topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මිනීමරා හෝ යලි රජවීමේ අරමුණෙන් මිනීමරුවන් එකපෙලකට එකතු වෙනවා-ඇමති කියයි.

Minister of Finance and Media Mangala Samaraweera
අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවට කරන ප්‍රකාශයන් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අටවාගෙන ඇති ව්‍යාපාරයේ සැබෑ ස්වරූප පෙන්නුම් කරන බවත් එය රටේ ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බව 2015 වසරේ පැවැති මැතිවරණවලදී ජයග්‍රාහී ලෙස සහතික කර තිබියදී මිනීමරා හෝ යලි රජවීමේ සිහින දකින්නන්ගේ අරමුණු මේ ප්‍රකාශයන්වලින් එලියට එන බව මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නායකන් දෙපළ රටේ සහ ලෝකයේ විශ්වාසය දිනාගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ සාර්ථකව ඉදිරියට ගමන් කිරීම ඉවසාගත නොහැකිව බලලෝභී පරාජිත බලවේග වියරු වැටී ඇති බව මෙවැනි ප්‍රකාශවලින් පැහැදිලි වන බවයි.

අමාත්‍ය මංගල සමරවීර නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ.

පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැති “වියත්මග” නම් වූ උත්සව සභාවකදී හිටපු හමුදා නිලධාරියකු පවසා ඇත්තේ අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවය.88 – 89 භීෂණ යුගය යළි සිහිගන්වමින් ඔහු වැඩිදුරටත් ‘දේශද්‍රෝහීන්ට මරණය’ යන ලේබලය ගසා එය කළ යුතු බවත්, එසේ මරා දමනවුන්ගේ දේහයන් දණහිසෙන් ඉහළට නොගත යුතු බවත්, ගෞරව නොදැක්විය යුතු බවත් පවසා ඇත.

එවැනි අතිශය බියකරු ප්‍රකාශයක් සිදුකර ඇත්තේ, මේ රටේ හැටතුන් ලක්ෂයක ජනතාවක් විසින් ශ්‍රී ලංකාවේ ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළයුතු බව 2015 දී ජයග්‍රාහී ලෙසම සහතික කොට තිබියදීය.ජනතාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ සම්මුතිවාදී ආණ්ඩුව ඒ වගකීම ඉටුකිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියදී ය.

ප්‍රධාන නායකයන් දෙපළම රටේත් ලෝකයේත් විශ්වාසය දිනාගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ සාර්ථකව ඉදිරියට ගමන් කිරීම ඉවසාගත නොහැකිව, ප්‍රජාතන්ත්‍රවාදය නො ඉවසන බලලෝභී පරාජිත බලවේග වියරු වැටී ඇති බව මේ දිනවල ඇසෙන විවිධ ප්‍රකාශයන් දෙස බැලූ විට පැහැදිලිව තේරුම්ගත හැකිය. ජාතිවාදී වැසිකිළි කටවල්වලින් නිකුත් කෙරෙන එවැනි අසූචි ප්‍රකාශවලට පිළිතුරු ලබා නොදිය යුතු තරම්ය. නමුත් මළ මිනී මත පිනුම් ගසමින් ලේ රස බැලීමේ නොහැකියාවෙන් වියරු වැටී සිටින ලේ පිපාසිතයන්ගේ උඩු බිරුම්වලට එරෙහි, ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් වෙනුවෙන් යමක් කිවයුතුය.

ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරි දේශපාලන අරමුණ සපුරා ගැනීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් වියත්මග ව්‍යාපාරය ආරම්භ කළ මුල් දිනවලදී මා ප්‍රකාශ කර සිටියේ එය ‘රටට විපත්මග කැඳවන්නට‘ දරන උත්සාහක් බවය. එය ඔවුන් විසින්ම දැන් රට හමුවේ ප්‍රසිද්ධියේ සනාථ කර ඇත.

සුදු වෑන් සංස්කෘතියේ ජාතික නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂගේ මාරාන්තික භීෂණයේ අසීමාන්තික සිහිනය තවම නිමා වී නැති බව, ඔහු වෙනුවෙන් අටවාගෙන ඇති මෙවැනි ලේ පිපාසිත ව්‍යාපාරයන්ගේ සැබෑ ස්වරූපය මිනීමරු ප්‍රකාශ හමුවේ යළි යළිත් හෙළිදරව් වෙමින් ඇත.

