එල්.ටී.ටී.ඊ සංවිධානයෙහි නිල ලාංඡනය හා එහි නායකයා ලෙස කටයුතු කළ වේලුපිල්ලේ ප්රභාකරන්ගේ රුව සහිතව සකස් කළ අලුත් අවුරුදු සුබ පැතුම්පත් විවිධ පුද්ගලයින්ට සමාජ ඡාලා වෙබ් අඩවි හරහා යවන ලද පුද්ගලයින් දෙදෙනෙකු ජනවාරි මස 24 වන දා තෙක් රක්ෂිත බන්ධනාගත කළ බව සඳහන් වේ. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය වන සමුද්‍රා ලක්මාලි ජයසිංහ විසින් මෙම නියෝගය ලබා දී ඇත.
රත්නපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් දිනේෂ් කුමාර් හා විජේකුමාර් විගිල්ෂන් යන මෙම තරුණයින් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණු අතර, ඔවුන්ට එරෙහි පරීක්ෂ මෙතෙක් අවසන් වී නොමැති බවට ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් කළ ඉල්ලීම අනුව අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම තීන්දුව ගත් බව වැඩිදුරටත් සඳහන් වේ.