topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රෝහින්ග්‍යා – බුරුමයෙන් සිදුරු කළ ලංකාව.

Myanmar is a_ Refugee from _Rohingya-01

ජාතිවාදය තවත් වටයකින්, කරළියට පැමිණ තිබේ. එක් ආකාරයක ජාතිවාදයක් යම්තාක් දුරට යටපත් වෙමින් පැවති සමයක, සිංහල බෞද්ධ දිසාවකින් මුස්ලිම් විරෝධී ජාතිවාදයක් කරළියට පැමිණි අතර, දැන් තවත් දිගුවක් වන රෝහින්ග්‍යා සරණාගතයන්ට විරුද්ධ මුස්ලිම් විරෝධයේ දිගුවක් ලෙස නැවතත් කරළියට පැමිණ තිබේ.

රෝහින්ග්‍යා සරණාගතයින්ට විරෝධය දක්වමින් නගන ජාතිවාදී හඬ බුරුමය (මියන්මාරය) දක්වාම නෑකම් කියන අතර, මියන්මාරයේ සිදුවෙන ජාතිවාදී ශුද්ධ කිරීම් ඉතා අපකීර්තිමත්, මිලේච්ඡ ක්‍රියාවේ නෑකම ලංකාවටද බෝවෙමින් තිබේ.

පසුගිය දිනක ගල්කිස්සේ නිවාසයක රඳවා සිටි මියන්මාර් රෝහින්ග්‍යා සරණාගතයින්ට එල්ල කරන ලද බෞද්ධ අන්තවාදී – සිංහල බෞද්ධ ජාතිවාදී ප්‍රහාරය පිටුපස ලේ පිපාසිත මිලේච්ඡ මිනිස් චර්යාවක් ඇති බවත්, එය සැලසුම් සහගත න්‍යාය පත්‍රයක එක අංගයක් බවත් හොඳින් පැහැදිළිය. ලංකාවේ ජාතිවාදී රෝගය බෝකරන ප්‍රධාන කුප්‍රකට චීවරධාරීන් සහ සිවිල් උන්මත්කයන් පෝෂණය කරන බලවේගවල උවමනා ලංකාවේ මෑත කාලීන ඉතිහාසය අධ්‍යනය කළ විට වටහා ගත හැකිය.

දැනට අවුරුදු කීපයකට කලින්, රාජපක්‍ෂ සමයේ අවසාන කාලයේදී සහ මාවනැල්ලේ සිදු වූ මුස්ලිම් විරෝධී සිංහල ජාතිවාදී, බෞද්ධ අන්තවාදී ප්‍රහාරය පිටුපස සිටි බලවේග රෝහින්ග්‍යා විරෝධයේදීද සිටින බව හොඳින්ම පැහැදිළිය. ඒවා මෙහෙයවන ලද්දේ ජාතිවාදී – ආගම්වාදී තිරය පිටුපස සිට දේශපාලනික උවමනාවෙන් බව සියලු මාධ්‍යයන් මඟින් කරන ලද හෙළිදරව් මඟින් හොඳටම පැහැදිළිය. බිඳ වැටුණු, පරාජයට පත්වුණු දේශපාලකයන් බවත් වටයකින් ජාතිවාදී ලෙස ඡන්ද පදනම නිර්මාණය කර ගැනීමට අලුත් අර්බුදයක් නිර්මාණය කරන බැව් ලෝක ඉතිහාසයේදී ඕනෑ තරම් උදාහරණ ඇත. බලය හිමි පංතියට හැමවිටම බලය පවත්වා ගැනීමට නම් රට තුළ කෘතීමව අර්බුදයක අවශ්‍යතාවය පැන නඟින අතර (අනෙකුත් ප්‍රශ්න යටපත් කිරීම සඳහා) බලය අහිමි එම පංතියේම අනෙක් කොටසට, නැවත බලයට ඒම සඳහාද අර්බුදයක් අවශ්‍ය වේ. නොඑසේනම් ඡන්ද වේදිකාවට තර්ක සහ හේතු නැත.

