ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රාජ්‍ය සංස්ථා මණ්ඩල සභාපතිවරුන් මෙන්ම අධ්යක්ෂවරයකුවරුන් පත්කිරීමේදී තමන් විසින් පත්කර ඇති කමිටුවට එම පත්වීම් ලබා දී නිර්දේශ ලබාගන්නා ලෙස එජාප පෙරමුණ ආණ්ඩුවට දන්වා ඇත .ඒ අනුව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව 2018-12-31 වන දින PS/PCMD/19/ 2018 අංක දරන එම චක්‍රලේඛය නිකුත් කර ඇත . ජනාධිපතිවරයාගේ මෙම නියෝගයන් ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 03 කට සභාපතිවරුන් පත් කිරිම සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න විසින් සිදුකර ඇත.රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස අචාර්ය එච්.එම්.එම් රූමි ද ඔහු මීට පෙර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. එම සංස්ථාවේ නව කළමණාකාර අධ්යක්ෂවරයා ලෙස මහරගම අපේක්ෂා රෝහලේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාරසිරි පත් කර ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස මහාචාර්ය අසිත ද සිල්වා ඔහුද මීට පෙර ද එම අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලදි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපතිවරයා ලෙස වෛද්‍ය පාලිත අබේකෝන්ද පත්කර ඇත.ඔහුද මීට පෙර එම අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. තවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධීක්ෂණ අංශයේ අධ්යක්ෂ ජනරාල් ලෙස අචාර්ය කුමාර ද සිල්වාද පත්කරඇත. රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාව එජාප පෙරමුණු අනිත් අමත්‍යවරුන්ටද ආදර්ශයට ගතයුතු ක්‍රියාවක් වේ. අධිකරණ ක්‍රියාමාර්ගවලින් පරාජයෙන් වියරුවටිසිටින ජනාධිපති සිරිසේන මෙම ආණ්ඩුව බිද දැමීම සදහා විවිධ ක්‍රියාමාර්ග තෝරමින් සිටින බව පෙනෙන්නට තිබේ.