පවතින දුෂිත දේශපාලනයට එරෙහිව සිය පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක ලබාදෙන බව යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ පවසයි. කොළඹ නව නගර ශාලාවේදි 26 දා පැවති ජාතික ජන බලවේගය සහ යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයේදී එම පෙරමුණ මේ බව නිල වශයෙන් ප්රකාශයට පත් කරන ලදී.