මාවනැල්ල, අලුත්ගම මුස්ලිම් විරෝධී ප්‍රහාරයේදී ද, රෝහින්ග්‍යා සරණාගතයින්ට එල්ල කළ ප්‍රහාරයේද සරල දේශපාලන ප්‍රකාශනය එයයි.

එහෙත්, රෝහින්ග්‍යා සරණාගතයින් ලංකාවට පැමිණෙන්නේ මීට අවුරුදු 9ක පමණ සිටයි. ආරංචි මාර්ග අනුව 2008 වසරේදී 55 දෙනෙකුත්, 2013 වසරේදී 171 දෙනෙකුත්, නැවත, 2017 වසරේ 31 දෙනෙකුත් වශයෙනි. එහෙත් නිල නොලත් ආරංචි මාර්ග වලට අනුව සහ ආණ්ඩුව ප්‍රසිද්ධ කරාට අමතරව තවත් කණ්ඩායම් කීපයක් වරින් වර පැමිණ තිබේ. එහෙත්අයට රැකවරණය දුන්නාද, නැවතපාරෙන්ම ආපසු හරවා යැව්වාද යන්න සටහනක් නැත.

නමුත් දිගින් දිගටම ඈදුණු විල්පත්තු ප්‍රශ්නයේදී, ප්‍රදේශවල පදිංචි වී ඇත්තේ, පකිස්ථාන සරණාගතයන්ද, නොඑසේනම් වෙනත් රටක අයද යන්න නිවැරදි හෙළිදරව්වක් තවම රට හමුවේ ලැබී නැත. කිසිඳු මාධ්‍යයක්වත්, කිසිඳු ඇමතිවරයෙක්වත් (විෂය භාර) බුද්ධි අංශයවත්, ගැන නොදන්නා බව පුන පුනා ප්‍රකාශ කරයි. එහෙත් සත්‍ය එය නොවේ. ආණ්ඩුව සහ එහි හවුල්කරුවන් ජනතාව හමුවේ සත්‍ය වසන් කිරීමයි. බලයේ සිටින සහ පරාජිත දේශපාලන හවුල්කරුවන් ප්‍රශ්න යටපත් කරන සඟවන ආකාරයේ සමානකම නිසාම ඔවුන්ගේ හවුලේ සහ එකඟතාවයේ තරම වටහා ගත හැක.

රෝහින්ග්‍යා සරණාගතයින් යනු කවුරුන්ද, ඔවුන් ලංකාවට අහම්බෙන් හෝ පැමිණීමට හේතු කවරේද? එය හරියටම 1983 ලංකාවේදී පුපුරා ගිය සහ 1947 දී එයට මඟ පෑදු සහ බ්‍රිතාන්‍ය පාලන සමයේදී එයට අත්තිවාරම සැපයු දමිළ බෙදුම්වාදී ප්‍රශ්නය හා සමපාත වේ. ලංකාවේදී මුස්ලිම් ජනාවාස ඇති වීම හා ඒවා රටපුරා ව්‍යාප්ත වීමටද සමපාත වේ.

