ජනතා බලාපොරොත්තු සහ මැතිවරණ ප්රතිඵල සැලකිල්ලට ගනිමින් තමාට තීරණයක් ගැනීමට සිදුව ඇති බව මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් රනිල් වික්රමසිංහ අගමැතිවරයාට දැනුම් දී ඇති බව සඳහන් වේ. ඒ ඔවුන් දෙදෙනා අතර පසුගියදා පැවති සකච්ඡාවකදීය.
එමෙන්ම ඊට ප්රථම මේ තත්වය පිළිබඳ අවධානය යොමුකරමින්, අග්රාමාත්යවරයාටම තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලා ඇති බවත් සඳහන් වේ.