topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විල්පත්තු ගැන පුබුදුගේ ප්‍රකාශයට නාවුක හමුදාව විසින් දක්වා තිබෙන ප්‍රතිචාරය.

විල්පත්තු ප්‍රදේශයේ රක්ෂිත වනාන්තර ගණනාවක වනය එළිකර ඒවායේ ජනතාව පදිංචි කිරීම සම්බන්ධයෙන් නොවැම්බර් 28වැනිදා පැවැත්වුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුවකදී මා දැක්වූ කරුණක් සම්බන්ධයෙන් නාවුක හමුදාව නොවැම්බර් 30වැනිදා පුවත්පත් වලට පැහැදිලි කිරීමක් ඒවා තිබිණි. එම පැහැදිලි කිරීමේ සඳහන් වන්නේ සිලාවතුර, මුල්ලිකුලම් හා ගඟේවාඩිය යන ප්‍රදේශ වල නාවුක හමුදා කඳවුරු වලට ඉඩම් ලබා ගැනීමේදී මුල් ඉඩම් හිමියන්ට ඉඩම් ලබාදුන් බවය. අප ප්‍රකාශ කළේද එයමය. මේ ගම්මාන වල මුලින් ජනතාව පදිංචිවී සිටි අතර ඔවුන් යුද්ධය හේතුවෙන් ප්‍රදේශය හැරදා ගියේය. යුද්ධයෙන් අනතුරුව ආණ්ඩුව කළ යුතුව තිබුණේ ඔවුන් එම සම්ප්‍රදායික බිම් වල නැවත පදිංචි කිරීමය. නමුත් එම ඉඩම් රජය විසින් අල්ලාගෙන එම ජනතාවට වෙනත් ඉඩම් ලබා දී තිබේ. එලෙස වෙනත් ඉඩම් ලබා දීමේදී පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්ක වල ඊට සුදුසු රජයේ ඉඩම් ඕනෑ තරම් තිබියදී ඔවුන් පදිංචි කරන ලද්දේ වටිනා රක්ෂිත වනාන්තර විනාශ කරමිනි. ඒ සඳහා රක්ෂිත වනාන්තර නිදහස් කර ගැනීම නීත්‍යානුකූල ලෙස මෙන්ම නීතියට පටහැනිවද සිදු විය. නිදසුනක් ලෙස 2013 පෙබරවාර 14 දින අංක ෑඵෘඛ/04/02/08/11/2012 දරණ ලිපිය මගින් හා ඉන් පසුව ද වන රක්ෂිත දෙකකට අයත් වනාන්තර අක්කර 1080ක් ජනාවාස සඳහා නිදහස් කර තිබිණි. එයද වැරදි තීරණයකි. ඒ අතර ඊට පිටින්, නීතියට පටහැනිව රක්ෂිත අක්කර 3400ක් පමණ විනාශ කර තිබේ. මරිච්චුකට්චි – කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 2500 ක්, විලත්තිකුලම් වන රක්ෂිතයේ අක්කර 700 ක්, වේප්පාල් වන රක්ෂිතයේ අක්කර 100 ක් හා මාවිල්ලූ වන රක්ෂිතයේ අක්කර 100 ක් එලි කර ඇති බව අපගේ නිරීක්ෂණයයි. එය මිනුම් හරහා තව දුරටත් ස්ථිර කරගත යුතුය. මේ මහා පරිසර විනාශය පාලකයන් විසින් සාධාරධෑකරණය කරන්නේ මේ යුද්ධයෙන් අවතැන් වුවන් නැවත පදිංචි කිරීමක් බව පවසමිනි. අප බල කරන්නේ රක්ෂිත වනාන්තර විනාශය වහා නැවත්වීම, එම විනාශය කළ සියල්ලන්ට තරාතිරම නොබලා දඬුවම් දීම, ජනතාව සිය මුල් ගම්බිම් වල නැවත පදිංචි කිරීම, විශේෂ හේතුවක් මත ජනතාවගේ ඉඩම් රජයට පවරා ගන්නේනම් එම ජනතාවට වන්දි සහ වෙනත් රජයේ ඉඩම් ලබාදීම යන කරුණු සඳහාය.
