යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් ඉලක්ක කර ගනිමින් නල්ලුර් ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි පොලිස් සැරයන් හේමචන්ද්‍ර ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම සැරයන්වරයා තවත් පොලිස් කොස්තාපල්වරයෙකු සමග මහාධිකරණ විනිසුරුවරයාට ආරක්ෂාව සපයමින් ඔහුගේ මෝටර් රථයට පසුපසින් ගමන් කරමින් සිටියදී යාපනය නල්ලූර් ප්‍රදේශයේදී ඊයේ (22) පස්වරුවේ අදාළ වෙඩි ප්‍රහාරයට ලක්විය.
වෙඩි ප්‍රහාරයෙන් මියගිය පොලිස් සැරයන්වරයා 57 හැවිරිදි පොලිස් නිලධාරියෙකු බව වාර්තා වේ.