අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්, එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන්ගේ රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී ඇති වී තිබෙන වත්මන් තත්වය ගැන සාකච්ඡා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.
එහිදී විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, නීතිය හා සාමය අමාත්‍යාංශය, මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයත් පසු ගිය කාලය තුළ සිදුකරන ලද ක්‍රියාවලින් යහපාලන ආණ්ඩුවට විශාල හානියක් සිදුවී ඇති බවත් අවධාරණය කර ඇත.
එමෙන්ම එහිදී සාගල රත්නායක හට විශාල චෝදනාවක් එල්ල වී ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.