ඉන්දියානු සාගරයේ ආරාබි වෙළඳුන්ගේ නැව් ගමනාගමනය පිළිබඳ සාක්ෂ්‍ය වසර දෙදහසකටත් එහා ක්‍රිස්තු පූර්ව යුගයේ මුල් සියවස් 2-3ක් දක්වා හමුවී ඇත. එහෙත් ඔවුන් පළමුව යුදෙව් ආගමත්, දෙවනුව ක්‍රිස්තියානියත් ඇදහූ අය වූහ. නමුත් ක්‍රි.ව. 700ත පසුව සිට අල්ලාහ් දෙවියන් පෙරමුණේ තබා මුස්ලිම් ආගම පිළිගත් ආරබි ජාතිකයන් වූහ. නාවික ගමනාගමනය හරහා හමුවන නව ගොඩබිම්, තොටුපළවල්, වරායවල්, නගර (වෙළඳ නගර) හරහා ඔවුන්ගේ වෙළඳ බඩු සමඟ ආගමද ප්‍රචාරය කරන්නට විය. අනෙක් අතට ලංකාවේදී සිදුවුණා සේම මුස්ලිම් වෙළෙන්දන් ගොඩබට, වෙළඳාම් කළ රටවල පාලකයන්ගේ අනුග්‍රහය පිට එබීම පදිංචි වීම සහ වෙළඳ මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමද සිදුකරන ලදී. එනම් දිගුවක් ලෙස දේශීය (ගොඩබට දේශයේ) කාන්තාවන් හා විවාහ වීම්, දරුවන් සෑදීම, හා රාජ්‍ය තාන්ත්‍රික ලෙස කටයුතු කිරීම්ද නිරන්තරයෙන් සිදුවිය.

13 වෙනි සියවසේ සිට ලංකාවේද මුස්ලිම් ජනාවාස පිළිබඳ සාක්ෂ්‍ය ඇතිවා සේම බුරුමයේද 8 වෙනි සියවසේ සිට මුස්ලිම් ජනාවාස පිළිබඳ ඉතිහාසයක් ඇත. මුස්ලිම් ජනාවාසවල ජාති ලක්‍ෂණයක් නම් ඔවුන් අනෙකුත් ජාතීන් හා ආගම් සමඟ මිශ්‍ර නොවී ස්වාධීනව සංස්කෘතික ලක්‍ෂණ ආරක්‍ෂා කරගැනීමට පෙළඹීමයි. එය ඔවුන්ගේ ආගම් හරහා බලකරනු ලබන දෙයට අමතරව, සංස්කෘතික ලෙස මුළු ගැන්වුණු ස්වාභාවය හා රහස්‍යභාවය නිසාම සිදුවන ලද්දකි. අනෙක් අතට කාන්තාවන් සහ දේව කැමැත්ත ගැන ඇති ආකල්පවල දෘඩ බව එයට හේතු විය. බුරුමයේද රෝහින්ග්‍යාවරු අමිශ්‍ර ජාතියක් ලෙස දිගින් දිගටම පවතින්නට හේතුව එය වන අතර, ලංකාවේ අත්දැකීම් හොඳටම සාක්ෂ්‍ය සපයයි.

රෝහින්ග්‍යාවරු හඳුන්වන ප්‍රසිද්ධ නාමය වනුයේ, ඇරකන් රෝහින්ග්‍යා ලෙසයි. ඇරකන් යනු ඉන්දියාවේ බෙංගාල බොක්ක ආශ්‍රිත නගරයක්. එය මෝගල් අධිරාජ්‍ය සමයටත් පෙර සිටම ආරාබි – ඉන්දියානු වෙළඳ මධ්‍යස්ථානයක්. එම ප්‍රදේශයේ පදිංචි වන ආරබිවරු තම වෙළඳ කටයුතු පවත්වාගෙන යන අතර විවාහ පදනම් මත අලුත් ජනතාවක් බිහිකරන ලදී. ඉන්දියාවේ කුල පීඩනයට, ජාතික පීඩනයට, ආර්ථික පීඩනයට හසු වී සිටින රෝහින්ග්‍යා ජනතාවට ආරබිවරුන්ගේ නව ආගම නොහොත් මුස්ලිම් ආගම හඳුන්වා දීමයි.එහෙත් තවමත් මුස්ලිම් නොවූ රෝහින්ග්‍යාවරු ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සිටී. ඔවුන් තවමත් පුරාණ ඉන්දීය ආගම වූ හින්දු ආගම අදහති. නමුත් මුස්ලිම් ආගම වැළඳ ගත රෝහින්ග්‍යාවරු මුස්ලිම් වෙළඳාම හරහා ව්‍යාප්ත වන්නට විය. එය ගිනිකොණ දිග ආසියාවේ රටවල් ගණනාවක් දක්වාත් වයඹ දිග පාකිස්ථානය දක්වාත්, ව්‍යාප්ත වන අතර මෝගල් අධිරාජ්‍ය සමයේ දී එයට හොඳ පිටුවහලක්ද ලැබුණි. මෝගල් අධිරාජ්‍ය සමයේ සිදුවන බටහිර ආක්‍රමණ හරහා මුස්ලිම් වෙළඳ පොළවල් – මධ්‍යස්ථාන පෘතුගීසි, ලන්දේසි, ස්පාඤ්ඤ ඉංග්‍රීසිවරුන්ට අයත්වන අතර, වෙළෙඳාම සහ පැවත්ම සඳහා ඒ සෑම තැනකදීම මුස්ලිම්වරු බටහිර ගති (උපක්‍රමශීලීව වෙළඳාම පිණිස) ස්වාභාවයක් පෙන්නුම් කරන ලදී.

