topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දේශපාලනය සොක්‍රටීස්ගෙන් උගත යුතුය.

lnc 3

2015 ජනවාරි 08 දින ඉතිහාසයේ සුවිශේෂී දිනයක් යැයිද, ලංකාව එය අමරණීය දිනයක් යැයිද, වංචා දූෂණවලට ඉතිහාසය අවසාන තිත තැබූ ජයග්‍රහණයක් යැයිද, ජනතා අපේක්‍ෂාවේ මුදුන් මල්කඩ යැයිද, ජනතා විප්ලවයක් යැයිද, යහපාලන අනාගතයේ තීරණාත්මක හැරවුම් ලක්‍ෂය යැයිද තවත් එකී නොකී නාමකරණයන්ගෙන් හඳුන්වා දුන් වර්ගාවලීන්ගෙන් හැඩවුණු කථා සියල්ල බොරු කරමින් ඉතිහාසය නැවත ආපස්සට ඇද දමන්නට ඒ බොරුවට නැවත නැවත පිහිටුවමින්, බොරුකාරයන් සහ වංචාකාරයන්ට එකී යහපාලන විප්ලවය පාවාදෙමින් සිටින මොහොතක ශ්‍රී ලංකාව දේශපාලනික පාවාදෙමින් සිටින මොහොතක, ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් මේ මොහොතේ තව තවත් අරාජික වෙමින් පවතී.

ඇත්ත වශයෙන්ම යහපාලනයක් අවශ්‍යව තිබුණි. ඒ අද ඊයෙක සිට නොවේ. 1948 බටහිර ජාතීන් නිදහස දමාගසා ගිය මොහොතේ සිටම ලංකාවට යහපාලනයක් හෝ සැබෑ ප්‍රජාත්‍රන්තවාදී පාලනයක අවශ්‍යතාවය තිබුණි. 1948 පටන්ගන්නේම දේශපාලන භූමිකාව ජාතිවාදී ලෙස බෙදා වෙන් කරමිනි. 1949 වසරේ එය තවත් දිගේලි කරමින් ඉන්දු පාකිස්ථාන් පුරවැසි පනත හා පාර්ලිමේන්තු සංශෝධන පනත ගෙනවිත්, ශ්‍රී ලාංකීය ජාතියක් බිහිවෙන්නට තිබූ අන්තිම අවස්ථාවද අහිමිකර දමන ලදී. එතැන් පටන් දිගින් දිගටම දේශපාලන ආරවුල් සහ ජාතිවාදී කෙණෙහිලිකම් මැද මිනිස් අයිතිවාසිකම් තුට්ටුවකට මායිම් නොකරමින් දේශීය පාලක පංතිය තමන්ගේ පංතිමය උවමනාවන් පමණක් ඉදිරියට දමමින් රට ඉදිරියට ගෙනයන ලදී. 1952 ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්, ගොවියන් පාරට බසිමින් ඉල්ලා සිටියේ යහපාලනය හෝ ප්‍රජාත්‍රන්තවාදයයි. ජීවත්වීමේ අවම අයිතියයි.

ජීවත් වීම වෙනුවට මරණය සහ මරණ බිය පමණක් උරුමකර ගනිමින් එකිනෙකා සතුරුභාවයට ඇද දමමින් 50 දශකය ගෙවී යන අතර, 60 දශකය තුළ ගොඩනැගෙන්නේද අහිමිකළ අයිතිවාසිකම් පිළිබඳ අරගලයයි. වාමාංශික ව්‍යාපාර විසින් පාවාදෙන ලදුව, ධනපති පාලකයන් විසින් උල්ලංඝනය කරන ලද ජීවත්වීමේ අයිතිය ලබාගැනීමේ අවම අවශ්‍යතාවය හෝ සැපිරි ගොස් තිබී ග්‍රාමීය  හා නාගරික ලක්ෂ ගණනකගේ උවමනාව ප්‍රජාතන්ත්‍රවාදය වූ අතර, 60 දශකයද ගෙවී යන්නේද හිස්වූ බලාපොරොත්තු සමඟිනි.

