topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විනයගරුක, ස්වෙච්ඡාවෙන් වැඩකරන මිනිස්සු ඉන්නේ ජවිපෙ පමණයි – ටිල්විල් සිල්වා.

JVP_Tilvin_Silva

රට හදන්න විනයගරුක, ස්වේච්ඡාවෙන්  වැඩකරන මිනිස්සු අවශ්‍ය බවත් එහෙම අය ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පමණක් බවත්  ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්විල් සිල්වා ප්‍රකාශ සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ ඊයේ පැවති “ජන පීඩික ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය” නමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ  උද්ඝෝෂණ පාගමන හා පිට කොටුවේදී පවතී උද්ඝෝෂණ රැලියට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප‍්‍රධාන ලේකම්වරයා,

අපි අද ජනතා විරෝධී පාගමනකින් කොටුවට ආවේ රනිල් වික‍්‍රමසිංහ-මෛතී‍්‍රපාල ආණ්ඩුවට සද්දෙන් කියන්න, ජන පීඩක ප‍්‍රතිපත්තිය වහාම නතර කරන්න කියලා. අපි අද රටපුරා වෙන වෙනම තිබුණු උද්ඝෝෂණ එකතු කරලා, ජනතා විමුක්ති පෙරමුණ වැඩකරන ජනතාව, ගොවියෝ, ධීවරයෝ, ශිෂ්‍යයෝ සියලූ දෙනා එකතු කරගෙන දැවැන්ත ඒකාබද්ධ විරෝධයක් කරන්න හැකි වුණා. අපි රනිල්ට මෛතී‍්‍රට කියනවා ජනතාවගේ විරෝධයට ඇහුම්කන් දෙන්න සූදානම් වෙයල්ලා කියලා. පහුගිය කාලේ ආණ්ඩුව පෙරළන්න ආව සමහර අය අරක්කු බීලා පිස්සු නටලා ආණ්ඩුවට සහයෝගය දුන්නු හැටි අපි දැක්කා. ඒවායින් ආණ්ඩු වෙනස් කරන්න බැහැ. රටවල් ගොඩනඟන්න බැහැ.

අපි වැඩපොළවල්වලට ගිහින් ජනතාව දැනුවත් කළා. ගොවිජනතාව, ධිවර ජනතාව දැනුවත් කළා. ශිෂ්‍යයෝ, තරුණයෝ දැනුවත් කළා. රටපුරා ජනතාව හම්බවෙලා දැනුවත් කිරීම් කළා. හැමතැනින්ම අපිට ලැබුණේ හොඳ ප‍්‍රතිචාරයක්. අද මේ විරෝධයට යාපනෙන්, මඩකලපුවෙන්, තී‍්‍රකුණාමලයෙන්, වවුනියාවෙන්, කිලිනොච්චියෙන් ජනතාව ඇවිත් ඉන්නවා, දකුණේ හම්බන්තොට, මොණරාගල ජනතාව වගේම. මේක මුළු රටම එකතු කරපු විරෝධයක්. ඒනිසා ආණ්ඩුවට අපි කියනවා මේ විරෝධය සුළුවෙන් තකන්න එපා! බඩු මිල අඩුකරපල්ලා කියලා. කෙහෙල්මල් මිල සූත‍්‍රය පැත්තක දාලා තෙල් මිල අඩුකරපල්ලා. බස් ගාස්තුව අඩුකරපල්ලා. ජීවන බර අඩුකරපල්ලා. නැත්නම් ඉතා ඉක්මනින් සිංහාසනෙන් බැහැලා යන්න ලෑස්ති වෙයල්ලා කියලා අපි ආණ්ඩුවට කියනවා.

