topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජ්‍ය සේවය දියකර හැරීමට කටයුතු කළ රනිල්-මෛතී‍්‍ර-මහින්ද කණ්ඩායමට රාජ්‍ය සේවකයින්ගෙන් ඡන්දය ඉල්ලන්න අයිතියක් නෑ..

Tilwin_Silva

රාජ්‍ය සේවය දියකර හැරීමට කටයුතු කළ රනිල්-මෛතී‍්‍ර-මහින්ද කණ්ඩායමට රාජ්‍ය සේවකයින්ගෙන් ඡන්දය ඉල්ලන්න අයිතියක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ,  ජනතා විමුක්ති පෙරමුණේ, පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, එජාපය, මෛතී‍්‍රගේ කණ්ඩායම සහ මහින්ද රාජපක්‍ෂගේ අලූත් පක්‍ෂය මැතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙනවා. පසුගිය වසර තුන කාලය තුළ එක්සත් ජාතික පක්‍ෂය සමඟ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා එකට රට පාලනය කළා. මහින්ද රාජපක්‍ෂලත් මීට පෙර රට පාලනය කළා. මැතිවරණයට තරග කරන ප‍්‍රධාන කණ්ඩායම් 4ක් වුණාට ඇත්තටම ඉන්නේ කණ්ඩායම් දෙකයි. රාජ්‍ය සේවය කප්පාදු කරපු රාජ්‍ය සේවකයින් මර්දනය කරපු, අයිතීන් ලබා නොදීපු රනිල් මෛතී‍්‍ර මහින්ද කණ්ඩායම් එක පැත්තක ඉන්නවා. අනෙක් පැත්තෙන් ඉන්නේ රාජ්‍ය සේවය ආරක්‍ෂා කිරීමට කටයුතු කරපු, රාජ්‍ය සේවකයින්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන ඔවුන්ගේ අයිතීන් දිනා දෙන ජනතා විමුක්ති පෙරමුණයි. මේ අවස්ථාවේ තැපැල් ඡන්ද පාවිච්චි කරන රාජ්‍ය සේවකයින් තම ඡන්දය පාවිච්චි කිරීමේදී මෙම කරුණ සැලකිල්ලට ගත යුතු යැයි අපි කල්පනා කරනවා.

මීට කලින් රට පාලනය කරපු පාලකයින් රාජ්‍ය සේවය කප්පාදු කරන්න, දියකර හරින්න කටයුතු කළා. එක්සත් ජාතික පක්‍ෂය රාජ්‍ය සේවය මුළුමනින්ම අහෝසි කරන්න උත්සාහයක හිටියා. ඔවුන් විශ්වාස කළේ අපේ රටේ පොලීසිය සහ හමුදාව පමණක් රාජ්‍ය සේවකයින් ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිවල සහ අනෙකුත් ව්‍යාපාරවල මැදිහත්වීමෙන් එම උත්සාහය පරාජය කරන්න හැකිවුණා. ඒ වගේම එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කිරීමේ කි‍්‍රයාමාර්ග අනුගමනය කළා. මහින්ද රාජපක්‍ෂත් ඒ දේම කළා. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය සේවකයින් මර්දනය කළා. රාජ්‍ය සේවය දියකර හැරීමට පෞද්ගලිකකරණය කිරීමට පැවති පාලනයන් කටයුතු කරපු අවස්ථාවන් බොහොමයක් තිබෙනවා. විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩලා පෞද්ගලිකකරණය කිරීමේ උත්සාහයක් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතියේ නායකත්වයෙන් රන්ජන් ජයලාල් ඇතුළු නායකයින් අරගලයක් කරලා විදුලිබල මණ්ඩලය බේරා ගත්තා. නමුත් දැනටත් විදුලිබල මණ්ඩලයට අයිති ඇතැම් ආයතන පෞද්ලිකකරණය කර තිබෙනවා. ජනතාවට ලැබෙන සේවය අහෝසි කරලා පෞද්ගලික ආයතන ලෙස ලාභ ලබන ව්‍යාපාර බවට පත්කරන්න දරන ලද උත්සාහයන් වෘත්තීය සමිති විසින් පරාජයට පත් කළා.

ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්න ආණ්ඩුව උත්සාහ කරපු අවස්ථා තියෙනවා. දැනටත් ඇතැම් කොටස් පෞද්ගලිීකරණය කරලා තිබෙනවා. පහුගියදා තෙල් සංස්ථාවට අයිති තෙල් ටැංකි ඉන්දියාවට විකුණන්න ආණ්ඩුව උත්සාහ කළා. නමුත් වෘත්තීය සමිති අරගල කරලා තාවකාලිකව නතරකොට තිබෙනවා. ඒ වගේම වරාය විකුණලා දාන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. මේ වෙනකොටත් ජනතා විරෝධය නොසලකා හම්බන්තොට වරාය 99 අවුරුදු බදු පදනම යටතේ චීන සමාගමකට දීලා ඉවරයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පුද්ගලික අංශයට පැවරීමට උත්සාහ කරමින් තිබෙනවා. මේ කි‍්‍රයාමාර්ගවලට එරෙහිව අරගලවලට නායකත්වය දුන්නෙ වරායේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතියයි. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කරන්න පැවති ආණ්ඩුවත් වත්මන් ආණ්ඩුවත් උත්සාහ කළා. ඊට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාරය සටනක් කරලා තව දුරටත් දුම්රිය දෙපාර්තමේන්තුවක් ලෙස තබාගන්න හැකියාව ලැබුණා. ලංගම ප‍්‍රතිව්‍යුහගතකරණය කිරීම කියලා පෞද්ගලිකකරණය කරන්න උත්සාහ කළා. ආණ්ඩුවට ආදායම් ලැබෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු, හා රේගුව ආයතන තුන එකතු කරලා එක අධිකාරියක් බවට පත්කරලා ඇතිවරයාගේ පාලනය යටතට ගන්න උත්සාහ කළා. ඒ මගින් හොර ජාවාරම් පහසුකර ගන්න තමයි ආණ්ඩුව උත්සාහ කළේ. නමුත් වෘත්තීය සමිතිවල අරගල නිසා තවමත් රාජ්‍ය ආයතන ආරක්‍ෂාවෙලා තිබෙනවා.

මේ ආකාරයට රාජ්‍ය ආයතන දියකරහරින්න ආණ්ඩු උත්සාහ කරපු හැම උත්සාහයක්ම පරාජයට පත්කළේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිවල මැදිහත්වීමෙන්. ඒ නිසා වැඩකරන ජනතාවට තොරගන්න තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. රනිල් වික‍්‍රමසිංහට, මෛතී‍්‍රපාල සිරිසේනට, මහින්ද රාජපක්‍ෂට රාජ්‍ය සේවකයින්ගෙන් ඡුන්ද ඉල්ලන්න අයිතියක් නැහැ.

රාජ්‍ය සේවකයින්ට හිමි විශ‍්‍රාම වැටුප ආණ්ඩුව විසින් ගෙවිය යුතු දෙයක්. නමුත් මේ ආණ්ඩුව වියදම් අඩුකරගන්න කියලා විශ‍්‍රාම වැටුප කප්පාදු කරන්න යෝජනාවක් ගෙනාවා. 2002 සිට විශ‍්‍රාම වැටුප කප්පාදු කරන්න උත්සාහ කරමින් තිබුණා. 2016දී අයවැය යෝජනාවක් ලෙස එය ගෙනාවා. රනිල්, මෛතී‍්‍ර ආණ්ඩුව අලූත් පනතක් ගෙනල්ලා අලූතින් රාජ්‍ය සේවයට ඇතුළුවන සේවකයාගේ විශ‍්‍රාම වැටුප හෝසි කළා. ඒ නිසා රාජ්‍ය සේවය දියකර හරින්න උත්සාහ කරපු පාලකයින්ට රාජ්‍ය සේවකයින් ඡන්දය දිය යුතු නැහැ. ඔවුන් ඡන්දය යලබාදිය යුත්තේ රාජ්‍ය සේවය රාජ්‍ය සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරන්න සටන් කරපු ජනතා විමුක්ති පෙරමුණටයි.

