Home > පුවත් > පොහොට්ටුව පක්ෂය කවදාවත් පිපෙන්නේ නැහැ – සුව ඇමති කියයි.

පොහොට්ටුව පක්ෂය කවදාවත් පිපෙන්නේ නැහැ – සුව ඇමති කියයි.

Rajitha_Senarathna

“පොහොට්ටුව පක්ෂය කවදාවත් පිපෙන්නේ නැහැ. එහි නායකයා වන ජී.එල් පීරිස් මහතාගේ පිංතූරයවත් මැතිවරණ ව්‍යාපාරයට යොදාගෙන නැහැ. මෙම පක්ෂය පුදුමාකාර පක්ෂයක්. එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා ඉටුකර ගන්න හදනවා. මම කියන්න කැමැතියි පිපෙන්නේ නැති පොහොට්ටුව පක්ෂය පස්සේ යන්න එපා කියලා යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කියා සිටී. අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ, ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග 10 ක් කාපට් කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“බේරුවල ආසනයේ සියලුම මාර්ග සංවර්ධනය කිරිම මේ වනවිට අවසන් වෙමින් තිබෙනවා. වත්මන් රජයේ සංවර්ධන සැළසුම් ක්‍රියාත්මක වන අතර, ඇතැම් සංවර්ධන සැළසුම් ජනතා අයිතියට පත් වෙනවා. බේරුවල ආසනයේ විදුලිබලය, පානීය ජලය නොමැති පුද්ගලයින්ට විදුලිබලය ලබාදීමේ වැඩපිළීවෙළක් ද ක්‍රියාත්මකයි. රජය විසින් නව වැඩපිළීවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ යටතේ විදුලිබලය නොමැති පවුල් වුලට විදුලිබලය ලබාදීමේ දී නිවාස වයරීන් කිරීමට ද රජයෙන් මුදල් ලබාදීමට ද තීරණය කර තිබෙනවා. ඒ වසර 20 ක කාලයක් ගෙවීම සදහායි. එහිදී කිසිදු පොලියක් අය නොකිරීමට ද තීරණය කර තිබෙනවා. දුප්පත් ජනතාව සංවර්ධනය කිරීම සදහා සියලු වරප්‍රසාද රජය විසින් ලබා දෙනවා.” යැයි පැවසීය.

 

 

 

About LNC

Check Also

Ranil_wickramasinghe_12_13

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි – අගමැති කියයි.

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්‍ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *