topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගනී.

Neville Fernando _hospital _Malabe_Takes over

 

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ පැවැත්විණි. එහිදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  මෙසේ අදහස් දක්වන ලදී.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික ආයෝජන ක්‍ෂේත්‍රයේ අද ඓතිහාසික අවස්ථාවක්. ජනසතු කිරීමේ වැඩසටහන්වලට මම තරුණ කාලයේ සිටම සහභාගී වුණා. ඉඩම් ජනසතු කිරීමේ වැඩපිලිවෙල හොදම උදාහරණයයි. ජනසතු කිරීමේ වැඩපිලිවෙලකදී අයිතිකරු සිය ව්‍යාපාර කැමැත්තෙන් දුන්නේ නැහැ. අතීතයේ බලහත්කාරයෙන් තමයි ගත්තේ. ඇතැම් ව්‍යාපෘති රජයට පවරා ගැනීමේදී විවිධ ගැටළු වලටද මුහුණ දීමට සිදු වුණා. නමුත් ප්‍රථම වරට පෞද්ගලික අංශයේ විශාලතම රෝහල ඉතාම සතුටින් නෙවිල් ප්‍රනාන්දු මහතා අද රජයට භාර දෙනවා. රෝහල ඉදිකිරීම සඳහා ලබාගත් ණය මුදලත් ගෙවනු ලබනවා. ලබන අගෝස්තු 01 වනදා සිට ශික්‍ෂණ රෝහලක් ලෙස ඉදිරියට පවත්වාගෙන යනවා. ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල මඟින් මෙම රෝහලද පාලනය කරනවා.

මෙම රෝහල පවරා ගැනීම කාලකණ්නි විදිහට හිතන අයත් ඉන්නවා. මෙය ස්වදේශ ව්‍යාපාරයක්. විදේශීය ව්‍යාපාරයක් නෙවෙයි. තමන් දුක් මහන්සියෙන් හම්බ කරලා ඉදිකළ රෝහලට පවරා දීම පිළිබඳව මම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට ස්තුතිවන්ත වෙනවා. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නේ වෛද්‍ය අධ්‍යාපනයේ උන්නතිය උදෙසායි.

මහාචාර්ය රිස්ව් සෙරින්ඩීන් මහතාගේ සහභාගිත්වයෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පත්කලා මෙම රෝහල පිළිබඳව සොයා බැලීමට. එම කණ්ඩායමේ 9 දෙනෙකු සිය වාර්ථාව සුවාදී ලෙසත්, එක් සාමාජිකයෙකු අසුභවාදී ලෙසත් සකස් කර තිබුණා. මෙම වාර්ථාවලට අනුව මහජන සෞඛ්‍ය, අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ සායනික පිළිබඳ කරුණු 3 මතුකර තිබුණා. මෙම රෝහලේ සියළු පහසුකම්, ආචාර්ය මණ්ඩලය හොඳ බවද එම වාර්ථාවේ සඳහන් කර තිබුණා.රෝගීන්ගේ අඩුව විතරයි ප්‍රශ්නයක් වී තිබුණේ. එම නිසා සායනික පුහුණුව ලබාදීමේ ගැටළුවක් මතුව තිබුණා. මහජන සෞඛ්‍ය කඩුවෙලත්, අධිකරණය වෛද්‍ය විද්‍යාව අවිස්සාවේල්ලේත් ආරම්භ කළා. එම පුහුණුව ලබන දරුවන් වෙනුවෙන් රුපියල් 50,000.00 ක මුදලක් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා රජයට ගෙවනවා. නමුත් දැන් මෙම රෝහලේ රෝගීන් වැඩිවීමෙන් පසු සායනික පුහුණුව ලබා දෙන්නත් පුළුවන්. මහාචාර්ය රිස්ව් සෙරින්ඩීන් වාර්ථාවට අනුව කරුණු තුනම අංග සම්පූර්ණයි. තවද සයිටම් වෛද්‍ය පීඨය පුළුල් කිරීමටත් හිමිකරු එකඟ වී තිබෙනවා. මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට ජනාධිපතිවරයා මැදිහත්ව අදාළ පාර්ශව සමඟ සාකච්ඡා පැවැත්වූවා. අග්‍රාමාත්‍යවරයාද රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සමඟ සාකච්ඡා කලා. මමත් සහබාගි වුණා. මෙම ගැටලුව විසඳීම සඳහා ගත් ක්‍රියාමාර්ගවල ලිඛිත සාක්ෂි නොමැති බව එම සංගමය ප්‍රකාශ කළා. අද එම ලිඛිත සාක්‍ෂි මෙමඟින් දැකබලා ගත හැකියි.

