තමා විසින් 2011 වසරේ සිට 2018 දක්වා ආදායම් බදු වශයෙන් රුපියල් 5012622ක් රජයට ගෙවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසා සිටී. ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව 2011/12 වසර සඳහා රුපියල් 517919ක්ද, 2012/13 වසර සඳහා රුපියල් 704045ක්ද, 2013/14 වසර සඳහා රුපියල් 782154ක්ද, 2014/15 වසර සඳහා රුපියල් 714480ක්ද, 2015/16 වසර සඳහා රුපියල් 721115ක්ද, 2016/17 වසර සඳහා රුපියල් 808509ක්ද, 2017/18 වසර සඳහා රුපියල් 764400ක්ද ආදායම් බදු වශයෙන් ගෙවා තිබෙන බව මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
තමා සහභාගි වූ විදෙස් සංචාරවලදී ඉතුරුවූ මුදල් සියල්ල රජයට ගෙවූ ලිපිලේඛන ඉදිරිපත් කළ හැකි බවත්, වෙනත් දේශපාලනඥයන් එවැනි ආදර්ශ සපයා නොමැති බවත් ඔහු පැවසීය.
කිසිම දිනක තමාට විරුද්ධව ආදායම් බදු නොගෙවීම සම්බන්ධව කිසිදු නඩුවක් නොමැති බවත්, පසුගිය වසර 06 තුළ රජයට ගෙවූ ආදායම් බදු ලේඛනය ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර ට අභියෝග කර සිටින බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.