topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

”ජනමතය” යනු -මුදල් බලය, මාධ්‍ය බලය, මැරබලය, දේශපාලන බලය යොදාගෙන ගොඩනගන දෙයක් -පෙරටුගාමින් කියයි

Election 55
”ජනමතය’’ යනු නිරායාසයෙන් ජනතාව තුළ පවතින දෙයක් නොව එය මුදල් බලය, මාධ්‍ය බලය, මැරබලය, දේශපාලන බලය යොදාගෙන ගොඩනගන ලද්දක්  බවත් , ජනමතය ගොඩනැගීම සඳහා මහජන මනස සේදීම(මොළ සේදීම) සඳහා මේ යුගය තුළ ප‍්‍රමුඛ ලෙස ජනමාධ්‍ය කටයුතු කරනු ලබන බවත් . සාමාන්‍ය කාලයක් තුළත් ජනමතය යනු එවැන්නක් නම් එය මැතිවරණ කාලය තුළ තවත් තිව‍්‍ර වනවා මිස අන්යමක් සිදුවනනොවන බවත් . ඒ නිසාම මැතිවරණයක් අවසානයේ ඉදිරිපත්වන ඡන්ද ප‍්‍රතිඵලය සකසන ලද, කෘත්‍රිමව නිර්මාණය කරන ලද ජනමතයක ප‍්‍රකාශනයක් යැයි කිව හැක යයි   සදහන් කරමින් 2018 පළාත් පාලන මැතිවරණය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරය පිලිබදව නිවේදනයක්   නිකුත් කර ඇත. එම නිවේදනය පහතින්
2018 පළාත් පාලන මැතිවරණය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරය
මැතිවරණ ප‍්‍රතිඵලය යනු ජනමතය ප‍්‍රකාශ වන අවස්ථාවක් යැයිද මැතිවරණ යනු ජනමතය මනින මෙවලමක් යැයිද සාමාන්‍ය මතයක් පවතී. එහෙත් එය සත්‍යයක් නොවන බව විචාරශීලීව බලන  ඕනෑම කෙනෙකුට පැහැදිළි වනු ඇත. අප ජීවත් වන සමාජය තුල ‘‘ජනමතය’’ යනු නිරායාසයෙන් ජනතාව තුළ පවතින දෙයක් නොව එය මුදල් බලය, මාධ්‍ය බලය, මැරබලය, දේශපාලන බලය යොදාගෙන ගොඩනගන ලද්දක්ය. ජනමතය ගොඩනැගීම සඳහා මහජන මනස සේදීම(මොළ සේදීම) සඳහා මේ යුගය තුළ ප‍්‍රමුඛ ලෙස ජනමාධ්‍ය කටයුතු කරනු ලබයි. සාමාන්‍ය කාලයක් තුළත් ජනමතය යනු එවැන්නක් නම් එය මැතිවරණ කාලය තුළ තවත් තිව‍්‍ර වනවා මිස අන්යමක් සිදුවන්නේ නැත. ඒ නිසාම මැතිවරණයක් අවසානයේ ඉදිරිපත්වන ඡන්ද ප‍්‍රතිඵලය සකසන ලද, කෘත්‍රිමව නිර්මාණය කරන ලද ජනමතයක ප‍්‍රකාශනයක් යැයි කිව හැක.
එහෙත් මැතිවරණයක් තුළ හා ඊට පෙර සිදුකරන විශේෂ ප‍්‍රචාරක වැඩපිළිවෙළක් හරහා වාම මතයක් සමාජ ගත කළ නොහැකි යැයි මින් අදහස් නොවේ. එමෙන්ම සැලකිය යුතු උත්සාහයකින් පසුව, යම් මහජන ප‍්‍රතිචාරයක් මැතිවරණ තුළ වාමාංශික ව්‍යාපාරයන්ටද ලබාගත හැක. එහෙත් එහි පවතින සීමා සහිත බව පිළිබඳ අවබෝධයක් පැවතිය යුතුය.