70 දශකය ජීවත්වීමේ අයිතියේ අරගලය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ උවමනාව උච්චතම තැනකට ගෙන එන අතර, දහස් ගණනක් ලෙයින් යකඩින් මර්දනය කර තාවකාලිකව යටපත් කර දමන ලදී. අරගලයේ තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින් උතුරු පළාත තුළ දමිළ සටන්කාමී කණ්ඩායම් ගණනාවක් බිහිවන්නට විය. එහෙත් යටපත් කරමින් තිබූ ප්‍රජාත්‍රන්තවාදය ලබාගන්නට පොරොන්දු දෙමින්, ජනතාවගේ අවම උවමනාවන් ඡන්ද පොරොන්දු කරගනිමින් J.R. පාලන සමය ඉදිරියට එන අතර 80 දශකය නිමවන්නේ, ලක්‍ෂ ගණනක රැකියා අහිමි කරමින්, ලක්ෂ ගණනක් ඝාතනය කරමින් ජාතිවාදී යුද්ධය අවුලමින් රට ඉන්දියාවට පාවාදෙමින් රටේ සියළුම සම්පත් වතු, කර්මාන්ත, පෞද්ගලීකරණය කරමිනි. ප්‍රජාත්‍රන්තවාදය නැත්තටම නැතිකර ඒකාධිපති පාලනයක් ව්‍යවස්ථාවක් උරුමකර ගනිමින්, විධායකය ලෙස එය රටේ සියළු බලතලවල උරුමකරු බව පෙන්වමින්, අලුත් දශකයකට දේශපාලනිකව ගමන් කරන්නේ, රට දේශපාලනිකව, පාරිසරිකව, මූල්‍යමය, මානවවාදීමය යන සියලු අංගයන්ගේ පරිහානියක් සමඟිනි.

90 දශකය දේශපාලන පොරපිටිය රත්කරන්නට එකී සියලු දුක්ක දෝමනස්සයන් කරපින්නා ගත්, අතීත දේශපාලන උරුමය පෙරටු කොටගත්, චන්ද්‍රිකා පාලනය, විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙන්නටත්, ගෝල්ෆේස් පිටිය නඩු අසන්නටත් සියලු තරුණයන්ට 2500ක් දෙන්නටත්, අමානුෂික මිලෙච්ඡ ඒකාධිපති විධායකය ලෙස නම්කර එය අකුලන්නටත්, අහෝසි කරන්නටත් පොරොන්දු වෙමින් 2005 දක්වා එකී පාලන සමය තුළ රට ණය බරට හිරකරමින් J.R. පාලනය තවත් ඉදිරියට ගෙන එන ලදී. ඒ අතර 2001-2004 කාලය තුළ අසාර්ථක අත්හදාබැලීමක් වූ UNP – පෙරමුණු ද්විත්ව පාලනය තුළ අවබෝධතා ගිවිසුම් ගසමින් ජාතිවාදී යුද්ධය බෙදුම්වාදී ඉම වෙතට තල්ලුකර අතර, අද දක්වාමත් එහි අංකුර ලියලෙමින් පවතී.

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් ධනපති ආණ්ඩු හිමිකරමින් එළඹී යම් යම් අවබෝධතා ගිවිසුම් හේතුවෙන් රටට අලුත් දේශපාලන සංස්කෘතික හැඩරුව පෙන්වූ අතර, එය 2005 තීරණාත්මක ලෙස දෙදරා යන්නට විය. J. R. ගේ දේශපාලන සංස්කෘතිය එහෙම් පිටින්ම භාවිතාවට ගත මහින්ද රාජපක්‍ෂ රට නැවත මිලේච්ඡත්වය කරා රැගෙන යන්නට විය.

රටේ සම්පත් විකුණමින්, ජාතික ආර්ථිකය මංකොල්ල කමින්, නිල නොවන මැර හමුදා බිහිකරමින්,  හවුල් ගැසූ යහපාලනය කළ අතර, ජනතා බලාපොරොත්තු මර්දනීය ලෙස කුණු කූඩයට විසිකර දමන ලදී. එවකට රටේ සහ ජාත්‍යන්තර, බලපෑම් හේතුවෙන් යුද්ධය, යුධමය වශයෙන් අවසන් කරනු ලැබුවත් යුද්ධයට හේතුවූ සියලු අකටයුතුකම්, අසාධාරණයන්, කොන්කිරීම්, නොසලකා හැරීම්, එලෙස ඉදිරියට ගෙනයන ලදී. ආගමික නිකායන් හරහා අලුත් ජාතිවාදී බිමක් නිර්මාණය කරමින් මුස්ලිම් විරෝධී උන්මන්තක මානසිකත්වය නිර්මාණය කළ අතර, එය තනිකරම රාජපක්‍ෂ පවුලේ නිර්මාණයක් විය.

