topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්ද රාජපක්ෂට මානසික ව්‍යාකූල තත්ත්වයක් ඇතිවෙලා – ඇමතිනිය කියයි.

Thalatha_athukorala i

මහින්ද රාජපක්ෂට අද මානසික ව්‍යාකූල තත්ත්වයක් ඇති වී තිබෙන බව, අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ කියා සිටී. අමාත්‍යවරිය මෙම අදහස් පළකර සිටියේ, පසුගියදා රත්නපුර, නිවිතිගල මැතිවරණ කොට්ඨාශයේ ඇලපාත ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

එහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

“අද රටේ මැතිවරණයක් තියෙනවද කියලවත් හිතන්න බෑ. ඒ තරම් සාමකාමී තත්ත්වයක් රටේ ඇතිවෙලා තියෙනවා රටේ අලූත් මැතිවරණ ක‍්‍රමය අනුව. ආණ්ඩුව අපේ. පෙබරවාරි 12ත් ආණ්ඩුව අපේ. 2020 වෙනකම් තියෙන්නෙත් මේ ආණ්ඩුව. ඒ නිසා ආණ්ඩුව තියෙන වෙලාවේ ගමේ වැඩ ටික කරන්න. ඒ වගේම 25%ක් කාන්තා නියෝජනය අද අනිවාර්ය කරලා තියෙනවා. 2005 ජනාධිපතිවරණය වෙලාවෙත් අපි කිව්වා කාන්තා නියෝජනය අනිවාර්ය කරනවා කියලා. ප‍්‍රථම වතාවට කාන්තාවන් දේශපාලන වශයෙන් ඉදිරියට ගන්න කතාකළේ එක්සත් ජාතික පක්ෂය.

අවුරුදු 20ක් තිබුණ ආණ්ඩු මේ ගම්වල වැඩක් කළා නම් අපිට ලක්ෂ 1200ක වැඩක් කරන්න ඉතිරි වෙන්නේ නෑනේ. වැඩකරලා තිබුණා නම්. ඇතැම් අය මේ මැතිවරණය අගමැති තෝරන මැතිවරණයක් බවට පත්කරගෙන තියෙනවා. අපේක්ෂකයගේ පින්තූරේ හොයාගන්න බෑ. මහරජාගේ පින්තූරේ තමයි දාගෙන ඉන්නේ. ඉස්සර නම් අපිත් කියනවා අපිත් හරි කැමතියි දැක්කම හොඳට කතා කරනවා කියලා. නමුත් දැන් නම් හිතාගන්න බෑ මේ පරාද වෙලා ගෙදර ඇරපු මනුස්සයගේ පින්තූරයක් ගහගෙන පක්ෂයක් නෑ. නායකයෙක් නෑ. පවුලක් රජකරන්න ගම්වල මිනිස්සු මේ තරම් දඟලන්නේ මොකද කියලා. පහුගිය කාලේ කොහොමද භීෂණය තිබුණෙ කියලා හැමෝටම මතකයි. එදා තිබුණ තත්ත්වය ගැන කිසි විශ්වාසයක් තිබුණේ නෑ. අග‍්‍ර විනිශ්චයකාරවරියක් පැය 48න් ගෙදර ඇරියා නම් ඒ මේ පුංචි රටේ විතරයි. ඒ තරම් රටේ අධිකරණය හෑල්ලූ කළා. රාජ්‍ය සේවකයින් හෑල්ලූ කළා. සමෘද්ධි නියාමක තමයි ගමේ රජා. සමෘද්ධි සහනාධාරය පෙන්න පෙන්න මිනිස්සු අසරණ කළා. එදා පේ‍්‍රමදාස මහත්තයා ජනසවිය ඇති කළේ මේ රටේ නැතිබැරි මිනිස්සු වෙනුවෙන්. 94දි මේක දේශපාලන කි‍්‍රයාවලියක් බවට පත්කළා.

