topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජ්‍ය සේවකයින් පීඩාවට පත්කරන දේශපාලකයින් හා නිලධාරීන් වහා ඉවත් කරනු – NTUC කියයි.

lnc 3

ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය භවානි රගුනාත් ලවා දණගස්සවා වන්දවා ගැනීමට කටයුතු කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ මෙම නින්දිත කි‍්‍රයාව සාධාරනීකරණ කිරීමට හා එය වසන් කිරීමට කටයුතු කළ සියලූ දෙනාම හා මහ ඇමතිවරයා ද තනතුරුවලින් ඉවත්කොට කඩිනම් පරීක්‍ෂණයක් පවත්වා වගකිව යුත්තන්ට දඬුවම් දීමට කටයුතු කළ යුතු බවයි.

එම නිවේදනය පහතින්,

“ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය භවානි රගුනාත් මහත්මිය ලවා දණගස්සවා වන්දවා ගැනීමට කටයුතු කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. ඔහුගේ මෙම නින්දිත කි‍්‍රයාව සාධාරනීකරණ කිරීමට හා එය වසන් කිරීමට කටයුතු කළ සියලූ දෙනාම හා මහ ඇමතිවරයා ද තනතුරුවලින් ඉවත්කොට කඩිනම් පරීක්‍ෂණයක් පවත්වා වගකිව යුත්තන්ට දඬුවම් දීමට කටයුතු කළ යුතු බව අවධාරණය කරමු.

පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමට අදාලව මධ්‍යම රජයෙන් හා පළාත් සභාවලින් ද පනවන ලද නීති රීති ඉක්මවා ඥාති සංග‍්‍රහය පිණිස අනීතික හා අනිසි ක‍්‍රම මගින් දරුවන් ඇතුළත් කිරීමට යාමෙන් මහ ඇමතිවරයා රටෙහි නීතිය කඩ කොට ඇති අතර එය ඉටුකරවා ගත නොහැකි වූ තැන විදුහල්පතිනිය දණ ගැස්සවීම මගින් බලය අනිසි ලෙස යොදා ගනිමින් ප‍්‍රජා පීඩනයෙහි යෙදී තිබේ. මෙබඳු රාජ්‍ය නීති උල්ලංඝණය කරන හා ප‍්‍රජාපීඩක මහා ඇමතිවරයා වහාම තනතුරින් ඉවත්කළ යුතු අතර, ඔහු මහජන නියෝජිකත්වයෙන් ද ඉවත් කළ යුතුය.

ඒ අතර ඇතැම් රාජ්‍ය නිලධාරීන් දේශපාලන බලවතුන්ගේ උවමනා එපාකම් ඉටුකරමින් අනිසි ලාබ ප‍්‍රයෝජන සඳහා නීතිය අනීතිය බවට පත්කරමින් රාජ්‍ය සේවකයින් පීඩාවටත්, අන්ත අසරණභාවයටත් පත්කිරීමට කටයුතු කරන ආකාරය මේ සිදුවීම් හරහා ඉතා පැහැදිලිව දක්නට ලැබේ. එබඳු දූෂිත රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිය වහාම කි‍්‍රයාත්මක කළයුතු අතර, ඔවුන්ට සුදුසු දඬුවම් ලබාදිය යුතුය.

පසුගිය මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමයේදී වයඹ පළාතේ ගුරුවරියක දණගැස්වීම, රාජ්‍ය සේවකයින් ගස් බැඳීම ආදි කි‍්‍රයා මගින් රාජ්‍ය පරිපාලනයේ කටයුතු සඳහා බලය යෙදවීම සේම මේ ආණ්ඩු සමයේදී ද විදුහල්පතිවරුන් දණගැස්වීම්, ගුරුවරුන්ට පහරදීම වැනි අවිධිමත් ක‍්‍රියා මගින් පෙන්නුම් කරනු ලබන්නේ පැවති මෙන්ම පවතින පාලනයන් රාජ්‍ය සේවකයා හට කරනු ලබන නීති විරෝධී බලපෑම්ය. එමෙන්ම නීත්‍යාණුකූලව සේවයේ යෙදෙන රාජ්‍ය නිලධාරියා දේශපාලන අවශ්‍යතාවන් වෙනුවෙන් මැරබලය යොදවා හෝ නම්මා ගැනීමට දරනු ලබන පිළිකුල් සහගත උත්සාහය ද මෙමගින් මොනවට පැහැදිලි වේ.

මෙම තත්වයන් යටතේ දූෂිත දේශපාලඥයින්ට හා නිලධාරීන්ට නිසි දඬුවම් ලබාදීම අදාල බලධාරීන්ගේ වගකීම වනවා මෙන්ම මෙවැනි අත්තනෝමතික දේශපාලඥයින් නැවත බලයට පත්නොකිරීම සමස්ත රාජ්‍ය සේවකයින් ඇතුළු සියලූ මහජනතාවගේ වගකීමයි. පිරිසිදු දේශපාලනයක් හා දූෂණය නොවූ නීතිගරුක රාජ්‍ය සේවයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් දිගු ගමනක් යාමට මුල් පියවර තැබීමට එළඹී ඇති පළාත් පාලන මැතිවරණයේ දී තම ඡන්දය පාවිච්චි කිරීමට මෙම අත්දැකීම් උපයෝගි කරගැනීම ද මේ මොහොතේ අත්‍යාවශ්‍ය කරුණකි.”

Leave A Reply

Your email address will not be published.