topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සපුගස්කන්ද ඕ.අයි.සී පෙන්වූ ‘පොලීසියේ අභිමානය’

police 22

“ආණ්ඩුවත් අපේ, පොලිසියත් අපේ, ඕනෙ එකෙකුට ගහල පන්නනවා” යයි ඇමති ජෝන් අමරතුංග කිව්වේ මෑතකදීය. මේ ජෝන් නිකම්ම නිකම් පුද්ගලයෙකු නොව සාගලට පෙර පොලිසිය භාරව සිටි ඇමැතිවරයාය. “මහජන මිත්‍රශීලී, අභිමානවත්, වෘත්තිමය පොලිස් සේවයක් සඳහා” යන ආදර්ශ පාඨය ඉස්සර කරගෙන අතීතයේ කළු පැල්ලම් වසා ගන්නට පොලිස් දෙපාර්තමේන්තුව උත්සාහ දැරූවද, බලයට පත්වන හැම ආණ්ඩුවක්ම පොලිසියේ රාජකාරි සියතට ගත්තේ ජෝන්ගේ සංකල්පයේම හිඳිමිනි. ජෝන් එය ප්‍රසිද්ධියේම කීවේය. පොලිසියේ එදා සිට අද දක්වාම ඉහල නිලධාරීන් සිටියේද දේශපාලකයන්ගේ සාක්කුවේ බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත. ජෝන්ගෙන් ගලවා පොලිසිය භාරගත් සාගලද ඊට වඩා වෙනසක් නැති බව පොලිස්පතිවරයා ලෝකයටම පෙන්වූයේ සුප්‍රසිද්ධ “සර් කෝල් එක” හරහාය. ඒ නිසා එදත් අදත් පොලිසියේ මහජන මිත්‍රශීලීකමත්, අභිමානයත්, වෘත්තීයභාවය ගැනත් කතා කරන්නට දෙයක් නැත.

රට පුරා සිදුවන අත්තනෝමතික රඳවා ගැනීම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පුද්ගල නිදහස සඳහා වන අයිතිය භුක්ති විඳීම සම්බන්ධයෙන් පවතින සැළකිය යුතු මට්ටමේ අභියෝග හඳුනාගෙන ඇති බව අත්තනෝමතික රඳවා ගැනීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම පවසන්නේ නීතියේ ස්වාධීනත්වයත්, නීතිය රකින්නට සිටිනවුන්ගේ කෙරුවාවත් පිළිබඳ නිල නිරීක්ෂනයන්ද ඉදිරිපත් කරමිනි.
බොහෝ අවස්ථාවල වධහිංසා හෝ බලහත්කාරය යටතේ ලබා ගන්නා ලද පාපොච්චාරණය මත පරීක්‍ෂණ රඳා පැවතීම, රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීම, පමණ ඉක්මවා භාවිත කිරීම, පුද්ගලයන් රඳවා ගැනීම සඳහා ඵලදායී විකල්පයන් නොමැති වීම, යල් පැනගිය නීති රාමුව ඇතුළු ගැටළු රැසක් පෙන්වා දෙනු ලැබීය. ඒ මීට මාසයකටත් අඩු කාලයකට පෙර පසුගිය දෙසැම්බර් 15 වන දිනය.