මට  ඕනි නම්  ඕනි විදිහට පළිගන්න තිබුණා. අපිට එහෙම පළිගන්න අවශ්‍යතාවයක් නෑ. මේවගේ සදාකාලිකව ඉන්න අවශ්‍ය නෑ. පුළුවන් අය ඉදිරියට එන්න  ඕනි. අද අපි හැමෝටම එක විදිහට සලකපු නිසා වෙන්න ඇති ගෙයින් ගෙට ඇවිදිනවා පොහොට්ටුවට ඡුන්ද එකතු කරන්න. ඒ දවස්වල ලක්ෂ 5ක් විතර පාරකට වෙන් කළා නම් එකෙන් ලක්ෂ 2ක විතර වැඩ කරලා ලක්ෂ 3ක් සාක්කුවේ දාගත්ත අය තමයි මේ නටන්නේ. සමහර අය යහපාලනේ සැපද කියලා අහනවා. ඔව් සැපයි. මොකද අය මිනිස්සු නිදහසේ ඉන්නවා. මාධ්‍ය දිහා බලන්න. අද මේ රටේ ලොකුම හොරා බවට පත්කරලා තියෙන්නේ අගමැතිතුමා. ඔහු තමයි මේ රටේ පළමු නායකයා කොමිසමක් ඉදිරියට ගිය. වෙලාව ඉල්ලගෙන ගිහින් කටඋත්තර දුන්නේ. මොකද ඒ තරම් අද අධිකරණයේ නිදහස ඇතිකරලා තියෙනවා. පක්ෂ දෙකක නායකයෝ රට පාලනය කරද්දි මේ නායකයා වරදක් කරනවා නම් අනෙක් නායකයට පුළුවන් අල්ලලා හිරේ දාන්න. බැඳුම්කර කොමිසමක් පත්කරලා තියෙනවා ඒ අනුව වැරදිකරුවන්ට ඉදිරියේදී දඩුවම් දෙයි.

පහුගිය කාලේ තිබුණ නාස්තිය දූෂිත කි‍්‍රයා නතර කරලා තියෙනවා. අධිවේගි මාර්ග හැදුවා ගමේ පාර හැදුවේ නෑ. වරාය හැදුවා ගමට වතුර නෑ. ගුවන්තොටුපොල හැදුවා ගමේ පොදු පහසුකම් නෑ. ගමේ පාසල්වල අඩුපාඩු රැුසක් තිබුණා. අද ඒ දේවල් වෙනස් කරලා තියෙනවා. අවුරුදු 5ට ආණ්ඩුවක් පත්වෙන්නේ. මේ අවුරුදු 5ට කරන්න පුළුවන් උපරිම දේවල් කරන්න. එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ මේ රටේ වැඩකරලා තියෙනවා. අපි දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රට යනකොට 300ක් 400ක් අරන් තනි ෆ්ලයිට් එකේ රට ගියේ කියලා. අද කියනවා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව බිලියන 15යි කියලා. ජනාධිපති විදිහට ඉන්නකොට මිහින් ලංකා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයෙත් ඉඳලා. දැන් හොරු අල්ලන්නේ නෑ කියනවා. හොරු අල්ලන එක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

ඒ දවස්වල කි‍්‍රඩකයෙක් තිබ්බේ නෑ. පුතාලට ඉහළින් කවුරු හරි දක්ෂතා පෙන්වනවා නම් එයාව මරලා දානවා. ඒ දවස්වල මාධ්‍ය නිදහසක් තිබ්බේ නෑ. අද බැඳුම්කරයට ලබාදෙන මාධ්‍ය ප‍්‍රචාරය කොහොමද එදා ලබාදුන්නා නම්. එදා ලසන්ත වික‍්‍රමතුංග මහත්තයා මරලා දැම්මා වගේ අදත් තැන් තැන්වල මාධ්‍යවේදීන් මරලා දාලා තියෙයි.

ඒ නිසා අද රටේ වෙනසක් තියෙනවා. අපි 2015 ජනාධිපතිවරණය ඉල්ලලා ගත්තේ නෑ. 2015 මහින්ද රාජපක්ෂගේ කි‍්‍රයා කලාපය නිසා අපේ රට හිරවුණා. රට එක තැනක පල්වුණා. මේ රටට කිසිම රටකින් සල්ලි ආවේ නෑ. රාජ්‍යයක් හැටියට මේ රට කොන්වුණා. හරියට ඇඳුමක්වත් ඇඳගත්තේ නැති රාජ්‍ය නායකයෝ තමයි මේ රටට ආවේ. හරියට මැතිවරණය තියන්න තිබ්බේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ. එයා අවුරුදු 2ට කලින් තිබ්බා. එහෙම වුණේ තවත් හිටියා නම් මේ රටේ මිනිස්සුන්ට කන්න දෙන්න විදිහක් නැතිවෙනවා.

මහින්ද රාජපක්ෂට අද මානසික ව්‍යාකූල තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. එයා හිතාගෙන හිටියේ මමයි රජා කියලා. හැමදාම මේ රජකමේ ඉන්නවා කියලා තමයි කටයුතු කළේ. අපි බොහොම අමාරුවෙන් පහුගිය කාලේ ගම්වල කටයුතු කළේත්. මොකද නිසි ක‍්‍රමවේදයක් නෑ. මුදල් එන්නේ ප‍්‍රාදේශීය සභාවට. එහි නිසි ක‍්‍රමවේදයක් නැති නිසා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට එව්වේ. ඒ නිසා විශාල ගැටළු මතුවුණා.” යනුවෙන් ප‍්‍රකාශ කළාය.

Leave A Reply

Your email address will not be published.