අපි මේ ජනතා විරෝධය සූදානම් කළාට පස්සේ ආණ්ඩුවට වගේම රිදුන තවත් පිරිසක් ඉන්නවා. ඒ අය තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගෝලයෝ ටික. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් කරනකොට වැඩිපුර රිදෙන්නේ ඒ අයට. ඒනිසා පැහැදිලියි ආණ්ඩුව රකින්නේ කවුද කියලා. රුපියල් කෝටි ගණන් හොරකම් කරපු, අල්ලස් කොමිසමේ නඩු වැටුණු, රත්තරං මාල කඩාගත්ත හාදයෝ මාධ්‍ය සාකච්ඡුා පවත්වලා කිව්වා ජවිපෙ විරෝධතාවයට ආණ්ඩුව උදව් කරනවා කියලා. ඒගොල්ලන්ට නම් ආණ්ඩුව ඕනෑතරම් උදව් කරලා තියෙනවා. පට්ටපල් බොරු කියලා, ජනතා විරෝධී සැර බාල කරලා, ආණ්ඩුවට වාසි සලසන්න උත්සාහ කළේ කවුද කියලා ජනතාව පැහැදිලිව දන්නවා. ඒ හැමෝම එකම කණ්ඩායමේ කට්ටිය. පාට වෙනස් වුනාට එක අත්තේ ලගින කුරුල්ලෝ. දෙගොල්ලක් විදිහට මාරුවෙන් මාරුවට මේ රටේ ජනතාව රවට්ටපු අපකීර්තිමත් ඉතිහාසය වසර 70ක ඉතිහාසයේ නවත්තලා අලූත් යුගයක් ආරම්භ කළ යුතුයි. එම අලූත් යුගයක් ආරම්භ කරන ජනතා බලය තමයි අද මේ රැුස්වෙලා ඉන්නේ.

අද රුපියල වේගයෙන් කඩා වැටෙනවා. නවත්වන්න කවුරුත් නැහැ. මාස්පතා තෙල් මිල වැඩිකරනවා. බස් ගාස්තු, දුම්රිය ගාස්තු, බඩු මිල වැඩිවෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය ජනතාවට බරක් වෙලා. ජනතාව ජීවත් වන්නේ අමාරුවෙන්. ආණ්්ඩුවේ නායකයෝ බොරු පම්පෝරු ගහනවා. සංවර්ධනය ගැන නන්දොඩවනවා. හොරුන්ට රැුවටුන කාලය ඉවරයි. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ විද්වතුන්, වෘත්තිකයන්, බුද්ධිමතුන්, වෘත්තීයවේදීන්, වැඩකරන ජනතාව ඇතුළු සියලූ බලවේ එකතුකර ගනිමින් අලූත් දේශපාලන ගමනකට අඩිතාලම දාලා තිබෙනවා. රට වෙනුවෙන් ප‍්‍රතිපත්තියක් සකස් කරමින් තිබෙනවා. ඒ වෙනුවෙන් බලවේග එකතුකරමින් ඉන්නවා. අනෙක් පැත්තෙන් පාරට බැහැලා උද්ඝෝෂණ කරනවා. මේ රට හදන්න ශක්තිමත් ප‍්‍රතිපත්තියක් ඕනෑ. ඒවගේම ඒ ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නංවන්න ජනතාවාදී දේශපාලන බලවේගයක් ඕනෑ. අද කවුරුත් කියනවා, රට ගොඩනගන ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නඟන්න පුළුවන් එකම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ පමණයි කියලා.

රටක් හදන්න බෑ හොඳ මිනිස්සු නැතිව. අද අපේ රටේ විනය පිරිහිලා. සදාචාරය පිරිහිලා. අවංකකම නැතිවෙලා. මේ රට හදනවා නම් හදන්න විනයගරුක මිනිස්සු ඕනෑ. සංවිධානාත්මක වැඩකරන මිනිස්සු ඕනෑ. ස්වේච්ඡුාවෙන් වැඩකරන මිනිස්සු ඕනෑ. කැප කරන්න පුළුවන් නායකයෝ, පක්ෂ සාමාජිකයෝ ඕනෑ. එහෙම හිතුවොත් අපේ රට හදන්න පුළුවන් සුදුසුකම් තිබෙන බලවේගය අද මෙතෙන්ට රැුස්වෙලා ඉන්නේ. අද මෙතනට කවුරුවත් බත් පැකට් එක වෙනුවෙන් ආවේ නැහැ. අරක්කු භාගය ඉනේ ගහගෙන ආවේ නැහැ. මෙතෙන්ට ආපු කවුරුවත් සල්ලි බලාපොරොත්තුවෙන් ආවේ නැහැ. මේ රට වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් මිනිස්සු තමයි අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. රට වෙනුවෙන් අපේ ජීවිත ඉල්ලනවා නම් ජීවිතේ දීල හරි කැපකිරීම් කරන්න පුළුවන් අය තමයි අද මෙතෙන්ට රැුස්වෙලා ඉන්නේ. මේ බලවේගය පස්සට තල්ලූ කරන්න පුළුවන් පරාජයට පත්කරන්න පුළුවන් වෙන කිසිදු බලවේගයක් ලංකාවේ නැහැ. රනිල්ට-මෛතී‍්‍රලට මේ බලවේගය පරද්දන්න පුළුවන්කමක් නැහැ. මහින්ද රාජපක්ෂලාට මේ බලවේගය එක්ක හැරෙන්නවත් බැහැ. අපි ඒ හැමෝටම කියනවා උද්ඝෝෂණ ගැන ඉගෙන ගන්න ඕනෑ නම් ජනතා විමුක්ති පෙරමුණ දිහා බලන්න කියලා. විනය ඉගෙන ගන්න ඕනෑ නම් ජනතා විමුක්ති පෙරමුණ දිහා බලන්න කියලා.