එමෙන්ම වාමාංශික පක්ෂ මැතිවරණ හා නියෝජිත ආයතන වලට සහභාගී වීම (පාර්ලිමේන්තුව, පළාත් සභා, පළාත් පාලන) පිළිබඳ සිය ස්ථාවරය සකසාගැනීමේ දී ඉතිහාසය තුළ විශාල අත්දැකීම් ලබා ඇති බවද අප ඒවා මත පදනම් විය යුතු බවද අමතක නොකළ යුතුය. ලංකාව තුළ ද ජාත්‍යන්තර දේශපාලනය තුළ ද මැතිවරණ හා නියෝජිත ආයතන පිළිබඳ මැදිහත් වන්නේ කෙසේද යන්න පිලිබඳ ප‍්‍රමාණවත් තරම් උදාහරණ හමුවේ. නියෝජිත ආයතනයක් සඳහා පැවැත්වෙන මෙවැනි තරඟ වාමාංශික ව්‍යාපාරය සිය දේශපාලන අරගලයේ ප‍්‍රධාන හෝ එකම සටන් බිම බවට පත්නොකර ගත යුතුය. එමෙන්ම ඒවා ජනමතයට මැදිහත්වීමේ අවස්ථාවක් ලෙස එය භාවිතා කළ යුතු අතර යම් නියෝජනයක් ලබාගත හැකිනම් ඊට ද උත්සාහ කළ යුතුය.
අපගේම දේශපාලන ඉතිහාසය තුළ මැතිවරණයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙමින් නියෝජිත ආයතන පිළිබඳ දැඩි බලාපොරොත්තු දෙමින් ඒ මත මුළු සාමාජික හා සමාජ මානසිකත්වය ගොඩනගමින් කරන ලද දේශපාලනය පිළිබඳ අපට ස්වයං විවේචනයක්ද ඇත. එමෙන්ම නියෝජිත ආයතන තුළ ඇති කාර්යභාරය පමණට වඩා අතිශයෝක්තියට නගමින්ද අවසානයේ අපද එහිම උගුලක් වෙමින්ද පසුකරන ලද දේශපාලන අත්දැකීම් අපගේ ඉතිහාස භාවිතාව තුළ පමණටත් වඩා ඇත. ඒ නිසාවෙන් එළඹෙන සෑම මැතිවරණයකටම ඉදිරිපත්වෙනවා වෙනුවට තෝරා බේරාගෙන දේශපාලන උද්ඝෝෂණයේ හා ප‍්‍රචාරණයේ අවස්ථාවක් ලෙස ජනතාවට අධ්‍යාපනය ලබාදීමේ අරමුණෙන් මැතිවරණය යොදාගත යුතුය යන්න අපගේ ස්ථාවරයයි.
වත්මන් තත්වය සැලකුවහොත්, 2018 වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට රටේ ඉදිරිගමන පිළිබඳ තීරණාත්මක සංඥාවක් නිකුත් කරන බව පැහැදිළිය. ශි‍්‍රලනිප බෙදීම, එජාපයේ කඩවුණු පොරොන්දු, ජවිපෙ දෙබිඩි දේශපාලනය මැතිවරණය ඉදිරියේ පරීක්ෂාවට ලක්වීමට නියමිතය. එමෙන්ම මෙම සෑම දේශපාලන ව්‍යාපාරයක්ම 2020 සිය බලපොරයේ ආරම්භක ලක්ෂය ලෙස මෙම මැතිවරණය සලකන බව පෙනේ. සාමාන්‍යයෙන් ‘‘ගමේ ඡන්දය’’ ලෙස හැදින්වූ පළාත් පාලන මැතිවරණය වැඩි වශයෙන් ප‍්‍රාදේශීය කරුණුවලට සීමා වුණ දෙයක් වුවද මෙවර එහි වෙනසක් සනිටුහන් කරමින් මැතිවරණය තුළ ගොඩනැගෙන සංවාදය සැලකිය යුතු දුරකට ජාතික දේශපාලන සංවාදය දෙසට තල්ලූවනු ඇත.
මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ වසර 3 ක ප‍්‍රමාදයකින් පසුවය. විවිධ තාක්ෂණික හේතු පැවසුවද, ශි‍්‍රලනිප කණ්ඩායම් දෙකද, එජාපයද, කොටින්ම ජවිපෙ පවා මැතිවරණයට තිබූ අකැමැත්ත මෙම කල්යාමට බලපෑ බව පැහැදිළිය. කෙසේවුවත් අවසානයේ මෙම මැතිවරණය හරහා නව මැතිවරණ ක‍්‍රමයක් අප ඉදිරියට ගෙනවිත් ඇත. මෙම මැතිවරණ ක‍්‍රමය පැහැදිළිවම කුඩා දේශපාලන ව්‍යාපාර පිටියෙන් එළියට ඇද දැමූ එකකි. මෙම මැතිවරණයේදී මුළු රටටම, එනම් සියලු පළාත් පාලන ආයතන වලට ඉදිරිපත්වන පක්ෂයකට සභික ධුර 8356ක් වෙනුවෙන් අපේක්ෂකයන් 9379ක් ඉදිරිපත් කිරීමට සිදුවේ. මෙවර නව ක්‍රමයට අනුව මෙතෙක් පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා 3870කින් වැඩිවී තිබේ. ඒ අනුව මුළු රටටම ඉදිරිපත් වන පක්ෂයකට ඇප මුදල් ලෙස රුපියල් 1,40,00,000ක් හෙවත් ලක්ෂ 140ක් හෙවත් රුපියල් කෝටි එකහමාරක් පමණ වියදම් කිරීමට සිදුවේ.
එය එජාපයට හෝ ශ‍්‍රිලනිපයට ගැටළුවක් නොවන බව පැහැදිළිය. ඔවුන්ට ඇප මුදල් සොයාගැනීමට එක් දුරකථන ඇමතුමක් ප‍්‍රමාණවත්ය. එමෙන්ම ඔවුන්ගේ නියෝජිතයින් නම් කිරීමේදි සිය දේශපාලන ප‍්‍රතිපත්ති ඉදිරිපත් කිරීම හැකියාව, ඒවා වෙනුවෙන් පෙනී සිටීම හා සමාජයේ යම් දුරකට හෝ ජීවන ආදර්ශනයන් සහිත අයෙක් වීම යන්න අදාළ නැත. ඔවුන්ගේ පනිවිඩය ඉතාම සරළ එකකි. එය එක් හෝ තවත් එකෙකුගේ දෑත් ශක්තිමත් කිරීම විය හැක. එහෙත් යම් ප‍්‍රතිපත්තියක් මත මැතිවරණයට ඉදිරිපත් වන එම ප‍්‍රතිපත්තිය මැතිවරණය තුළ ඉස්මතුකිරීමට බලාපොරොත්තු වන දේශපාලන ව්‍යාපාරයකට, එය සරළ නොවන අභියෝගයකි. යම් මැතිවරණ කොට්ඨාශයකට, ලැයිස්තු සැකසීමේදී ඉදිරිපත් වෙන අපේක්ෂකයන් ප‍්‍රමාණය 30, 40, 50, 60 තරම් විශාල සංඛ්‍යාවක් වීමේ දී යම් හෝ ගුණාත්මක මට්ටමක් සහිත අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම පිළිබඳ අභියෝගයකට මුහුණ දේ. එය ජනතාවට මෙසේ විවෘතව ඉදිරිපත් කළ යුත්තේ සහ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ ක්‍රම සංශෝධනය පිලිබඳ සමාජ සංවාදයක් ගොඩ නැගිය යුත්තේ එය මෙම පනත් සැකසූවන්ට සිදුවූ අත්වැරැද්දක් නොවන නිසාය. එය දේශපාලන පක්ෂ නිල වශයෙන් තහනම් නොකර සිදුකළ අනියම් තහනම් කිරීමක් නිසාය. එදා ජයවර්ධන යුගයේ ජේ. ආර්. ජයවර්ධන සෘජුව සිදුකළ දේම මේ හවුල් ආණ්ඩුව වෙනත් අයුරකින් සිදු කර ඇත.
