topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්දට ඔටුණු පැළඳවීමෙන් හෝ ඔටුන්න ගලවා රනිල්ට පැළඳවීමෙන් අර්බුදයට විසඳුම් ලැබෙන්නේ නැහැ – අනුර දිසානායක.

JVP_Anura_29

මහින්දට ඔටුණු පැළඳවීමෙන් හෝ මහින්දගේ  ඔටුන්න ගලවා රනිල්ට පැළඳවීමෙන් හෝ අර්බුදයට විසඳුම් ලැබෙන්නේ නැති බවත්  ජවිපෙ පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම වෙනුවෙන් නායකත්වය දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ අද පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායක අනුර දිසානායක,

පසුගිය සිකුරාදා සිදුවූයේ දේශපාලන කුමන්ත‍්‍රණයක්. එමගින් රට අරාජිකත්වයකට, අස්ථාවරභාවයකට පත්කොට තිබෙනවා. එම කුමන්ත‍්‍රණය සිදුවී දින කිහිපයක් ගත වුවත් කුමන්ත‍්‍රණය අවසන් වී නැහැ. දිනෙන් දින රට අරාජිකත්වය, අස්ථාවරභාවය වර්ධනය වෙමින් තිබෙනවා. ජනතාව නොසන්සුන් තත්වයකට පත්ව තිබෙනවා. එම දේශපාලන කුමන්ත‍්‍රණයේ විපාක කොයි තරම්ද කියනවා නම් තෙල් සංස්ථාවේ ප‍්‍රධාන කාර්යාලයේ සිදුවූ ගැටුමකින් එක් අයෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. රට අරාජික වෙලා ජනතාව වික්‍ෂිප්ත වෙලා සිටිනවා. මෙම බල පොරය ජනතාවගේ හෝ රටේ අවශ්‍යතාවය නිසා ඇති වූවක් නොවෙයි. රනිල්, මෛතී‍්‍ර, මහින්ද තිදෙනාගේ බල පොරය වෙනුවෙන් ඇතිවූවක්. ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමේ මෙම දේශපාලන කුමන්ත‍්‍රණයෙන් රටට හෝ ජනතාවට වාසියක් අත්වෙන්නේ නැහැ. අපි රටේ ජනතාවගෙන් ඉල්ලනවා, මෙම දේශපාලන ගැටුමේ කොටස්කාරයින් බවට පත්වෙන්න එපා කියලා. තෙල් සංස්ථාව් සේවකයෙකු මිය යාමෙන් හෝ දෙදෙනෙකු තුවාල ලැබීමෙන් රනිල්, මෛතී‍්‍ර, මහින්දගේ බල පොරයට කිසිදු බලපෑමක් ඇතිවෙන්නේ නැහැ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුදුන් මල්කඩ යැයි ඔවුන්ම කියන රටේ උත්තරීතරම ආයතනය යැයි හඳුන්වන පාර්ලිමේන්තුවේ දොර වසා තිබෙනවා. මෛතී‍්‍රපාල වැසිකිළියට ගොස් වීදුරු දොරකින් වසාගෙන සිටිනවා සේ කිසිදු ලැජ්ජාවකින් තොරව පාර්ලිමේන්තුව කල් දමා තිබෙනවා. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන මහා ලොකුවට දේශන පවත්වන දිනේෂ් ගුණවර්ධනලා මෛතී‍්‍රගේ වැසිකිළිය අසල නහය වසාගෙන මුර බල්ලන් බවට පත්වෙලා ඉන්නවා. ජනතා නියෝජිතයින් ලෙස මන්තී‍්‍රවරුන්ගේ අදහස් ප‍්‍රකාශ කරන්න තිබෙන පාර්ලිමේන්තුවේ දොර විවෘත කරන්න කියලා අපි මෛතී‍්‍රපාලට කියනවා. මෛතී‍්‍රගේ දේශපාලන කුමන්ත‍්‍රණයේ කොටස්කාරයෙක් බවට පාර්ලිමේන්තුව පත්කරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුව වසා දැකීම ගැන ලක්‍ෂමන් යාපලා හය හතර නොදත් නොදරුවන්ට කියා දෙනවා සේ රටට විහිළු සපයනවා. මෙම ඇතිවී තිබෙන තත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය නැද්ද? පාර්ලිමේන්තුව වසා දැමීම මෛතී‍්‍රගේ බල කුමන්ත‍්‍රණයේම දිගුවක්. එනිසා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් හය දෙනාගේම අත්සනින් යුතුව අද අපි කථානායකවරයාට ලිපියක් මගින් දැනුම් දෙනවා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවන්න කියලා. කෙසේ වුවත් මෙම ඇතිවී තිබෙන අර්බුදය පාර්ලිමේන්තුව කැඳවීමෙන් පමණක් විසඳා ගත හැකි යැයි අපි විශ්වාස කරන්නේ නැහැ. රටේ ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට වෙනස් මාවතක් විවෘත කරගත යුතුව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපිට මෙම අස්ථාවර ස්වභාවය දෙස හෝ කැත මජර බල සූදුව දෙස නරඹන්නන් ලෙස බලා සිටීමට අයිතියක් නැහැ. එනිසා මෙම බල සූදුවට එරෙහිව පියවර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙනවා.