ලෝක නියෝජිතයන් තුළද ශ්‍රී ලංකාවේ නීතිය සහ පොලිසියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ නිරීක්‍ෂණ එසේ වුවත්, ඒවා අපේ පොලිස් ලොක්කන්ට නම් අදාළ බවක් පෙනෙන්නට නැත. සාමාන්‍ය ජනතාවට පමණක් නොව මහජන නියෝජිතයන්ට පවා පොලිසිය දක්වන ගරුත්වය හතර කොණින් දිගහැර පෙන්වන්නට පසුගියදා සපුගස්කන්ද පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා කටයුතු කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලංකාවේ නිරීක්‍ෂණ ප්‍රමාණවත් නොවන නිසා යයි සිතු නිසා වන්නට ඇත. කාකි කෝට් එක ඇඳගත් විට ඇතැමුන්ගේ මොළය පශ්චාත් භාගයට වැටෙන බව පෙන්වමින් සපුගස්කන්ද වැඩ බලන ස්ථානාධිපතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවේම කලිසම් ඔලුවෙන් ගලවා දැම්මේය.
එය සිදුවන්නේ මෙසේය: නිවාස කොල්ලයක් සම්බන්ධයෙන් සැකපිට සපුගස්කන්ද පොලිසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නේ පසුගිය 02 වෙනිදා රාත්‍රියේදී සපුගස්කන්ද පොලිස් වසමේ හෙයියන්තුඩුව, ගොඩැල්ලවත්ත ප්‍රදේශයේදීය. පුෂ්පකුමාර නම් වූ එම පුද්ගලයා පොලිසියට ගෙන ගොස් දින දෙකක් පොලිස් අත්අඩංගුවේ තබාගෙන පහරදී ඇති බව මේ වන විට හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් ඇප මත මුදා හැරීමක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමක් විනා රඳවා ගැනීමට හෝ පහර දීමට පොලිසියට කිසිඳු බලයක් නොමැත. එහෙත්, නීතිය හා සාමය රැකියා යුතු පිරිස් නීතියේ යුවතිය කෙළෙසන විට අගතියට පත් පාර්ශවයන්ට කිසියම් හෝ හව්හරණක් නොමැත. පොලිසිය තුළ සිදුවන මේ සිදුවීම්වලින් කරකියා ගත නොහැකි තත්වයකට පත්වන අත්අඩංගුවට පත් පුද්ගලයාගේ පියා අවසානයේ තම පුත්‍රයාට පොලිසිය තුළ සිදුවන අකටයුත්ත ගැන කියන්නට යන්නේ ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයකු වන පාලිත විජේසිංහ වෙතය.අත්අඩංගුවට පත්වී ඇති පුද්ගලයා වරදක් කර ඇද්ද නැද්ද යන්න තීරණය කිරීම අධිකරණයට භාර කටයුත්තක් වුවත්, අත්අඩංගුවට පත්වන ඕනෑම පුද්ගලයෙකුට ලැබිය යුතු අයිතිවාසිකම් සපුගස්කන්ද පොලිසිය තුළදී උල්ලංඝනය වෙමින් තිබෙන බව තේරුම් ගත් පාලිත විජේසිංහ විසින් මේ සම්බන්ධව පළාත් සභා මන්ත්‍රී, අචාර්ය අශෝක රන්වල මහතාට දැනුම්දී ඔහු සමඟ සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත යන්නේ පසුගිය 03 වැනිදාය.ඒ යන විටද අත්අඩංගුවට පත්වී සිටින පුෂ්පකුමාර නමැති සැකකරුට ඇවිද ගැනීමට වත් නොහැකි වන තරමට පහරදී තිබුණු බව පාලිත විජේසිංහ පවසයි. ස්ථානාධිපතිවරයා මුණ ගැසුණු අශෝක රන්වල නීතියට අනුව ක්‍රියා කරන ලෙසත්, සැකකරුට පහරදීම් නොකර ඔහු පොලිස් ඇපමත නිදහස් කරන ලෙස හෝ ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ඒ අනුව ඒ සිදුවීම එතැනිනි අවසන් විය.