2015 වසර එළැඹෙන මොහොත වනවිට රට පවතින්නේ ගොඩගත නොහැකි අරාජික මට්ටමක වන අතර පාලකයන්ගේ එකම ගැලවුම මිත්‍යාව බව ඔප්පු කරමින්, එකී විශ්වාසයන් මත පදනම්ව 2015 දී , වසර දෙකකට කලින් ජනාධිපතිවරණය කැඳවිය. එහි සත්‍ය හේතුවෙන් ග්‍රහ අපලය නොව, රටේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදය වෙනුවෙන් දියත් වූ අරගලයයි.

2015 දී රටේ ජනතාව මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්නේ, එකී සමස්ත හේතූන් මත වන අතර, අරාජිකත්වයෙන් මිදීමට, මිලේච්ඡත්වයෙන් මිදීමට අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගන්නා ලදී. එහෙත් එය හුදු පුටු මාරුවක් පමණක් නොව එතෙක් රටේ බහුතර ජනතාවක් විදි අසාධාරණකම් පිටුදැකීමේ සහ යහපාලනයක් උදාකර ගැනීමේ උතුම් අරමුණක් සේම, නැවත රට, දේශපාලන සංස්කෘතිය ජීවත්වීමේ අයිතිය ආපස්සට යනවා වෙනුවට පිවරයක් ඉදිරියට තබන්නට තැබූ උත්සාහයකි.

එහෙත් සමස්ථ දේශපාලන සංස්කෘතිය ක්‍රියාකාරීවන ජනතා විමුක්ති පෙරමුණ විසින් අද පත්ව ඇති තත්වය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම කරන ලදී. ඉතිහාසගත අත්දැකීම් මත හවුල් ආණ්ඩු සහ ආයු කාලය ගැන හොඳින් දන්නා බුද්ධිමත් ජනතාව, අනාගතයේ එළැඹීමට නියමිත්ත කල්තියා හඳුනා ගන්නා ලදී.

අද ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් මුහුණදී තිබෙන තත්වයට පත්කළ සභාග ආණ්ඩු, හවුල් ආණ්ඩු, ඒකාධිපති ආණ්ඩු, පවුල් ආණ්ඩු සියල්ලක්ම වසර 69ක් තමන්ගේ ඉතිහාසය තුළ අර්බුධයට හා අරාජිකත්වයට පමණක් දොර විවර කළ අතර, රටේ ප්‍රජාත්‍රන්තවාදය, යහ පාලනය, තීරණාත්මක ලෙස හකුලා දමා ඇත. 2015 ජනතා බලාපොරොත්තු සුන්කර දමා ඇත. මහා භාණ්ඩාගාරය හිස්කර රට තව තවත් ණය උගුලේ හිරකර දමා ඇත. අවසන් කළා යැයි කියන බෙදුම්වාදයේ අඳුරු සෙවණැලි වෙනත් කල්ලි ලෙසින් හිස ඔසවමින් ඇත. දිනකට මියයන මරාදමන මිනිස් ජීවිත ප්‍රමාණය ඉහල යමින් ඇත. සියදිවි හානිකර ගැනීම්, උන්මන්තකභාවයන් වැඩිවෙමින් ඇත. වෙළඳ පොළ විසින් ජනතාව අත්අඩංගුවට ගනිමින් ඇත. වංචා දූෂණ, ඉහල යමින් ඇත. මත්ද්‍රවය ජාවාරම, ඉඩම් මංකොල්ලය, රාජ්‍ය දේපළ අවභාවිතය ඉහළ යමින් ඇත. ජනතා නියෝජිතයින් කෝටි ගණනකින් තවමත් රාජ්‍ය මුදල් මංකොල්ල කමින් ඇත. පොලීසිය මහ දවල් නිරුවත් වෙමින් ඇත. උසාවිය තුලදීම නීතිය කෙළෙසෙමින් ඇත. පාර්ලිමේන්තුව මාළු කඩේ සංස්කෘතියට වැටී ඇත. ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක්, ණයගැති රාජ්‍යයක්, මානව හිමිකම් උල්ලංඝණය වන රටක් බවට පත්වී  ඇත. කෙටියෙන් කියන්නේ නම්, හෙට දිනට ජීවත් වන්නට රටේ ස්ථාවර භාවයක් නැත. දේශපාලනයේ සිට, සියල්ල අරාජිකය. එහෙත් රටක මැතිවරණයක් යනු ස්ථාවර වන්නේ කෙසේද, අඩුම තරමේ ජනතා අයිතියක් වූ පළාත් පාලන ඡන්දය නියමිත දිනට හෝ නියමිත අවුරුද්දේවත් පවත්වන්නට නොහැකි විය.