රට තුළ දිනෙන් දින සිදුවෙමින් තිබෙන සිදුවීම්වලින් රනිල්-මෛතී‍්‍ර-මහින්ද තවදුරටත් අපේ රට ගොඩනැගීමට අසමත් පාලකයින් බව ඔප්පු කරමින් තිබෙනවා. ඔවුන්ගේ මෙම බල කඳවුරුවලට සහ ඔවුන් වටා සිටින කණ්ඩායම්වලට තවදුරටත් අපේ රට දශමයකින් හෝ ඉදිරියට ගෙනියන්න බැරි බව ඔප්පු කොට තිබෙනවා. ජනතාව මර උගුලකට හිර කර, ජනතාවගේ ජීවිත සූදුවකට ලක් කර, ඔවුන් මෙම කැත, නින්දිත බල සූදුව දියත් කරමින් තිබෙනවා. රනිල්-මෛතී‍්‍ර-මහින්දලාගේ උවමනාව මොකක්ද කියලා මෙම බල සූදුවෙන් ඔප්පු කරමින් තිබෙනවා. එනිසා මෙම කැත බල සූදුවට එරෙහිව ජනතාවගේ ගැටලූවට විසඳුම් ලබාදිය හැකි ප‍්‍රබල ජනතා ව්‍යාපාරයක අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා, මෙම ගැටුමේ කොටස්කරුවන් බවට පත්වී හෝ ඒ දෙස නරඹන්නන් ලෙස බලා සිටිනවා වෙනුවට මෙම නිර්ලජ්ජිත බල සූදුවට එරෙහිව පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා පෙළගැහෙන්න කියලා. මෙම බල සූදුව අනිවාර්යයෙන්ම නතර කළ යුතුයි. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පියවර ගන්නවා. මෙම සිදුවීම්වලින් පාඩමක් ඉගෙන ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. පොත් දහස් ගණනක් කියවා තේරුම් ගැනීමට නොහැකි දේශපාලන කරුණු මෙම සිදුවීමෙන් ජනතාවට ඉගෙන ගත හැකියි. මෙම බල සූදුවට අපේ රටත් රටේ දරුවන්ගේ අනාගතයත් අගාධයකට ගෙනයාමට ඉඩ දිය යුතු නැහැ. අපේ රටේ ජනතාවගේ කාලය, ශ‍්‍රමය, ධනය සියලූ දේ කැප කළ යුත්තේ රනිල්ලාගේ, මෛතී‍්‍රලාගේ, මහින්දලාගේ බල කඳවුරු ශක්තිමත් කිරීමට නොවේ. ජනතාව කැප කිරීම් කළ යුතු වන්නේ මෙම බල කඳවුරුවලට එරෙහිව ගොඩනැගෙන ජනතා බලවේගයක් සඳහායි. ජනතා විමුක්ති පෙරමුණ එකතු කරගත හැකි යහපත් පුද්ගලයින් සමඟ වමේ ව්‍යාපාරය සමඟ නව බලවේගයක් ගොඩනැගීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කරනවා. ඒ වගේම හැම මොහොතකම රටේ අර්බුද අවස්ථාවලදී පෙරට ආපු සිවිල් සංවිධාන සමග අපි සාකච්ඡා කරනවා. විකල්ප මහජන ධාරාවක්, පොදුජන ව්‍යාපාරයක් ගොඩනැගීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු සියලූ ප‍්‍රගතිශීලී බලවේග සමග සාකච්ඡුා පවත්වමින් පොදු ජනයා මෙම බල සූදුවට එරෙහිව පෙළගස්වමින් පොදුජන ව්‍යාපාරයක් ආරම්භ කරනවා.