එහෙත් ජනවාරි 04 වන දින වන විටත් පොලිසියේ පාර්ශවයෙන් කිසිවක් සිදු නොවී තිබෙන බවත්, දරුවා බැලීමට හෝ පොලිසියෙන් අවස්ථාව ලබා නොදෙන බවත් කියමින් අත්අඩංගුවට පත් පුද්ගලයාගේ පියා නැවතත් රන්වල මහතා හමුවන්නේ එදින කිරිබත්ගොඩ පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැළිය අවස්ථාවේදීය. ඒ අනුව නැවතත් එදින රාත්‍රී 9.00 ට පමණ අශෝක රන්වල මහතා සපුගස්කන්ද පොලිසිය වෙත යන අතර, ඒ වන විට පොලිසියේ වැඩබලන ස්ථානාධිපති වශයෙන් සිට ඇත්තේ අපරාධ අංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කරන ලින්ටන් ද සිල්වා නැමැත්තාය. ඔහු හමුවට යන පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා පොලිසියට පවසා ඇත්තේ නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසයි. එහෙත් ඒ කිසිවකට ඇහුම්කන් නොදෙන වැඩබලන ස්ථානාධිපතිවරයා එක් වරම මන්ත්‍රීවරයාට පහරදී බිම දිගේ ඇදගෙන ගොස් පොලිස් සිර මැදිරියට දමා සිරමැදිරිය තුළදී ද පහර දුන් බව සිද්ධිය ඇසින් දුටු පාලිත විජේසිංහ පවසයි.

ඒ අවස්ථාවේ පොලිස් නිල ඇඳුමෙන් සිටි වැඩබලන ස්ථානාධිපතිවරයා සුළු වේලාවකින් නිල ඇඳුම තමන් විසින්ම ඉරාගෙන වෙනත් සිවිල් ඇඳුමකින් පැමිණ මන්ත්‍රීවරයා තමන්ට පහර දුන් බවට පැමිණිල්ලක් සටහන් කර තිබේ.ඒ සම්බන්ධයෙන් විමසූ විට පොලිසියේ සෙසු නිලධාරීන් තමන්ට පහර දෙන්නට සූදානම් වූ බවත් පවසන විජේසිංහ මහතා පොලිස් පහර කෑමෙන් බේරී ඇත්තේ එතනින් පැන දිවීමෙන් බවත් පවසති. කෙසේ වෙතත්, අවසානයේ මන්ත්‍රීවරයා තමාට පහර දුන් බව පවසමින් එදින රාත්‍රියේ කළ පැමිණිල්ලකට අනුව එම පොලිස් නිලධාරියා විසින්ම අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් අත්අඩංගුව යටතේ ප්‍රතිකාර ලැබූ අශෝක රන්වල මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉකුත් 5 වැනිදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
මතුපිටින් බැලූ විට මෙය හුදෙකලා සිදුවීමක් සේ පෙනුණද, මේ පසුපස දේශපාලන බලපෑම් හොල්මන් කරමින් සිටින බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. පොලිසියේ මර්දනකාරී ක්‍රියා පිළිවෙත එක ප්‍රශ්ණයකි. පොලීසියෙන් පහර කා රෝහල්ගතව සිටින කෙනෙකු ඇප ලබා නොදී බන්ධනාගාරගත කිරීමට අධිකරණය ගෙන තිබෙන තීන්දුව තවත් ප්‍රශ්ණයකි. මෙම රාජ්‍ය ආයතනවල නිලධාරීන් නීතිය තමන්ට අවශ්‍ය ලෙස නවමින් අත්තනෝමතික ලෙස සිය බලය ජනතාවට එරෙහිව යොදවමින් සිටින බවට මෙය කදිම නිදසුනකි.
පොලිසිය, අධිකරණය වැනි ආයතනවලින් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන්ට එල්ල වන තර්ජන ඉවත් කිරීම පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේ දී වේදිකා දෙවනත් කළ යහපාලන පොරොන්දුවකි. ඒ සඳහා යෝජනා කෙරුණේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමයි. මෙම කොමිෂන් සභා මඟින් පොලීසිය, අධිකරණය වැනි ආයතනවලට එල්ල වන දේශපාලනය මැදිහත්වීම් ඉවත් කරන බවට මතයක් නිර්මාණය කළ අතර, සිදුකල ප්‍රතිසංස්කරණ හරහා නිලධාරී තන්ත්‍රය බලාත්මක කෙරිණි. එහෙත්, පැවසූ පරිද්දෙන් දේශපාලන බලපෑමේ අවකාශය සම්පූර්ණයෙන් අහෝසි නොවිණි. නීතිය තවමත් ක්‍රියාත්මක වන්නේ දේශපාලනයට අවශ්‍ය අයුරින්මය.