අද ආණ්ඩුව රාජ්‍ය සේවය කප්පාදු කරන්න කටයුතු කරනවා පමණක් නොවෙයි, තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න අරගල කරන රාජ්‍ය සේවකයින් මර්දනය කරන්නත් කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසාම රාජ්‍ය සේවකයින් බරපතළ ගැටලූවලට මුහුණ දෙමින් ඉන්නවා. රාජ්‍ය සේවකයින්ට අයිතිවාසිකම් ලබා දිය යුත්තේ ආණ්ඩුවයි. නමුත් කවදාවත් ආණ්ඩුව  අයිතිවාසිකම් නිකන් ලබාදීලා නැහැ. අයිතිවාසිකම් දිනාගන්න අරගල කරන්න සිදුවෙලා තිබෙනවා. ජ.වි.පෙ. වෘත්තීය සමිති ව්‍යාපාරය තමයි වෘත්තීය සමිති අරගලවලට නායකත්වය දෙන්නේ. අරගල කරලා දිනාගත්ත අයිතිවාසිකම් පවා ආණ්ඩු විසින් අහෝසි කරමින් ඉන්නවා. ලෝකයේ කම්කරු අරගලයකින් දිනාගත්ත පැය අටේ වැඩ දිනයත් අහෝසි කරන්න මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. විශ‍්‍රාම වැටුප කප්පාදු කරනවා. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ඊ.පී.එප්. ඊ.ටී.එප්. අරමුදල්වලින් සූදු කෙළිනවා. ඒ නිසා මේ වෙලාවේ වැඩකරන ජනතාවට විශ්වාස කරන්න පුළුවන් එකම පක්ෂය රාජ්‍ය සේවය ආරක්ෂා කරන්න වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා දෙන්න සටන් කරන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ පමණයි.

පැවති සෑම ආණ්ඩුවක්ම පාහේ රාජ්‍ය සේවකයින් මර්දනයට ලක්කළා. අයිතිවාසිකම් ලබා නොදෙනවා පමණක් නොවෙයි  තමන්ගේ ගැටලූ ගැන සාකච්ඡා කරන්න ඇමති හෝ නියෝජ්‍ය ඇමති හමුවෙන්න ඉඩක් නෑ. එකටත් උද්ඝෝෂණ කරන්න සිදුවෙලා. ස්ට‍්‍රයික් කරන්න වෙලා. එහෙම අයට ඡන්දේ දෙන්න  ඕනද? නිතියෙන් ලැබී තිබෙන අයිතිවාසිකමක් වන උද්ඝෝෂණ කිරීමේ වැඩ වර්ජන කිරීමේ අයිතියත් මේ ආණ්ඩු නැති කරලා තියෙන්නේ. උද්ඝෝෂණය කරන කොට හදිසි නිති දාලා රාජ්‍ය සේවකයින් ගෙදර යවන්න උත්සාහ කරපු රාජ්‍ය සේවකයාගේ ගෙල මිරිකලා මර්දනය කළ පොලීසිය ලවා ප‍්‍රහාර එල්ලකළ ආණ්ඩුවට වැඩකරන ජනතාව ඡන්දෙ දෙන්න  ඕනැද?