මෙසේ ව්‍යාප්ත වන සහ රැකවරණය ලබන රෝහින්ග්‍යාවරු බටහිර ජාතීන්ගේ බලපෑම මත මිශ්‍ර වීමට බාධා පමුණුවන අතර, පෙර කී ලෙස ආගම හා සංස්කෘති එයට හරස්ව තිබුණි. ඊටත් වඩා බටහිර ගති ස්වාභාවයක් පෙන්වීම තුළම ස්වදේශිකයන්ගේ වෛරයට, නොසැලකිල්ලට භාජනය වන ලදී. එහෙත් සංස්කෘතික බැමි ආගමික යදම් බිඳ දමා අතලොස්සක් වූ පිරිසක් මිශ්‍ර නොවුණා නොවේ. කොටස්ද වෙනස් ආකාරයකට පසුගාමී ආගමික (ස්වදේශික) සංස්කෘතියක හිරකාරයන් පමණක් වන ලදී.ලංකාවේ දෙමළ සිංහල ජනතාව අතර මුස්ලිම් සංකලනයන් පිළිබඳ සාක්ෂ්‍ය ඇතත්, ඔවුන් වඩාත් නිවැරදි ව ලොව ඇත්තේ එකම ජාතියක් බව පිළිගන්නවා වෙනුවට භාෂාවේ හා සංස්කෘතියේත් පසුව අදහන ආගමේත් සිරකරුවන් වී සිටියි.

එහෙත්, අපේ මාතෘකාවට බඳුන් වන රෝහින්ග්‍යාවරු හඳුනාගත හැකි ජාතිකත්වයක් (ජාතියක් නොව) ලෙස මියන්මාරයේද, අවශේෂ රටවල්වලද ස්ථාන ගත වෙන්නට විය. 1824 1948 බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාව පාලනය කළ අතර, බුරුමය එහි කොළනියක් ලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා විසින් මෙහෙයවන ලදී. ඔවුන්ගේ වතු වැවිලි සඳහා ලංකාවේ මෙන්ම බුරුමයේද, ස්වදේශිකයන් අකමැත්ත ප්‍රකාශ කළ සෑම විටම එක්කෝ බලහත්කාර හෝ විදේශයකින් (යටත් ප්‍රදේශයකින්) වහලුන් ලෙස  රැගෙන ඒම සිදුකරන ලදී. එතෙක් කුඩා ජනගහනයක් වූ බුරුමයේ රෝහින්ග්‍යාවරුන් බ්‍රිතාන්‍ය මැදිහත් වීම පිට බුරුමයේ රකීන් පළාතේ රෝහින්ග්‍යා ජනගහනය වැඩිවන්නට හේතු වූයේ එයයි. ඉන්දියාවෙන් හා බංග්ලාදේශයෙන් රෝහින්ග්‍යාවරු වතු සේවකයන්, වහල් සේවකයන්, නගර සෝධකයන් ලෙස ලක්‍ෂ ගණනක් බුරුමයට පටවන අතර, ඔවුන් එහි බලහත්කාරයෙන් අඩු පහසුකම් යටතේ පදිංචි කරන ලදී. රාජ්‍ය ඔත්තු සේවයේ, දුෂ්කර රැකියාවල රෝහින්ග්‍යාවරු යොදවන අතර, මහා ජාතීන් හා මහා ආගම් අතර රෝහින්ග්‍යාවරු කෙරෙහි වෛරයක් කෘතිමව ඇති කරන ලදී. (ලංකාවේ ලංකාවේ ජාතිකත්වයන් විරසක කළා සේම) හෙළිදරව් වූ නිල සංඛ්‍යා ලේඛණවලට අනුව 1872 දී 58255 ක්ද, 1911 දී 178647 වූ කම්කරුවන් පිරිසක් ඉන්දියාවෙන්, බුරුමයට ගෙනවිත් ඇත. ඊට අමතරව ගොඩබිම් මාර්ගයෙන් සංක්‍රමණය වූ පිරිස ගණනය වී නොමැති අතර 1980 දශකය වනවිට බුරුමය තුළ පමණක් රෝහින්ග්‍යාවරු මිලියන 1.3ක් පමණ වාසය කර ඇත.

1947 දී පමණ සිට බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ආසාධාරණයන්ට එරෙහිව රකීම් පළාතේදී රෝහින්ග්‍යාවරු අවිගත් නැගිටීමක් සිදුකල අතර (සියලු රෝහින්ග්‍යාවරු නොවේ) 1948 දී බ්‍රිතාන්‍යයෙන් ඉන්දියාව නිදහස් ලබන විට බුරුමයද නිදහස් රාජ්‍යක් විය. එහෙත් ලංකාවේ 1949 දී D.S. සේනානායක, UNP ආණ්ඩුව සිදුකළා සේම, ස්වදේශ බුරුම රජය රෝහින්ග්‍යාවරු දිගින් දිගටම නොසලකා හරින තැනට පත්කරන ලදී. ලංකාවේදී පුරවැසි පනත හා පාර්ලිමේන්තු සංශෝධන පනත්වලත්, වතුකරයේ දමිළ ජනයාගේ පුරවැසිභාවය අහිමිකර රටක් නැත්තවුන් බවට පත්කලා සේම 1962 සිට බුරුම හමුදා ජුන්ටාව විසින් එකක් රාජ්‍ය සේවයේ සිවිල් සේවයේ, පාර්ලිමේන්තුවේ පවා සිටි සියළුම රෝහින්ග්‍යාවරුන්ගේ අයිතිවාසිකම් දිගින් දිගටම උල්ලංඝනය කරන්නට විය.

හමුදා ජුන්ටාව රෝහින්ග්‍යාවරු ඇතුළු සුළු ජාතිකත්ව 09ක් පමණ සිටින බුරුමයේ වර්ධනීය පාලනයක් ගෙනයන අතර බහුතර බෞද්ධ ආගමිකයන් බුරුම හමුදා ජුන්ටාව  සමඟ එක්ව වර්ධනය සාධාරණීය කරන ලදී. වර්ථමානයේ ලංකාවේද බෞද්ධ පදනම ජාතිවාදී වන්නා සේම, බුරුමයේද මිලිටර් ජුන්ටාවට අවශ්‍ය වාර්ගික සුද්ධ කිරීමේ කාර්යය ජාතිවාදී – ආගම්වාදී උන්මන්තකයින් අතට ගන්නා ලදී. එහිදී වර්තමානයේ ලංකාවේ ජාතිවාදී උන්මන්තකයින්ට පොලිස් හා රාජ්‍ය ආරක්‍ෂාව ලැබෙන්නා සේම, බුරුමයේද මිලිටර් ජුන්ටාව බෞද්ධ ආගමිකයන් විසින් කරන මර්දනයට රැකවරණය ලබාදෙන ලදී.