කෙසේ වෙතත්, මේ හරහා නිරුවත් වූ පොලිස් දෙපාර්තමේන්තුවේ නීතිගරුක භාවය සහ ස්වාධීනභාවයට නැවත සළුපිලි අන්දන්නට ආණ්ඩුව සෑම අතින්ම සූදානම් වෙමින් සිටී. ස්වාධීනත්වය පෙන්වීම සඳහා සපුගස්කන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙසට නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක විසින් පොලිස්පති පූජිත් ජයසුන්දරට නිර්දේශ කර තිබේ. එසේම බස්නාහිර පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණු පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතාට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සිදුකරන විමර්ශනයේ මූලික වාර්තාවක් එම කොට්ඨාසය විසින් අමාත්‍ය සාගල රත්නායකට ලබා දී ඇත. මෙම විමර්ශනය ස්වාධීනව හා අපක්ෂපාතීව සිදු කිරීම සඳහා එම පොලිස් නිලධාරියාව තාවකාලිකව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය වෙත මාරු කරන ලෙසටද කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ලබාදුන් මූලික වාර්ථා වේද සඳහන්ව ඇත.
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ බව දන්නෝ දනිති. ඒ අවස්ථාවේ පොලිසියේ සිටි බාහිර පුද්ගලයන් යයි කියන දෙදෙනෙකුගේ සාක්‍ෂි සටහන්ද පොලිසිය විසින් ඉදිරිපත් කර තිබේ. ඒවායේ ස්ථානාධිපතිවරයා විසින් අශෝක රන්වල මහතාට පහර දුන් බවට සඳහනක් නැත. එහෙත්, පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ මන්ත්‍රීවරයාට පහරදීමක් සිදුවී ඇති බව වෛද්‍ය පරීක්‍ෂණවලින්ද ඔප්පු වී තිබෙන අතර, රක්‍ෂිත භාරයේ සිටිමින් මන්ත්‍රීවරයා රෝහල් ගතකර ඇත්තේ ඒ නිසාය. පොලිසිය ඉදිරිපත් කරන නිර්පාර්ෂික ස්වාධීන සාක්ෂිද එසේය. තමන්ට පහර දුන් බවට පැමිණිල්ල කරන පොලිස් නිලධාරියාම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනියි. ඒවා හතර බීරි වැඩ බව බැලූ බැල්මට පෙනේ.

කෙනෙකු පොලිසිය වෙත යන්නේ නීතියේ රැකවරණයක් පතාගෙනය. එසේ නොමැති නම්, සාධාරණ මැදිහත් වීමක් බලාපොරොත්තුවෙනි. පොලිසියේ කාර්යභාරය වන්නේ නීතියේ ක්‍රියාකාරිත්වයත්, නීතියේ රැකවරණයත් සැමට සමානව සහ සාධාරණව ලැබීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කිරීමයි. යුක්තිය පසිඳලීම පොලිසියේ කාර්යය නොවේ. එය අධිකරණයේ කටයුත්තකි. තමන්ට අදාළ කටයුත්ත නොකර බල්ලාගේ වැඩේ වෙනුවට බූරුවන්ගේ වැඩේ කරන්නට යන මෙවැනි පොලිස්කාරයන් නිසා අවසානයේ සිදු වී තිබෙන්නේ ජනතාව අනාරක්‍ෂිත වීමය. පළාත් සභා මන්ත්‍රීවරයෙකුට පවා ජනතාවගේ පාර්ශවයන් සාධාරණය පිළිබඳ කථා කරන විට පොලිසියේ හැසිරීම මෙසේ නම් ජනතාවට පොලිසියේ ප්‍රතිචාරය ගැන කතා කිරීම පවා තේරුමක් නැති දෙයකි. එහෙත් එය බරපතළ ඛේදවාචකයකි.

ලංකා

Leave A Reply

Your email address will not be published.