වෘත්තීය සමිති අරගලවලින් දිනාගත්තු දේවල් තියනවා. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ප‍්‍රශ්නය ප‍්‍රධාන එකක්. ස්වයං රැකියා කරන මේසන් බාස්ට බාබර්ට ජීවන වියදම  වැඩිවන විට තමන්ගේ සේවය වෙනුවෙන් අයකරන මුදල වැඩි කරගන්න පුළුවන්. නමුත් රාජ්‍ය සේවකයාගේ සරිලන වැටුප වැඩිකළ යුත්තේ ආණ්ඩුවයි. නිතීයෙන් ලැබිය යුතු ජීවන අංක දීමනාව ආණ්ඩුව විසින් ගෙවන්නේ නෑ. වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස අපි දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙනගියා රු. 10,000.00 වැටුප දිනා ගන්න. එයට නායකත්වය දුන්නේ ජවිපේ වෘත්තීය සමිති ව්‍යාපාරයයි. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ කොන්ත‍්‍රාත් මට්ටමෙන් සේවකයින් 1387 ක් ස්ථිර කරන්න ජවිපෙ විදුලි සේවක සංගමය මැදිහත් උනා. ඒ වගේම මැන්පවර් සමාගම් යටතේ විදුලිබල මණ්ඩලයේ සේවය කළ සේවකයින් 6957 කගේ සේවය ස්ථිර කර ගන්න 2017 වර්ෂයෙදී ජවිපෙ වෘත්තීය සමිතියට හැකි වුණා. නමුත් අරගලය එතිනින් අවසන් වෙලා නැහැ. රාජ්‍ය ආයතනවල කොන්ත‍්‍රාත් පදනමින්, මෑන්පර් ආයතන යටතේ වැඩ කරන සේවකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සටන් කරනවා.

2015 වැටුප් වැඩිවීමෙන් පස්සේ ජීවන අංක දීමනාවට අනුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවෙලා නැහැ. 2015 පෙබරවාරී මාසයට ජීවන අංකය 108.9 යි. 2017 නොවැම්බර් වන විට ජීවන අංකය 126.4 දක්වා ඒකක 17.5 කින් වැඩිවෙලා තිබෙනවා. ඒ කියන්නේ බඩුමිල වැඩිවෙලා. ජීවන බර වැඩිවෙලා. නමුත් රාජ්‍ය සේවකයට ජීවත්වෙන්න සිදුවෙලා තිබෙන්නේ පරණ පඩිපතෙන්මයි. ආණ්ඩුව ගණනය කොට තිබෙන සංඛ්‍යාව අනුව ජීවන අංකයක මිල රු. 341.00ක් වෙනවා. ඒ අනුව වැඩිවී තිබෙන 17.5ක ජීවන අංකය වෙනුවෙන් රු. 5967ක වැටුප් වැඩිවීමක් සිදුකළ යුතුයි. ජිවන වියදම ගෙවන්නේ නැති ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ගෙන් ඡන්දේ ඉල්ලනවා. පහුගිය කාලේ පුරා අයිතීන් දිනාගත්තේ සටන් කරලා. අපේ රටේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු වුණේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාරය නිසා. ඒ නිසා වැඩකරන ජනතාව ඡන්දය ලබාදිය යුත්තේ එවැනි දේශපාලන ව්‍යාපාරයකටයි.

අපේ රට දුප්පත් රටක් ලෙස රාජ්‍ය සේවය තියන එක හොදයි. සෞඛ්‍ය අධ්‍යාපනය තෙල් සංස්ථාව විදුලි බලය ආණ්ඩුව සතු විය යුතුය. පොදුජ නතාවට සේවාවක් ලැබෙන්නේ එවා ආණ්ඩුව සතුව තිබුණොත්  පමණයි. රාජ්‍ය සේවයේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා වගේම අපේ රටේ මහජනතාවට රාජ්‍ය ආයතනවලින් ලබාදෙන සේවාව ආරක්ෂා කරන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. ඒ නිසා වැඩකරන ජනතාව අපේ රටේ පොදු මහත් ජනතාවත් ඡන්දය භාවිත කළ යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට බව අපි අවධාරණය කරනවා.

Leave A Reply

Your email address will not be published.