අද තත්වය හොඳින් අධ්‍යනය කළ විට පෙනී යන්නේ, අනාගතය කෙසේනම් යහපත් වන්නේද යන්නය. ඡන්දය පවත්වන්නට සියල්ල සැපිරි මොහොතක රටේ මූලික සාමාජිකයාගේ කල්ලියේ කුමන්ත්‍රණයක් ලෙස එය නැවත පසුපසට දමා ඇත. යහපාලනයේ භාවිතාව පසෙකට දමමින් නැවත වතාවක් මෛත්‍රී පිල මහින්ද පිළේ සරණ යෑම සඳහා සාකච්ඡා කරමින් සිටී. වංචා, දූෂණ නඩු, අල්ලස් නඩු, මහජන දේපළ අවභාවිතා නඩු සියල්ල පුස්සක් බවට පත්වෙමින් ඇත. ජනතාවගේ යහපාලන උස් බලාපොරොත්තු ඡන්ද මගඩියේ හිර වී ඇත.

එහෙත්, ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බොහෝ බලවේගවල මැදිහත් වීම මත ඡන්දය පවත්වන්නට අවශ්‍ය වටපිටාව ඉමහත් වෑයමකින් දිනාගන්නා අතර, ඉතිරිව ඇත්තේ සැබෑ ජනතා කැමැත්තට ඉඩදී බලා සිටීමයි.එහෙත් ඡන්ද දායකයින් යනු රටේ තීරණාත්මක සහ අනාගතය නිර්මාණය කරන ගාමක බලවේගය වන හෙයින් ඡන්දය පාවිච්චි කළ යුත්තේ කිනම් කොන්දේසි මතද යන්න අවධානයෙන් සිටිය යුතුය.

වසර 69ක් රට අරාජික කළ කණ්ඩායම් නැවත තමන්ගේ හෙලුව අලුත් බලාපොරොත්තු තුලින් වසා ගනිමින් ඡන්දය ඉල්ලනු ඇත. පොරොන්දු දේශපාලනය තුළ ජනතාව ගොනාට ඇන්දවීම සිදුවන අතර රාජ්‍ය දේපළ, රාජ්‍ය මාධ්‍ය සියල්ල යොදා ගනිමින් නැවතත් යක්ෂ මුහුණු දූෂිත මුහුණු සිනහාවලින් පින්තාරු කරනු ඇත. එහෙත් ජනතාවට ඇත්තේ නිරවුල් නිවැරදි අවබෝධයකින් රටට අවශ්‍ය බලවේගය තෝරා ගැනීමයි. නොඑසේනම් ඔවුන්ට නැවත තමන් කරන ලද විරුද්ධ ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවනු ඇත. තමාගේ කොට්ඨාශයේ, පළාතේ, නියෝජිතයා, නායකයා ලෙස දූෂිතයෙක්, වංචාකාරයෙක් මැරයෙක් තෝරා ගන්නවා වෙනුවට බුද්ධිමත් කැපකිරීම් කළ හැකි කෙනෙක් පත්කර ගැනීම ඡන්ද දායකයාගේ වගකීමයි.

අවසාන වශයෙන් මෙසේ උපුටා දක්වන්නෙමු. මෙවැනිම අන්ත දූෂිත පාලනයක් තිබූ කලෙක බටහිර සමාජයේ විසූ ග්‍රීක දාර්ශනික සොක්‍රටීස් තම ජනතාවට දුන් පණිවිඩයක් මෙසේ සනිටුහන් කරන්නෙමු.

“නුඹලා සපත්තුවක් කැඩුනාම යන්නේ දක්ෂ සපතේරුවෙක් සොයාගෙන. නුඹලා ලෙඩක් සෑදුනාම යන්නේ දක්ෂ වෛද්‍යවරයෙක් සොයාගෙන, එහෙත් නුඹලා කලාවන්ගෙන් උසස්ම කලාව වුණු දේශපාලනයේදී ඒ තේරීම නොකරන්නේ ඇයි?.

දොන් ජයකොඩි.

Leave A Reply

Your email address will not be published.