topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලීසිය කැලේට,ආණ්ඩුව නිහඩයි.

ඉහළ මට්ටමේ ඇතැම් පොලිස් නිලධාරීන් විසින් සිදු කරනු ලබන සාපරාධී ක්‍රියා ශ්‍රී ලංකාවේ සමස්ත පොලිස් සේවය දුෂ්කර තත්වයකට පත් කරන බව ආසියානු මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

‘හොංකොං’ මූලස්ථාන කරගත් ආසියානු මානව හිමිකම් කොමිසම එම ප්‍රකාශය නිකුත් කරනු ලැබ තිබෙන්නේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ (දැනට වැඩ තහනම් කරනු ලැබ ඇත ) අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගනිමින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීම මුල්කර ගෙනයි.

ශ්‍රී ලංකාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කෙරුණ යාපනයේ පුංකුඩුතිව්හි ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය දූෂණය කොට මරා දමනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලද ස්විස් කුමාර් නමැත්තාට පළායාමට උදව් කිරීමේ චෝදනා යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

විද්‍යා සිවයෝගනාදන් මරා දැමීමට එරෙහිව වීදිබැස සිටි පාසල් දරුවන්
විද්‍යා සිවයෝගනාදන් මරා දැමීමට එරෙහිව වීදිබැස සිටි පාසල් දරුවන්

එම තත්වය විශ්ලේෂණය කරමින් ආසියානු මානව හිමිකම් කොමිසම මගින් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇති අතර, ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන්ගේ හැසිරීම නිසා පහළ ශ්‍රේණිවල නිලධාරීන් පාලනය කර ගැනීම අතින් ශ්‍රී ලංකා පොලිස් සේවයට දුෂ්කර තත්වයක් උදා කරනු ඇතැයි එම කොමිසමේ විධායක අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු  කියා සිටියි.

” යාපනයේ විද්‍යා දැරිය දූෂණය කොට මරා දැමීම සම්බන්ධයෙන් සැක කෙරෙන ප්‍රධාන චූදිතයාට රැකවරණ සැලසීම, උදව් දීම සහ පළා යාමට අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් සේවයේ ඉතා ඉහළ නිලධාරියකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. ඉදිරිපත්ව ඇති චෝදනාවලට අනුව ඔහු සිදු කර තිබෙන්නේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්” ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂවරයා පවසයි.

ඉහළ නිලධාරීන් විනය කඩකරන විට පහළ නිලධාරීන් පාලනය දුෂ්කර බව ආසියානු මානව හිමිකම් කොමිසම පවසයි
ඉහළ නිලධාරීන් විනය කඩකරන විට පහළ නිලධාරීන් පාලනය දුෂ්කර බව ආසියානු මානව හිමිකම් කොමිසම පවසයි

“වැඩ තහනම් කරනු ලැබ සිටින පොලිස් නිලධාරියාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා බලන විට ඒවා දණ්ඩ නීති සංග්‍රහයේ 209 වැනි වගන්තිය අනුව බරපතළ දඬුවම් නියම කළ වැරදි කීපයක්. අපරාධ චෝදනා ලැබ සිටින්නකුට උදව් වීම රැකවරණ සැලසීම, සැඟවීම සහ පළා යාමට උදව් කිරීම පුද්ගලයකු වසර පහක සිර දඬුවමක් සහ දඩ මුදලකට යටත් කිරීමට හේතු විය හැකියි” නීතිඥ බැසිල් ප්‍රනාන්දු කියා සිටියි.

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් තවත් දෙදෙනෙක් මේවනවිට අපරාධ චෝදනා ලැබ ඇති නමුත් ඔවුන් චූදිතයන් කෙරෙන විට එම ධූරයේ කටයුතු කරමින් නොසිටි අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ තනතුර උසුලමින් සිටියදී බව ආසියානු මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙයි.

“මෙය තනතුර දරමින් සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සාපරාධී චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලද පළමු අවස්ථාවයආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දුසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා පොලිස් සේවය රට තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේ මූලික ආයතනය වන අතර, අපරාධ සිදු කරනු ලැබීම වැළැක්වීම සහ අපරාධ විමර්ෂණය එම ආයතනයේ මූලික කාර්යභාරය වන බව පෙන්වා දෙන ආසියානු මානව හිමිකම් කොමිසමේ නිවේදනය, එවැනි වැදගත් ආයතනයක ඉතා ඉහළ පදවි දරන්නන් කෙරෙහි අපරාධ චෝදනා එල්ලවීම මගින් එම ආයතනයේ බල අධිකාරිය බරපතළ ආකාරයට පිරිහී ඇති බවත් පෙන්වා දෙයි.

එවැනි වාතාවරණයක් යටතේ ආයතනයක් වශයෙන් පොලිස් සේවාව කෙරෙහි නරක ප්‍රතිරූපයක් නිර්මාණය වී ඇති අවස්ථාවක අපරාධ සිදුකළ නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම පමණක් නොසෑහෙන අතර, සමස්ත පොලිස් සේවය තුළ සිදුව ඇති වැරදීම් පුළුල් මට්ටමින් විශ්ලේෂණය කර ගත යුතුව ඇති බවත් එම කොමිසම පවසයි.

පොලිස් සේවය වැනි රටේ වැදගත් ආයතන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආණ්ඩුවේ බලධාරීන් කිසිදු පියවරක් ගෙන නැත යන්න ආසියානු මානව කොමිසමේ නිගමනයයි.

සෝදිසි කිරීමක්
සෝදිසි කිරීමක්

පොලිස් සේවය වැනි මූලික ආයතන ආණ්ඩුව විසින් මනාව පාලනය කරගනු ලබන්නේ නැත්නම් අපේක්ෂිත සේවාවන් ඉටු කරනු ලැබීමට එවැනි ආයතන අපොහොසත් වන බව එම කොමිසම වැඩිදුරටත්  පෙන්වාදෙයි.

Leave A Reply

Your email address will not be published.