ආපදා වලට මුහුණදී සිටින ජනතාවගෙන් චෝදනා එල්ලවීම සාමාන්‍ය දෙයක් බවත්, විශේෂයෙන් ස්වාභාවික ආපදා වලින්, උන්හිටිතැන් අහිමි වූ ජනතාවගේ මානසික තත්වය මත එවැනි චෝදනා එල්ලවීම සාමාන්‍ය දෙයක් බවත්, ඇමැතිවරයා පැවසුවේ පාලින්ද නුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ ආපදා සහන කමිටු රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමිනි.
කළුතර අගලවත්ත ප්‍රදේශයේ නාය යෑමෙන් හා ගංවතුරින් අවතැන්වූ ජනතාවට සහන සැළසීමේ කමිටු ප්‍රධානියා ලෙස ඊයේ ඇමැති එස්.බී.දිසානායක අදාල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක මෙන්ම රාජ්‍ය නිලධෘරීන්ගේ හමුවකටද සහභාගී විය.
මෙම රැස්වීමේදී ප්‍රදේශයේ ජනතාවට මතුවී ඇති ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගත් ඇමැතිවරයා මාධ්‍යවේදීන් හමුවේ මෙසේද පැවසුවේය.
“ග්‍රාමනිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ප්‍රාදේශිය ලේකම් වරුන්, සමාජසේවා නිලධාරීන්, ඇතුළු රජයේ සියළු නිලධාරීන්, රෑ දවල් නැතුව මේ තත්වය සමනය කරන්න වැඩ කළ නිසා තමයි මේ කොට්ඨාශයේ තිබූ අවතැන් කඳුවුරු විසිපහ හයකට බැස්සේ. මේ පලාතේ දේශපාලන අධිකාරිය ඉතා හොඳින් ක්‍රියා කරපු බව පේනවා. අවතැන් වූවන්ට කෑම බීම, ලෙඩ රෝග, ප්‍රවාහන, විදුලිය, වගේ ගැටළු නැහැ. ඒකෙන් පේනවා රජයේ නිලධාරීන් හොඳින් ක්‍රියා කරපු බව.
මේ පලාතේ නිවාස අහිමි වුවන්ට ඉතා ඉක්මනින් අප නිවාස ලබා දෙනවා, විදුලිය, මාර්ග බිඳවැටීම් ඉතා ඉක්මනින් පිළිසකර කරනවා. සමෘද්ධි ව්‍යාපාරයෙන් මේ අයට ගෙවල් පිරිසිදු කර ගැනීම සඳහා පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය පාර්සලයක් ලබා දෙනවා.
thanks for the helpful post
Thanks
thanks for the helpful post
Thanks you