මෙම දේශපාලන කුමන්ත‍්‍රණයට එරෙහිව ගොඩනගන ව්‍යාපාරයේ පළමු පියවර ලෙස අපි ජනතා රැුලියක් නොවැම්බර් 01වැනිදා නුගේගොඩදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. එම අවස්ථාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු සියලූ ප‍්‍රගතිශීලී බලවේග සහභාගී වීමට නියමිතව තිබෙනවා. මන්දිර ඇතුළේ සිදුකරන දේශපාලන කුමන්ත‍්‍රණ වෙනුවට, දේශපාලන නායකයින් අතර ඇතිවන දේශපාලන කුමන්ත‍්‍රණ වෙනුවට රට ගොඩනගන වැඩපිළිවෙළක් සඳහා ඉඩ විවෘත කරගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් මේ රටේ මාධ්‍යවේදීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. දේශපාලඥයින් කියන ප‍්‍රකාශ වාර්තා කිරීමෙන් ඔබ්බට ගොස් රට ගොඩනගන වැඩපිළිවෙළේ කොටස්කරුවන් බවට පත්වෙන්න කියලා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලනවා. රටේ ඇතිවෙලා තිබෙන කැත, නින්දිත, නිර්ලජ්ජිත බලලෝභී දේශපාලනය අවසන් කළ යුතුව තිබෙනවා. මහින්ද රාජපක්‍ෂට ඔටුන්න පැළඳවීමෙන් හෝ ඔහුගේ ඔටුන්න ගලවා රනිල්ට පැලඳවීමෙන් රටේ ඇතිවෙලා තිබෙන මේ අස්ථාවරභාවයට, අරාජිකත්වයට හෝ ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඒ සඳහා නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් රටේ වැඩකරන ජනතාව, සිවිල් බුද්ධිමතුන් සියලූ දෙනාට අපි ආරාධනා කරනවා යැයි පැවසීය.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අනුර දිසානායක,

තෙල් සංස්ථාවේ ඇතිවූ සිදුවීමට මුළුමනින්ම වගකිය යුත්තේ මෙම දේශපාලන වටපිටාව ඇතිකළ මෛතී‍්‍රපාල සිරිසේනයි. ගලන හැම ලේ බිඳුවකම, අහිමි වන හැම ජීවිතයකම වගකීම බාරගත යුත්තේ මෙම දේශපාලන කුමන්ත‍්‍රණය නිර්මාණය කළ මෛතී‍්‍රපාල සිරිසේනයි. මුළුමනින්ම ඔහුගේ බල ලෝභය වෙනුවෙන් ඇතිකළ කුමන්ත‍්‍රණ නිසා තමයි මෙම සියලූ දේ ඇතිවන්නේ. ඇත්තටම අද තෙල් සේවකයින්ගේ විරෝධතාවයක් ඇතිවිය යුතුයි. එම විරෝධතාවය ඇතිවිය යුත්තේ රටේ මෙම අරාජිකත්වය ඇතිකළ මෛතී‍්‍රපාල සිරිසේනට එරෙහිවයි.

