ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් ලෙස දයාසිරි ජයසේකර පත්කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී. අනුර යාපා, W.D.J. සෙනෙවිරත්න හා සුසිල් ප්‍රේමජයන්ත යන අමාත්‍යවරුන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවත් සඳහන් වේ.
පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම හා ගම මට්ටමින් යලි සංවිධාන කිරීමක් ඒ තුළින් බලාපොරොත්තු වන බවත් පැවසේ. එමෙන්ම ජනාධිපතිවරයාගේ එකගත්වය මත ඉදිරි දිනකදී මධ්‍යම කාරක සභාව කැඳවා දයාසිරි ජයසේකර ශ්‍රීලනිපයේ මහලේකම් ලෙස පත්කරනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.