේ, රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අනෝමා ගමගේ, හිටපු අමාත්‍ය පී. දයාරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
What a great article thanks for sharing.
Thanks you
thanka you