මෙම පැහැදිළි කිරීමට අයෙක් ප‍්‍රතිවිරුද්ධව විමසිය හැක්කේ එසේනම් ජවිපෙ ඉදිරිපත් වන්නේ කෙසේද කියාය. දැනටමත් ජවිපෙ පුවත් පත් දැන්වීම් පවා දමමින් වෙනත් පක්ෂවල නාමයෝජනා නොලබන අපේක්ෂකයින් පවා සිය ලැයිස්තුවලට කැඳවා ඇත. එය සාමාන්‍යයෙන් එජාපය හා ශි‍්‍රලනිප පවා නොකරන දෙයකි. සතියකට පෙර වෙනත් දේශපාලන පක්ෂයක සිටි අයෙක් මැතිවරණ මාසයට සිය පක්ෂය සඳහා කුළියට ගැනීම හරහා පෙන්නුම් කරන්නේ ඔවුන් ජනතාව සමඟ සිදුකිරීමට යන ගණුදෙනුව පිළිබඳ ඔවුන්ගේ වගවීම බව ජනතාව හඳුනාගත යුතුය. ජවිපෙ ඉතිහාසය තුළම විවිධ මහජන නියෝජිතයින් පක්ෂය හැරයාම විසින් බැට කන ඉතිහාසයක් තිබේ. එවැනි පක්ෂයක් මෙවැනි තීරණයකට එළඹීම මවිතය දනවන සුළුය. එහෙත් එය එක් පැත්තකින් ඉතාම සාමාන්‍ය දෙයක් වන්නේ 2020 ජයග‍්‍රහණය සඳහා ඔවුන් විසින් ඔවුන්වම පත්කරගෙන තිබෙන ස්වයං මෝහනය දෙස බැලූ විටය. කෙසේ වුවත් මෙම මැතිවරණ ක‍්‍රමය ඉතාමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී එකක් යැයි ආවැඩූ දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු තවත් පක්ෂ බිම් මට්ටමේ කුඩා දේශපාලන ව්‍යාපාර අතුගා දැමීමේ හා තමන්ම එහි ගොදුරක් බවට පත්වීමේ ක‍්‍රියාමාර්ගයක් පිළිබඳ ඉතිහාසය ලියමින් සිටී.
අනෙක් අතට මෙම මැතිවරණ ක‍්‍රමය පිළිබඳ ප‍්‍රශස්ති ගී ගැයූ ලිබරල්වාදීන් ඉදිරිපත් කළ ‘ගම්වල ප‍්‍රජානායකයින් නියෝජිතයන් ලෙස තරඟ බිමට කැඳවීම’ පට්ටපල් බොරුවක් බවට පත් වී ඇත. ස්වාධීන අපේක්ෂකයකුට රු. 5000 ක් ඇප තැබීමට සිදුවීමත් එවැනි කණ්ඩායමක් සඳහා සාමාන්‍යයෙන් රු. ලක්ෂ 2 ක පමණ මුදලක් ඇප මුදල් ලෙස වැය කීරිමට සිදු වීමත් යන පදනම විසින් එවැනි ප‍්‍රවේශයකට සිදුව ඇති බාධාව පැහැදිළිය. ප‍්‍රජානායකයින් ඉදිරිපත් වනවානම් ඔවුන් තමන් විසින් ප්‍රතික්ෂේප කරන දූෂිත දේශපාලන පක්ෂවල ලැයිස්තුවලින්ම පැමිණිය යුතුය යන්න මෙහි ඇති සරල පණිවිඩයයි.