වසර 70ක් මාරුවෙන් මාරුවට ජනතාව රවට්ටලා බලයට ආවා. මේ කොල්ල කල්ලි දෙකම එකට තියලා පරද්දන්නේ නැතිව මේ රටට ගමනක් නැහැ. ඒ කොල්ල කල්ලි දෙක පරද්දන්න ජනතා බලවේගයක් ඕනෑ. ඒ බලවේගය අපි හදමින් ඉන්නවා. ධෛර්ය, ශක්තිය, විශ්වාසය රැුගෙන අපි ගමෙන් ගමට යමු. අපි මේ සටනට පණ පොවමු. ප‍්‍රාදේශීය සභාවේ, ගොවි බිමේ, වැඩපළේ, විශ්වවිද්‍යාලයේ සටනට පණ පොවමු. මේ ආණ්ඩුව එළවා දමන්න පුළුවන් බලවේගය අපි ගොඩනඟමු. රට ගොඩනඟන්න පුළුවන් කැප වෙන්න පුළුවන් ස්වේච්ඡුාවෙන් වැඩ කරන්න පුළුවන් වැටුප් නොගෙන රට හදන්න පුළුවන් බව ඔප්පු කරපු මිනිස්සු සමගින් මේ ගමන යනවා.

අපි මේ යන ගමනට අත්වැල් බැඳගත්ත විශාල පිරිසක් ඉන්නවා. විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, වෘත්තීයවේදින්, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, කලාකරුවෝ, නීතිවේදී ඇතුළු විශාල පිරිසක් අපිත් එක්ක අත්වැල් බඳගනිමින් ඉන්නවා. අද පටන් ගත්ත මේ සටන ජයග‍්‍රහණයෙන් කෙළවර කරන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් තිබෙනවා. මෙතනට රැුස්වෙලා ඉන්න ජනතාව දිහා බැලූවාම අපිට විශ්වාසයි ඔබ ඔබේ දෑත්වලින්, ඔබේ ධෛර්යයෙන් අපේ මාතෘ භූමියේ ඉරණම වෙනස් කරන බලවේගය බවට පත්වෙනවා කියලා. අපි නැවත වරක් මේ ආණ්ඩුවටත්, ආණ්ඩුවට කඬේ යන අයටත් කියනවා ජනතාව පීඩාවට පත්කරන එක වහාම නතර කරන්න කියලා. ආණ්ඩුවේ වංචාව-දූෂණය නතරක කරන්න කියලා. හුරතල් කරන හොරුන්ට නීතිය කි‍්‍රයාත්ම කරන්න කියලා. එහෙම කරන්න බැරි නම් ආණ්ඩුවට ගෙදර යන්න ලෑස්ති වෙන්න කියලා. ජනමතයට ගරු කරපල්ලා කියලා ආණ්ඩුවට කියනවා. ඒ වගේම මේ දුෂ්ට පාලය ඉවර කරලා නව සමාජයක්, මිනිස්සුන්ට මිනිස්සු වගේ ජීවත්වෙන්න පුළුවන් හොඳ සමාජයක්, සමාජවාදී ප‍්‍රතිපත්ති සහිත ප‍්‍රගතිශීලී ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක් ගොඩනැගීම සඳහා සියලූ බලවේක එකතු කරගෙන සටනට සූදානම් වෙමු කියලා අපේ රටේ සියලූම ජනතාවට ආරාධනා කරනවා යැයි පැවසීය.

JVP_04

Leave A Reply

Your email address will not be published.