topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමති රංගේ බණ්ඩාරට උසස්වීමක් ලබාදීම ගැන විරෝධය.

Palitha Range

දේශපාලන පිළිගැනීමට ලක් වූ පොලිස් නිලධාරීන්ට සහන සලසා දීමට ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව දේශපාලන පලි ගැනීමට ලක් වූ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සිටිය දී වත්මන් රජයේ අමාත්‍යවරයෙකු වූ පාලිත රංගේ බණ්ඩාරට පමණක් උසස් වීම් ලබා දීමට පොලිස් කොමිසම අනුගමනය කළ ක්‍රියාමාර්ගයට දැඩි විරෝධය පළ කරන බව දේශපාලන පලි ගැනීමට ලක් වූ පොලිස් නිලධාරීහු ප්‍රකාශ කර ඇත. රංගේ බණ්ඩාර ජාතික පොලිස් කොමිසමේ නිර්දේශය මත සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට නියමිත ය. මෙම සිදු වීමෙන්  ස්වාධීනව කටයුතු කළ යුතු පොලිස් කොමිසම පක්ෂග්‍රාහී ව කටයුතු කරන්නක් බවට ප්‍රසිද්ධියේ මුළු රට හමුවේ ම පෙන්වා දී ඇති බවට එම නිළධාරීහු චෝදනා කර ඇත.

අදාළ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව සහන සලසා දිය යුතු බවට නිර්දේශ වූ දේශපාලන පිළිගැනීමට ලක් වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 129කි. මෙම පිරිසට නියෝජ්‍ය පොලිස්පතිවරු, ජේෂ්ඨ පොලිස් අධිකාරිවරු, සහකාර පොලිස් අධිකාරිවරු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු, පොලිස් පරීක්ෂකවරු,  උපපොලිස් පරීක්ෂකවරු සහ සැරයන්වරු අයත් බවත්, මේ වන විටද මෙම පිරිසෙන් 30දෙනෙකු පමණ නියමිත උසස්වීම් නොලැබ විශ්‍රාම ගොස් සිටින අතර තවත් පිරිසක් සේවයෙන් අතහැර ගොස් සහ ජිවිතක්ෂයට පත්ව සිටින බවත් සඳහන් වේ.

මීට පෙර පැවති රජයන් සමයේදී විවිධ හේතූන් මත දේශපාලන පළිගැනීම්වලට ලක්ව සේවය අහිමි කිරීමෙන්, උසස්වීම් ප්‍රමාද කිරීමෙන් තම අයිතිවාසිකම් අහිමි වී ඇති බවට මෙම පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ නඩු ද පවා ගොනු කර තිබිණි. එසේ තිබියදී වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව අසාධාරණයට ලක් වූ තමන්ට සාධාරණයක් ඉටු කර දීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර තිබියදී දේශපාලඥයෙකු වන රංගේ බණ්ඩාරට පමණක් උසස්වීමක් සහ විශ්‍රාම යාමට සැලැස්වීම තමන්ට කරන ලද බරපතල අසාධාරණයක් බව එම නිලධාරීහු පෙන්වා දෙති.

අසාධාරණයට ලක්ව සිටින ඕනෑම නිලධාරියෙකුට එම වරප්‍රසාදය ලබා දුන්නා නම් එය ඉතාම සාධාරණ බවද එසේ නොකොට දේශපාලඥයෙකු ලෙස සියලු වරප්‍රසාද විඳිමින් සිටින රංගේ බණ්ඩාර වැනි අයකුට එම වරප්‍රසාදය ලබා දීම සදාචාර සම්පන්න නොවන බවත්,  පසුගිය රජය සමයේදී පළිගැනීම්වලට ලක් වූ උසස් පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට පමණ රජයේ විවිධ දේශපාලන හිතවත්කම් මත උසස්වීම් ලබාදී ඇති බවත් නිලධාරීහු පෙන්වා දී ඇත.

පොලිස් කොමිසමේ දෙබිඩි පිළිවෙත හෙලා දකින බව ද ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරමින් අසාධාරණයට තමන්ට නිර්දේශ වී ඇති උසස්වීම් ලබා දීමට කටයුතු කරන ලෙසටත් එම පොලිස් නිලධාරීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

Leave A Reply

Your email address will not be published.