මේ ආකාරයට ඉඩම් රජය විසින් බලහත්කාරයෙන් අල්ලා ගැනීම රජයේ ජාතික භෞතික සැලැස්ම සමග සම්බන්ධය. ඉහත දැක්වූ විල්පත්තුව ආශ්‍රිත පෙදෙසේ පැතිරුණු ප්‍රදේශයක් ජාතික භෞතික සැලැස්මේ සංචාරක කලාප, කර්මාන්ත කලාප සහ වාණිජ බෝග වගා කලාප උදෙසා සලකුණු කර තිබිණි. හමුදා කඳවුරු මුවාවෙන් ජනතාව ඉවත් කර ඇත්තේ එම ඉඩම් වලිනි. මෙකී ව්‍යාපෘතිය වෙනුවෙන් ජනතාව මහමගට ඇද දැමීමට හෝ පරිසරය විනාශ කිරීමට ඔවුන් පැකිලෙන්නේ නැත. මෙම බලහත්කාරය සඳහා ආණ්ඩු විසින් හමුදාව යොදවා ගනිමින් සිටී. එය රටේ විවිධ ප්‍රදේශ වල සිදු විය. නිදසුනක් ලෙස 2010 ජුලි 13වැනිදා රාත්‍රී පොතුවිල් සහ පානම අතර වෙරළ තීරයට යාබද පානම ප්‍රදේශයේ ජනතාව කිසියම් පිරිසක් ගෙවල් ගිණිතබා, පහරදී පලවා හරිනු ලැබීය. ඉන් අනතුරුව පානම රාගම්වෙල ප්‍රදේශයේ අක්කර 265ක්, ශාස්ත්‍රවෙල ප්‍රදේශයේ අක්කර 115ක් සහ උල්පස්ස රජයේ ඉඩම් අක්කර 840ක් ආවරණය කරමින්
නාවුක හමුදා, ගුවන් හමුදා සහ විශේෂ කාර්ය බලකා කඳවුරු ඉදි කරන ලදී. මෙලෙස හමුදා භාවිතා කර ජනතාවගේ ඉඩම් පැහැරගෙන ඒවා රජයේ ව්‍යාපෘති සඳහා භාවිතා කිරීම බහුල වශයෙන් සිදු කරුණකි. බලයට පත් ආණ්ඩු විසින් හමුදා කඳවුරු ඉදි කිරීම දඩමීමා කරගෙන ඔවුන්ගේ විවිධ ව්‍යාපෘති සඳහා ජනතාවගේ ඉඩම් පැහැරගැනීම සිදුවූ බවට හොඳම නිදසුන වන්නේ ඇතැම් තැන්වල එම කඳවුරු ඉවත් කිරීමෙන් පසුවත් එම ඉඩම් ඒවායේ හිමිකරුවන්ට ලබා නොදී සංචාරක හෝටල් ඇතුළු විවිධ ව්‍යාපෘති වෙනුවෙන් පවරා ගැනීමයි. මෙම සමාජ විරෝධී කටයුත්ත අප විසින් විවේචනයට බඳුන් කරන විට එය නාවුක හමුදාවේ චිත්ත ධෛර්යය බිඳ දැමීමක් ලෙස විග්‍රහ කිරීම නිවැරදිද යන්න විචාරාත්මකව විමසිය යුතුය. අප විසින් රජයේ මෙම පිළිවෙත විවේචනය කරන විට එයට නාවුක හමුදාව මේ ආකාරයේ ප්‍රතිචාර දැක්වීම මගින් දේශපාලන තන්ත්‍රය විසින් නාවුක හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන සහ ව්‍යුහයන් සිය දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමේ තැතක් පවතීද යන සැකය මතුවීම වැළක්විය නොහැක.
පුබුදු ජයගොඩ
පෙරටුගාමී සමාජවාදී පක්ෂය

Leave A Reply

Your email address will not be published.