සයිටම් අර්බුදයේදී වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ දේශපාලනික කරුණු යන අංශ දෙක කෙරෙහිම අවධානය යොමුකළ යුතුයි. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටියා. එහිදී වෛද්‍ය සභාව ප්‍රකාශ කළේ එවැනි ප්‍රමිතියක් නොමැති බවයි. උපාධි ප්‍රදානය කිරීම පිළිබඳවද විමසා තිබුණා. මෙම ගැටලුවලට විසදුම් ලබා දුන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. නමුත් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සකස් කිරීමට නොහැකි වුණා. මේ වන විට ප්‍රමිතිය සකස් කර තිබෙනවා. එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින්  භාෂාවලට පරිවර්තනය කිරීමෙන් පසු ගැසට් කරනවා. වෛද්‍ය අධ්‍යාපනයේ පමිතිය ලැබුණෙත් යහපාලන ආණ්ඩුවෙන්.

අපේ රටේ සරසවි අධ්‍යාපනයට වරම් හිමිකර ගන්නා සිසුන්ගෙන් 17% ක් පමණයි රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගන්නේ. 83% කට දොර වැහෙනවා. ඔවුන්ගෙන් 8% ක් විදේශීය අධ්‍යාපනය ලබනවා. ඉතිරි 75% සරසවි දොර හරින්න රජයට තනියෙන් සිදුකරන්න බැහැ. පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගත යුතුයි. රජයේ විශ්ව විද්‍යාලවල පීඨ, නේවාසිකාගාර රජය විසින් සංවර්ධනය කරනවා. වත්මන් රජය සෞඛ්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්නේ නැහැ.වෛද්‍යවරු, හෙද හෙදියන් ප්‍රමාණවත් නැහැ. ජනතාවගෙන් ලක්‍ෂයකට වෛද්‍යවරු 65 යි දැන් ඉන්නේ. එය වෛද්‍යවරු 250 දක්වා වැඩිකළ යුතුයි. එම නිසා වෛද්‍යවරු තුන් ගුණයකින් වැඩිකල යුතුයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත්තත් මෙහි කාර්ය මණ්ඩලයට ගැටළුවක් වන්නේ නැහැ. සේවය සුරක්‍ෂිතයි. අගෝස්තු 01 වනදා සිට වසරක අන්තර් කාලයක් ක්‍රියාත්මකයි. එම කාලය තුළ ප්‍රශ්න විසඳා ඔබලාගේ අයිතිය ආරක්ෂා කරනවා. මෙය උත්තුංග කාර්යයක්. දුම්කොළ භාවිතය ලංකාවෙන් තුරන් කිරීමට රජය විශේෂ වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ එම වැඩපිළිවෙල දියත් කලද හිටපු පාලකයා ඊට බාධා එල්ල කළා. දුම්පානයෙන් වසරකට 25, 000 ක් මිය යනවා. දරුවන් 25% ක්ද ඒ අතර සිටිනවා. අප්‍රාණික දුම්පානය හේතුවෙන්. යහපාලන රජය බිහිකිරීමෙන් පසු දුම්කොළ සඳහා බදු පනවා, දුම්වැටිවල රූපමය අවවාද 80% දක්වා වැඩි කළා. එවිට අපේ ඇතැම් අමාත්‍යවරු කිව්වා දුම්කොළ සමාගම වසාදමන්න වෙනවා කියලා. නමුත් ජනාධිපතිවරයා පැවසුවේ දුම්කොළ බදුවලින් රටේ ජනතාවට කන්න දෙන්න මං සූදානම් නැහැ කියලා. එම සෘජු ප්‍රතිපත්තිය නිසා තමයි ජනාධිපතිවරයාට ලෝකයම ගරු කරන්නේ. හොඳ ආත්ම ශක්තියක් තිබෙන නායකයෙක්.  මොන බාධක ආවත් රජය මෙම ගමන අඛණ්ඩවම ගමන් කරනවා. අන්තවාදී පක්‍ෂ දෙක මොනවා කිව්වත් අපට ප්‍රශ්නයක් නැහැ. දරුවන්ද බිලි දෙන්න හදනවා. සයිටම් වෛද්‍ය පීඨයත් දියුණු කරනවා. සිදුන්ට අවශ්‍ය සහයෝගය ලබාදෙනවා. මෙය අපේ රජයේ ප්‍රතිපත්තියයි. යයි පැවැසීය.

Leave A Reply

Your email address will not be published.