සියවස් එකහමාරක පමණ එපිට සිට තමන්ට සිදුවන අසාධාරණයන්ට, සූරාකෑමට , මර්දනයට එරෙහිව අවසානයේ රෝහින්ග්‍යාවරු තමන්ට හැකි පමණින් සන්නද්ධව ඊට මුහුණ දෙන්නට තීරණය කළ අතර, ලංකාවේ දමිළ බෙදුම්වාදයේ මුල් අවස්ථාව එයට පහසුම උදාහරණය සපයයි. 1978 දී හමුදා ආණ්ඩුව විසින් ත්‍රස්තවාදී ලේබලය අළවා රෝහින්ග්‍යාවරු විශාල මර්දනයකට ලක්කරන අතර, දහස් ගණනක් වධ දී මරාදමන ලදී. නිවාස ගිනි තැබීම්, මාරාන්තික තුවාල සිදුකිරීම් (කපාකොටා) ළමයින්ව මරා දැමීම් හා විශේෂයෙන් කාන්තාවන් හා දැරියන් දූෂණය කිරීම් අතිවිශාල ප්‍රමාණයක් සිදුකරන ලදී. නිරායුධ අහිංසක පිරිසකට එසේ සිදුකරන ලද මර්දනයේ ප්‍රමාණය 1983 ලංකාවේදී UNP ඇති කළ කළු ජූලිය හොඳම උදාහරණයක් වෙයි.

එයින් නොනැවතුණු හමුදා ජුන්ටාව 1982 දී සියලු රෝහින්ග්‍යාවරු පිටමන් කළ යුතු යයි නීතියක් ගෙන එන අතර, සියලු පුරවැසි ඉල්ලීම් තහනම් කරන ලදී. වෘත්තීය අයිතිවාසිකම්, අධ්‍යාපන අයිතීන් අහිමි කරන අතර වහල්ලු හෝ සරණාගතයින් පමණක් ලෙස සලකන ලදී. ඉතාම ප්‍රාථමික මට්ටමේ උවද අවිගත් සන්නද්ධ කල්ලි නිර්මාණය වීමට අවශ්‍ය වටපිටාව එයින් සලසන අතර ලෝකයේ වෙනත් රටවල ක්‍රියාත්මක වන ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදීන් මෙයින් ප්‍රයෝජන ගන්නා ලදී.

ඇරකන් රෝහින්ග්‍යා ජාතික සංවිධානය (ARNO) සහ පසුව නිර්මාණය කරන ලද ඇරකන් රෝහින්ග්‍යා විමුක්ති හමුදාව නිර්මාණය වන්නේ මෙවන් පසුබිමක් යටතේය.1991, 1992, 2012, 2015, 2016, 2017 යන වසරවල පිලිවෙලින් විශාල රෝහින්ග්‍යාවරු පිරිසක් ඝාතනයට ලක්වන අතර, කුඩා දරුවන් පවා අමානුෂික ලෙස ඝාතනය කර තිබුණි. මේ වන විට ගම්මාන 350ක් පමණ මුළුමනින්ම ගිනිතබා විනාශකර දමා ඇති අතර, හිට්ලර්ගේ යුදෙව් යුද්ධයට සමාන විනාශයක් හා ඝාතනයක් සිදුකරමින් පවතී. හමුදාව ඉතා මර්දනීය ලෙස කටයුතු කරන අතර, මියන්මාර් නායිකා අවුන් සාං සුකී කිසිවක් තමන් නොදන්නා බව හෝ පිළිතුරක් හොයමින් සිටින බව පවසමින් කල්මරමින් සිටී. ඇයගේ ඡන්ද පදනම බුරුම බෞද්ධ වන නිසාත් ඇය ඇත්තෙන්ම අධිරාජ්‍යවාදී උපාය මාර්ගවල ඉත්තෙක් ලෙස කටයුතු කරන්නියක්ද වබ බැවිනි.

මෙවන් අති අමානුෂික මර්ධනයකට ලක්වෙන රෝහින්ග්‍යාවරුන්ට සහන සැපයීමට වත් ඇති අවස්ථාව හමුදාව විසින් අහුරා ඇති අතර, රකීන් පළාත තහනම් කලාපයක් කර එය එකම වධකාගාරයක් ලෙසත්, ලෝකයේ වාර්ගික සුද්ධයක ලක්කරන ලොකුම වධකාගාරය ලෙසත් බුරුම පාලනය විසින් පවත්වාගෙන යනු ලබයි. අවුන් සාං සුකී හා ඉතා මිලේච්ඡ අලුගෝසුවෙකු ලෙස ප්‍රසිද්ධ අශීන් විරතු නම් බෞද්ධ භික්ෂුව හමුදා පාලනය සමඟ මේ මිලේච්ඡ ක්‍රියා සිදුකරන අතර, ලංකාවේද අශීන් විරතු නම් අලුගෝසුවාට නෑකම් කියන භික්ෂු වේශධාරීන් කීපදෙනෙකු හා සුනඛ ජන්මයක් සහිත ඩෑන් ප්‍රියසාද්ලා, නොර්වේ මුදල් මත International  Crisis Group නම් බෙදුම්වාදී සංවිධානයේ මඟ පෙන්වීම යටතේ මුස්ලිම් විරෝධයක් හා ඒ හරහා රෝහින්ග්‍යා විරෝධයක් දියත් කරමින් සිටී.

පසුගිය දිනක ගල්කිස්සේ දී ගල්ගසා එළවා දමනු ලැබුවේත්, මිරිහානයේ රඳවා සිටි අහිංසක සරණාගත දැරියක් පොලිස් නිලධාරියෙකු විසින් දූෂණය කරන ලද්දේත් මෙසේ බුරුමයෙන් පලායමින් සිටි සරණාගතයන්ය. එසේ නරුම ලෙස හැසිරුණු පොලිස් නිලධාරියාගේ පාර්ශවය ඩෑන් ප්‍රියසාද් ප්‍රමුඛ ජනිත්, චින්තක, ගයාන් යන අයත්, ගොම්බද්දල දමිත, මැදගොඩ අභයතිස්ස, අක්මීමන දයාරත්න යන අශීන් විරතු අලුගෝසුවාගේ ඥාතියෝත්, ගනු ලබන අතර, කිසිවෙකුට විරුද්ධ රජය විසින් (පොලිසිය විසින්) නිවැරදිව චෝදනා ගොනුකර නීතිය හමුවට පමුණුවා නැත. අනෙක් අතට ඩෑන් ප්‍රියසාද්ලා හා මෙහි භික්ෂූන් සෘජුවම මහින්ද හා ගෝඨාභය සමඟ බොදුබල සේනාව, සිංහල රාවය වැනි සංවිධානවල සිට ඔවුන්ගේ ආධාර උපකාර ලැබූ අයයි.