පොදු දේපළ පනතට අනුව රටේ පොදු දේපළ අවභාවිත කළ පුද්ගලයින්ට දඬුවම් කළ යුතුයි. පොදු දේපළ පනත යටතේ අත් අඩංගුවට ගන්නවා නම් මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ එදා අගමැති ලෙස දිව්රුම් දුන් මහින්ද රාජපක්‍ෂයි. මෛතී‍්‍රපාලට කරන්න තිබුණේ ඔහුට අගමැතිධුරය දීම නොව ඔහුගේ අතට මාංචු දැමීමයි. ඒ විතරක් නෙවෙයි මහින්ද දිවුරුම් දෙනකොට වටේ හිටපු බොහෝ දෙනෙක් රාජ්‍ය දේපළ අවභාවිත කළ අයයි. ඒ වගේම රනිල් වික‍්‍රමසිංහත් මහ බැංකු බැඳුම්කර වංචාව සිදුකොට රටේ දේපළ අවභාවිත කොට තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගත යුත්තේ අරලියගහ මන්දිරය භාවිතා කළ එකට නොව මහ බැංකු බැඳුම්කර වංචාවටයි. ඇත්තටම මේ සියලූ දෙනාම මංකොල්ල කණ්ඩායම් දෙකක සාමාජිකයින්. එක මංකොල්ල කණ්ඩායමක් මින්නේරිය කැලේ ඉන්නවා. අනෙක් මංකොල්ල කණ්ඩායම හබරණ කැලේ ඉන්නවා. මේ ගොල්ලෝ දෙපැත්තට ගහ ගන්නවා වගේ වැඩක් දැන් මේ සිදුවෙමින් තිබෙන්නේ. ඒ නිසා අරලියගහ මන්දිරයේ ඉන්න මංකොල්ලකරුවන්ටත් ජනාධිපති මන්දිරයේ ඉන්න මංකොල්ලකරුවන්ටත් එරෙහිව දඬුවම් ලබාදීමට ජනතාව පෙළගැසිය යුතුව තිබෙනවා.

අගමැතිවරයා පත් කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. නමුත් අගමැතිවරයා කවුද යන්න තීරණය කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එනම් පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගත යුතු පුද්ගලයා තමයි අගමැතිවරයා බවට පත්වෙන්නේ. එය තීරණය කිරීමේ බලය තිබෙන පාර්ලිමේන්තුව අද වසා දමා තිබෙනවා. නමුත් කවුද අගමැති, 113 බලය තිබෙන්නේ කාටද, වඩුවෙල් සුරේෂ් සහාය දෙන්නේ කාටද, වසන්ත සේනානායක ඉන්නේ කොයි පැත්තේද, දුමින්දගේ ගෙදර සිදුවෙන්නේ මොනවද කියලා හොයන්න අපි යන්නේ නැහැ. මේ දෙදෙනාගෙන් කවුරු අගමැති වුණත් ජනතාවට ඇතිවෙන වාසියක් නැහැ. ඒ සිදුවීම් බ්‍රේකිං නිවුස්වලට හොඳයි. නමුත් එම බ්‍රේකිං නිවුස්වලින් ජනතාවට අත්වන කිසිදු වාසියක් නැහැ.

ශිරාණි බණ්ඩාරනායක ගෙදර යැව්වේ ව්‍යවස්ථාවට අනුවද? 2015දී මන්තී‍්‍රවරුන් 42ක් හිටපු රනිල් අගමැති කළේ ව්‍යවස්ථාවට අනුවද? 19වැනි ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුව ඇමතිධුර සඳහා පුද්ගලයින් යෝජනා කිරීමේ බලය අගමැතිවරයාට ලැබුණු අතර විෂයයන් තීරණය කිරීමේ අයිතිය තිබුණේ ජනාධිපතිවරයාටයි. නමුත් වීරකුමාර දිසානායකට, ශි‍්‍රයාණි විජේවික‍්‍රමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඇමතිකම් පදවි දුන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ නම් යෝජනා කරලද? එම නිසා පාලකයින් කොයිම වෙලාවකවත් ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නේ නැහැ. ඔවුන් ඕනෑම වෙලාවක බලය වෙනුවෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කටයුතු කරනවා. ඒ නිසා අපි මෙම ව්‍යවස්ථා වගන්ති අස්සේ පැටලෙන්න යන්නේ නැහැ. පාලකයින් හැම වෙලාවකම ව්‍යවස්ථාව පාවිච්චි කළේ පොදු ජනතාව මර්දනය කිරීමටයි.

 

Leave A Reply

Your email address will not be published.