topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නවසීලන්තය වමට හැරේ.

Screenshot_2017-10-20-10-04-25-01

ජසින්ඩා ආඩර්න්ගේ නායකත්වයෙන් වාමාංශයට ලැදි නව ආණ්ඩුවක් පිහිටුවීමට නවසීලන්තයේ ලේබර් පක්ෂය සූදානම් වෙයි.

තෙවසරක් නවසීලන්තයේ විපක්ෂනායක පදවිය හෙබැ වූ 37 හැවිරිදි ලේබර් පක්ෂ නායිකාව 1856 න් පසුව රටේ නායකත්වයට පත්වෙන ලාබාලම පුද්ගලයාය.

පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති මහ මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ අතර, ලේබර් පක්ෂය දෙවෙනි ස්ථානයට පත්විය.

ලේබර් පක්ෂයේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවකට එක්වීමට New Zealand First නම් කුඩා පක්ෂය එකඟතාව පළ කිරීමෙන් අනතුරුව ලේබර් පක්ෂය දැන් නව ආණ්ඩුවක් පිහිටුවීමට සැරසේ.

නවසීලන්තයේ හරිත පක්ෂය ද නව සන්ධානයට සහාය පළ කරයි.

සාර්ථක මැතිවරණ ප්‍රචාරයක් දියත් කිරීමට සහ දේශපාලන සම්මුතියක් ඇති කර ගැනීමේ සිය හැකියාව ජසින්ඩා ආඩර්න් (Jacinda Ardern) දැනටමත් ප්‍රදර්ශනය කර තිබේ.

එහෙත් දැන් ඇය මුහුණ දෙමින් සිටින්නේ නව අභියෝගවලටය.

ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ අර්බුදයේ දී තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක නිරතව සිටින බවට ඕස්ට්‍රේලියානු ආණ්ඩුව මීට ඉහතදී නවසීලන්ත ලේබර් පක්ෂයට චෝදනා කළේය. මේ තත්ත්වය යටතේ යළිත් වරක් ඕස්ට්‍රේලියාව සමග සබඳතා තර කර ගැනීම ඇය මුහුණ දෙන අභියෝගයකි.

එහෙත් ඒ සියල්ලටම වඩා බරපතලම අභියෝගය විය හැක්කේ නව සන්ධාන ආණ්ඩුව දිගටම පවත්වා ගැනීමය.

ජසින්ඩා ආඩර්න් අගමැතිවරිය යටතේ නව උප අගමැති ලෙසින් පත්වනු ඇතැයි අපේක්ෂිත වින්ස්ටන් පීටර්ස් (Winston Peters) හරිත පක්ෂය දැඩිව විවේචනය කරන්නෙකි. එහෙත් නව සන්ධාන ආණ්ඩුව පවත්වා ගැනීම පිණිස හරිත පක්ෂයේ සහාය අත්‍යවශ්‍ය සාධකයකි.

එබැවින් නව අගමැතිනියගේ දුෂ්කරම කාර්යය ඇරඹෙනු ඇත්තේ මෙවක් පටන්ය.

ජසින්ඩා ආඩර්න් යනු කවුද?

  • සිය තරුණ වියේ පටන්ම වාමාංශික දේශපාලනයේ නිරතව සිටියාය
  • බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ගේ දේශපාලන උපදේශිකාවක ලෙසින් ද කටයුතු කළාය
  • 2008 දී ඇය මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ 28 හැවිරිදි වියේදීය
  • පසුගිය ජුලි 31 වෙනි දින ලේබර් පක්ෂයේ නායකත්වයට පත්විය
  • අසමානතාව තුරන් කිරීම, පහසු මිලට නිවාස ලබාදීම සහ ශිෂ්‍ය ණය ගැටලුවට විසඳුම් මැතිවරණ පොරොන්දු අතර වේ
  • ස්ත්‍රීවාදය සහ මානසික රෝගීන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ හඬ නගන්නියකි
  • මුලදී මෝමන් (Mormon) ක්‍රිස්තියානු භක්තිකයෙකු වූ නමුත් එම නිකාය සමලිංගික විවාහයට එරෙහිවීම හේතුවෙන් ආගම අත්හැරියාය

ලේබර් පක්ෂයේ මූලිකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලැබීම “භාග්‍යයක් ලෙසින් සලකන” බව සන්ධාන සම්මුතිය නිවේදනය කිරීමෙන් අනතුරුව වාර්තාකරුවන් ඇමතූ ජසින්ඩා ආඩර්න් කියා සිටියාය.

සිය මැතිවරණ පොරොන්දු ඉටු කිරීම පිණිස උපරිම උත්සාහ දරන බවට ද ඇය ප්‍රතිඥා දුන්නාය.

සංක්‍රමණිකයන් වෙනුවෙන් වෙන් කර තිබෙන කෝටාව දැඩිව කප්පාදු කිරීමට සහ විදේශිකයන් රටේ දේපොළ මිලදී ගැනීම සීමා කිරීමට නව සන්ධානය කටයුතු කරනු ඇතැයි වාර්තාකරුවෝ පවසති.

(BBC )

Leave A Reply

Your email address will not be published.