අවසාන වශයෙන් වර්ථමාන ලංකාව ගමන් කරමින් සිටින්නේ කොතැනකටද? රොහින්ග්‍යා සරණාගතයන්ගේ ප්‍රශ්නයේ සමස්ත මුස්ලිම් විරෝධයක් ඇති කරන බලවේග යනු අන්ත ජාතිවාදී – ආගම්වාදී පිරිසක් වන අතර, පසුගිය රාජපක්ෂ ආණ්ඩුවටත්, වර්ථමාන රනිල් – මෛත්‍රී ආණ්ඩුවටත් ඔවුන්ගේ සේවය අවශ්‍ය බව වර්ථමාන කාරණා දෙස බලද්දී පෙනී යනු ඇති. තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෛත්‍රී පිල හා මහින්ද පිල එකතු වී නැතත් නිල නොවන ලෙස දෙගොල්ලෝ එකඟත්වය කටයුතු කරන බව පැහැදිළිය. අනෙක් අතට අන්ත පක්‍ෂ දෙකවූ ශ්‍රීලනිපය හා රනිල් ප්‍රමුඛ UNP ය එක්ව එකට සහයෝගයෙන් කටයුතු කරන බව චූදිතයන්ට දෙනු ලබන රැකවරණය හමුවේ හොඳින්ම පැහැදිළිය. එසේ නම් රෝහින්ග්‍යා ප්‍රශ්නයත් මුස්ලිම් විරෝධයක් කාගේ නිර්මාණය විය හැකිද? එය ඇත්ත වශයෙන්ම දුර්වල අර්බුද යට යමින් පවතින පාලක පංතියේ චක්‍ර නිර්මාණයන්ය. බුරුමයේ අශීන් විරතු අළුගෝසු භික්ෂුව ප්‍රමුඛ බෞද්ධයන් හරහා අවුන් සාං සුකීලාගේ හමුදාවත් එක්ව සිදුකරන්නේ අනාගත ආර්ථික අහේනිය හමුවේ බිඳ වැටෙන (සීඝ්‍ර ලෙස) මියන්මාරය තව කෙටි කාලයක් හෝ රැක ගැනීමට ගෙනයන දේශපාලන කුමන්ත්‍රණයක් වන අතර ලංකාවේ උක්ත ප්‍රශ්නයට පෙරමු කොට ජාතිකත්ව විරසකය පාලක පංතියේ පැවැත්ම රුකුලක් කර ගැනීමට යොදා ගනී.

ආසියානු කලාපයේ අන්ත දුගී රටක් වන මියන්මාරය අවුන් සාං සුකීට ලෙස ලබාදෙන්නේ හමුදා පාලනයෙන් මිදී ප්‍රජාත්‍රන්තවාදය සහිත සංවර්ධනීය මට්ටමකට රට ගෙන යාමටය. එහෙත් සුකී ගත් මඟ අනෙකකි. 86% ජනතාවගේ (ඡන්දය ලබාදුන්) බලාපොරොත්තු වලට පයින් ගසා හමුවේ කාර්ඩ් බෝර්ඩ් වීරයෙකු වෙත නොයෙක් සම්මානයන්ගෙන් පිදුම් ලත් අධිරාජ්‍ය ගැති අවුන් සාං සුකීට මේ මොහොතේ මියන්මාර් ජාතික මර්දනය අවශ්‍ය වන්නා සේම, ඉතා සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින ලාංකීය පහසුකම් ධනේශ්වර රජය රැක ගැනීමට නැවත යුද්ධයක්, මරා ගැනීමක් අවශ්‍ය බව රාජපක්‍ෂවරු සේම රනිල් මෛත්‍රී හවුල කල්පනා කරනවා විය හැකිය. ඒකාධිපතියෙකු පරදවා යහපාලනයක් යැයි නිර්මාණය කරගත්, තවත් ජාතිවාදී, හිස් ආණ්ඩුවක් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරනවා වෙනුවට නැවත වටයකින් විරසකය, අසාධාරණය, මර්දනය නොසලකා හැරීම, කොන් කිරීම අරඹා ඇත. එය ලංකාවේ හෙට දවස ගැන ගෙන දෙන්නේ අවිනිශ්චිත තත්වයකි. එහෙත් ජාතිවාදීන්ට වඩා බුද්ධිමත් ජනතාව රටේ බහුතරය වී හමාරය. ජාතිවාදී රෝගීන් අතළොස්සකි. අනාගතය තල්ලු කරගත යුත්තේ කොතැනකටද යන්න කල්පනා කර බැලිය යුතුය.

K D ජයකොඩි.

(සංවාදයට විවෘතයි)

Leave A Reply

Your email address will not be published.