කමල් ගුණරත්න නමැත්තා සිය ‘නන්දිකඩාල්‘ නම් කෘතියක් මඟින් උතුරේ අහිංසක ජනතාවට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයන් හා දේපළ කොල්ලකෑම් සම්බන්ධව කරුණු දක්වමින් ශ්‍රී ලංකා හමුදාව අමු අමුවේ පාවාදුන් අතර, එවැනි සිද්ධි දෙස බලමින් සිය වියරු අශාවන් සන්තර්පනය කරගත් ආකාරය පවා හෙළිදරව් කර ඇත. එපමණක් නොව, ඔහු තානාපති සේවයේ යෙදී සිටියදී ලාංකේය සේවකයකුගේ අභිරහස් මරණයක් පිළිබඳ ඔහුට එරෙහිව පරීක්ෂණ තවම විභාග වෙමින් ඇත. මේ මොහොතේ සිය හාම්පුතාගේ ලේ පිපාසිත ආශාවන් ඉටුකිරීම වෙනුවෙන් ඔහු මේ කරන්නේ, ආරක්ෂක හමුදාවට එරෙහිව ඇතැම් පාර්ශ්වයන් ගෙන එන ‘යුද අපරාධ චෝදනා’වලට තර්කානුකූල පසුබිම සැකසීමක් නොවේද?

ජාතිවාදී සාහසිකයකු ලෙස දිගින් දිගටම කටයුතු කරමින් සිටින සරත් වීරසේකර නමැත්තා ද ‘නව ව්‍යවස්ථාවට පක්ෂ වූවන් මරා දැමිය යුතු’ බව පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ සුවච කීකරු ප්‍රකාශකයා වෙමිනි.

ජාතිවාදී තක්කඩිකම සිය දේශපාලන උපායමාර්ගය කරගත් විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ‘ව්‍යවස්ථාව සම්මතකරගත නොහැකිවන පරිදි පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු’ බවට ප්‍රකාශයක් කර තිබේ. ඔහු එදා පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ සිය මස්සිනාගේ ආදර්ශය අනුව යමින් 88-89 යුගය නැවත මේ සමාජයට සිහිගන්වන්නට උත්සාහ කරනුයේ වියරු දේශපාලන තක්කඩිකම රටට හෙළිදරව් කරමිනි.

රාජ්‍ය බලය නොමැති සිවිල් වේදිකාවක සිට මෙවැනි මිනීමරු ප්‍රකාශ කළ හැකි නම්, රාජ්‍ය බලය සහිතව නිල ආයතන තුළ සිට මොනතරම් අපරාධ කරන්නට ඇත්දැයි සිහිබුද්ධිය ඇති පුරවැසියන්ට අනුමාන කළ හැකිය. එපමණක් නොව, මෙම තත්වය තුළ නව ව්‍යවස්ථාවට පක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි බුද්ධිමත් පුරවැසියන්ගේ ජීවිත අවදානමක අනතුරක් මතුකරයි.

කැළය මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු නොවන බව සිහිගන්වමින් මේ සහසික කණ්ඩායමට බලය තිබුණත් නැතත් ඔවුන් මිනිස් ඝාතකයන් බව, ලේ පිපාසිතයන් බව සමාජය හමුවේ අනාවරණය කර ඇත. සුදු වෑන්වලින් පැමිණ විවිධ ඝාතක කල්ලි යොදවා සිවිල් පුරවැසියන්, මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් අතුරුදන් කළ රහසිගත ඝාතක කල්ලි ක්‍රියාත්මක වූ රාජපක්ෂ යුගය මේ රටේ මිනිසුන්ට තවම අමතක වී නැත.

මේ රටේ හැට දෙලක්ෂයකට අධික ජනතාවක් නව ව්‍යවස්ථාවක් ඉල්ලා සිටියේ එවැනි භීෂණකාරී පාලනයක් නැවත නිර්මාණයවීමේ අනතුර වළක්වා ගැනීම වෙනුවෙනි. වරක් නොව දෙවතාවක්ම එකී වියරු පාලකයන් පරාජය කරනු ලැබුවේ මේ රටේ මිනිසුන් ඒ බියකරුභවේ සාහසිකත්වය හොඳින් අත්විඳ ඇති බැවිනි. ඒ නිසා නැවත ඔවුන්ට ඉඩ ලබා දිය යුතු නැත.

ශ්‍රී ලංකාව තුළ සාමය සහ සංහිඳියාව නිර්මාණය කිරීම වෙනුවෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමටත්, සංවර්ධනයේ දිශානතිය ගොඩගැනීමේ කාර්ය වියරු බලලෝභී කිසිදු බලවේගයකට නතර කළ නොහැකි බවත් ප්‍රකාශ කර සිටිමු. එසේම අති බහුතරයක් වූ මානවවාදී මිනිසුන්ගේ සියලු බලවේග සමඟ අත්වැල් බැඳගෙන ලේ පිපාසිත වියරු බලවේග නැවත පරාජය කරන්නටත් අපි සූදානම් බව ප්‍රකාශ කර සිටිමු යයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

Leave A Reply

Your email address will not be published.