නව මැතිවරණ ක්‍රමය යටතේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය සඳහා වන ගැසට් නිවේදනයට පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා අද (1) අත්සන් කිරීමට නියමිත බව වාර්ථාවේ.
අත්සන් තැබීමෙන් අනතුරුව අදාළ ගැසට් පත්‍රය මුද්‍රණයට රජයේ මුද්‍රණාලය වෙත යොමු කෙරෙන අතර අදාළ ගැසට් නිවේදනය මුද්‍රණයෙන් පසු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කෙරේ.
ඉන්පසු ඔහු විසින් එම ගැසට් පත්‍රයට අත්සන් කර පළාත් පාලන ඡන්දය පවත්වන දිනය තීරණය කරනු ඇත.
කෙසේ නමුත් රජය මේ වන විට ලබන ජනවාරි අග පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම්කර ඇත .