සයිටම් පුද්ගලික ආයතනය පිළිබඳව පසුගියදා ලබා දුන් අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කළ යුතු යැයි විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
පසුගිය දා ශ්‍රී මහා බෝ සමිඳුන් සහ ස්වර්ණමාලී චෛත්‍යාරාජයාණන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
එහිදී සයිටම් ආයතනය සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්‍රාමික ජනාධිපතිවරයා…
“සයිටම් එක සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක කරන්න ඕනෑ. සයිටම් එක මූලිකව පටන් ගත්තේ අපේ ආණ්ඩුව කාලේ. නමුත් මුලින් අපිට කිව්වේ නැතිව වෙන දේවල් පටන් ගත්තේ. පටන් අරගෙන ටික දුරක් යන කොට කවුරුත් දැන ගත්තේ මෙහෙම එකක් කරගෙන යනවා කියලා.”
සයිටම් ආයතනය ආරම්භ කිරීම සඳහා මහින්ද රාජපක්ෂ පාලන සමයේ එම රජයේ අනුමැතියෙන් රුපියල් මිලියන 600ක මුදලක් ණයක් වශයෙන් නෙවිල් ප්‍රනාන්දු වෙත ලබා දී ඇතැයිද පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළි විය.