කෙසේ වුවත් මෙම මැතිවරණ බල පොරය මැද වත්මන් පාලක කණ්ඩායම රටත් ජනතාවත් රැගෙනයාමට සූදානම්වන ඉතාම බියකරු අනාගත ඉරණම  පිළිබඳ මෙම මැතිවරණය තුළ සිටම මහජන අවධානය යොමු කළ යුතු බවත් පොදු ජනතාව ඊට එරෙහිව සංවිධානය කළ යුතු බවත් අපගේ ස්ථාවරය වී ඇත. මැතිවරණ ක‍්‍රමය තුල සකසා ඇති ඉහත බාධක විසින් අපට මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබුණද මැතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් නොකර හෝ වත්මන් පාලක කණ්ඩායමේ මෙම විනාශකාරී ගමන පිළිබඳ පුළුල් ජනතා අවබෝධයක් සැකසීමටත් ඒ වටා ඔවුන් සංවිධානය කිරීමටත් අප තිරණය කර ඇත. එහිදී ‘‘නොරැවටෙමු, නැගී සිටිමු’’ යන තේමාව ඔස්සේ පුළුල් ප‍්‍රචාරක උද්ඝෝෂන ව්‍යාපාරයක් දියත් කිරීමට දැනටත් සැලසුම් සකස්කර ඇත. දිස්ත‍්‍රික් රැළි, ප‍්‍රදේශීය රැස්වීම්, ජනහමු, ගෘහස්ත සාකච්ඡා, ජංගම ජනහමු, වීදි නාට්‍ය, වීදි ගීත, කවිකොළ ආදී ක‍්‍රම යොදාගෙන රටපුරා සිදු කරන ප‍්‍රචාරක ව්‍යාපෘතියක් පෙසප මඟින් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
පසුගිය අයවැය හරහාත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා කර තිබෙන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හරහාත්, ඉන් පෙර වරින් වර ඉදිරිපත් කළ ආණ්ඩුවේ ඉදිරි දර්ශනය හරහාත්, මෙරට ජනතාව රැගෙනයාමට සිටින්නේ ඉතාම බිහිසුණු අනාගතයකට බව පැහැදිලිය. අධ්‍යාපනය, සෞඛ්‍ය, විශ‍්‍රාම වැටුප්, වැඩිහිටි දීමනා වැනි සමාජ සුබසාධනයන් මුළුමනින්ම උදුරාගැනීමටත්, රාජ්‍ය ආයතන හා මහජන දේපල සියල්ලම පාහේ වෙන්දේසි කිරීමටත්, ශ‍්‍රමබලකායේ වැටුප් හා සේවා කොන්දේසි විවිධ රටවල් සමඟ ඇති කරගන්නා ගිවිසුම් හරහාත් කම්කරු නීති සංශෝධනය හරහාත් උදුරාගැනීමටත්, සෙස් බද්ද ඉවත්කිරීම හරහා මෙන් වෙළඳගිවිසුම් හරහා දේශීය සුළු කර්මාන්ත කරුවාගේ ආර්ථිකය විනාශ කිරීමටත්, ඉඩම් පනත් හරහා ගොවි ජනතාවගේ ඉඩම් උදුරාගැනීමටත්, බහුජාතික සමාගම් හා ධනකුවේරයන් සතුටු කරන දේශපාලකයින්ට කොමිස් උපදවන මහා දැවැන්ත පරිසර සංහාරයක් සිදුකරන මෙගා ව්‍යාපෘති හරහා ආර්ථික තලයේ බරපතල උගුලක ජනතාව ඇදමමින් සිටී. අයවැය සම්මතවීමට දිනකට පෙර මූල්‍ය අරමුදල සිය තුන්වැනි ණය වාරිකය සම්මත කිරීම හරහා සියමනදොල සපුරාගත් බව පැහැදිලී කරුණකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳවද දුන් පොරොන්දුවලට පයින් ආණ්ඩුව පයින් ගසා ඇත. අතුරුදහන්වුන් පිලිබඳ සත්‍යය හෙළිදරව් කිරීම, දේශපාලන ඝාතනයන්ට යුක්තිය ඉටුකිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වැනි ප‍්‍රශ්න පාලකයන්ට අදවන විට වහකදුරු මෙන් වී ඇත. එදා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය ගැන මොරදුන් අය අද සැඟවුණු අමුත්තන් බවට පත් ව ඇත. ඒ වෙනුවට ජනතාවගේ ජීව දත්ත පවා රැස්කරන ලෝකයේ විවිධ රටවලදී විවේචනයට ලක්වූ ඊ හැදුනුම්පත වැනි මර්දන පනත් සම්මත කර ඇත. ජාතීන් අතර විරසකය දුරලීම වෙනුවට එය තවත් දළු ලා වැඩෙන දේශපාලන ප‍්‍රවේශයන්ට ඉඩකඩ තබා ඇත. දෙමල හා මුස්ලිම් ජාතික ප‍්‍රජාවන්ට අයත් සුවිශේෂී ගැටළු විසඳීම සඳහා ප‍්‍රවේශයක් නැත.
