topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බැඳුම්කර වාර්ථාව හා ජනාධිපති කොමිසම් වාර්ථා ගැන අනුර විවාදයක් ඉල්ලයි.

Anura_Kumar_Disa

මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳවත් බරපතළ වංචා දූෂණ විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පිළිබඳවත් එළැඹෙන පෙබරවාරි 10වැනි දිනට පෙර පාර්ලිමේන්තුවේ විවාද කිරීමට පියවර ගන්නා ලෙස කියමින්,  ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් කථානායකවරයාට ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය පහතින්,

“ගරු කථානායකතුමා,

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව,

ශ‍්‍රී ජයවර්ධනපුර,

කෝට්ටේ.

ගරු කථානායකතුමනි,

2018.02.10 දිනට පෙර පාර්ලිමේන්තුව කැඳවීම

මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳවත් බරපතළ වංචා දූෂණ විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පිළිබඳවත් එළඹෙන පෙබරවාරි 10වැනි දිනට පෙර පාර්ලිමේන්තුවේ විවාද කරන්නැයි ජනාධිපතිතුමා විසින් අභියෝගාත්මක ලෙස අවධාරණය කර තිබේ.

මෙම පරීක්ෂණ කමිටු වාර්තා කඩිනමින් මහජනතාව අතර සංවාදයට බඳුන් විය යුතු බවට විශ්වාස කරන අපි එළඹෙන මැතිවරණයට පෙර මෙම වාර්තා පාර්ලිමේන්තුවේ විවාදයට ලක්විය යුතු බවට වූ අවශ්‍යතාව පක්ෂ නායක රැස්වීමේදීද දැඩි ලෙස අවධාරණය කිරීමට උත්සාහ කළෙමු. එහෙත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඒ සඳහා සතුටුදායක ප‍්‍රතිචාරයක් නොලැබිණි. ඒ අනුව එම විවාදයට දින යෙදී ඇත්තේ පෙබරවාරි 20 හා 21 දෙදිනය. එහෙත් ඒවා පෙබරවාරි 10 දින මැතිවරණයට පසු දිනයන්ය. රටේ දේශපාලනය පිළිබඳව මහජන මතය විමසා බැලෙන මැතිවරණයකට පෙර එම වැදගත් දේශපාලන සංවාදය ජනතාවට දැනගැනීමට සැලැස්වීම අත්‍යාවශ්‍ය යැයි අපිද විශ්වාස කරමු.

එහෙත් දැන් ජනාධිපතිවරයා විසින්ද මෙම අවශ්‍යතාවය අවධාරණය කර ඇති බැවින් කඩිනමින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා කොමිෂන් සභා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

අනුර දිසානායක

පාර්ලිමේන්තු මන්ත‍්‍රී

2018.01.26″

Leave A Reply

Your email address will not be published.