විද්‍යා සිසුවියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකුට පළා යාමට ඉඩ සැලැස්වීමේ චෝදනා මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණයකට අනුව අදාළ නඩුව යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වේ.