මෙම වැඩපිළිවෙළට එරෙහි ප‍්‍රතිවාදින්ද එබඳුම අපුර්ව පිරිසකි. දෙමළ ජාතික සන්ධානය විපක්ෂ නායක ධුරයද දරමින් ගෙවුණු වසර තුනක් තිස්සේ ඉදිරිපත් වූණු ආණ්ඩුවේ සියලූ පනත් වලට අත ඔසවමින් ඉතිහාසගත වන විපක්ෂනායක භූමිකාවක් රඟදක්වා ඇත. ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය කිසිඳු ප‍්‍රතිපත්තිමය පදනමකින් ගොඩනැගෙන්නක් නොවන අතර ඔවුන්  සෑම විටම ජාතිවාදය තුරුළට ඇදීයන විවේචන ඉදිරිපත් කිරීම හරහා ආණ්ඩුවට තමන්ගේ කටයුතු පහසු කර දී ඇත. මූල්‍ය අරමුදලේ ඉහත ප‍්‍රතිපත්තිමය ප‍්‍රවේශයන්ට ඔවුන්ගේ විරෝධය මතුවන්නේ තාක්ෂණික කාරණා මුල්කරගෙනය. නැතිනම් ජාතිවාදී මූලය පදනම් කරගෙනය. ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂයේ එකම අභිප‍්‍රාය වංචා දුෂණ නැවැත්වීම බව ප‍්‍රදර්ශනය කරමින් ඒ මත්තේම ගැටෙන දේශපාලනය ව්‍යාපාරයක් බවට පත්ව ඇත. අනෙක් අතට ආණ්ඩුව අසීරු තත්ත්වයකට පත්වන  ඕනෑම මොහොතක එය බේරාගැනීමට ඔවුන් ඉදිරිපත් වේ.  ජනතාවට විනාශකාරී වන බොහෝ අනපනත් පිළිබඳ ඔවුන්ගේ විවේචනය ඒකාබද්ධ විපක්ෂයටත් වඩා දුර්වලය.
මේ තත්ත්වය ඉදිරියේ රටේ ජනතාව රැවටීමෙන් ගලවාගැනීමටත්, අධිරාජ්‍යවාදයට එරෙහිව, සමාජ සාධාරණත්වය, සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමානාත්මතාවය වෙනුවෙන් නැගීසිටීමටත් සුදානම් කල යුතුව ඇත. ඒ සඳහා මෙම මැතිවරණයේ සිට ‘නොරැවටෙමු නැගී සිටිමු’ යන තේමාව යටතේ රට පුරා ජනතාව දැනුවත් කිරීමේ හා සංවාධානය කිරීමේ වැඩපිළිවෙළකට, අවතීර්ණය වන්නෙමු. ඒ සඳහා අධිරාජ්‍ය විරෝධී, ප‍්‍රගතිශීලී, ප‍්‍රජාතන්ත‍්‍ර ලැදි සියලූ බලවේගයන්ට අප වටා පෙළගැසෙන ලෙස ඉල්ලා සිටිමු.
දේශපාලන මණ්ඩලය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2017 දෙසැම්බර් 17

Leave A Reply

Your email address will not be published.