අද (26) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති 27 කට අයත් 22, 000 ක් වූ තැපැල් කාර්ය මණ්ඩලය අඛණ්ඩව වැඩ වර්ජනයක් ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි. වැඩ වර්ජනයට හේතුව තම වෘත්තීය හා පරිපාලන ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් යහපත් ප්‍රතිචාර නොදැක්වීම බව එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසයි.