topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සිංහල විශ්වකෝෂය වැසෙයි?

sinhal ency 6

සිංහල විශ්වකෝෂයක වැදගත්කම.

සිංහල විශ්වකෝෂය යනු ජාතික වටිනාකමකින් හෙබි අග‍්‍රගන්‍ය වැඩපිළිවෙළකි. සිංහල භාෂාවෙන් ඉගෙනගන්නා සිසුන්ට ද සිංහල බසින් ඥාන ගවේෂණය කරනු ලබන විද්‍යාර්ථීන්ට ද දැනුම අත්පත් කරගත හැකි ප‍්‍රධාන මූලාශ‍්‍රයකි සිංහල විශ්වකෝෂය. ඊටත් වඩා, ලංකාව ගැන ද අපේ ඉතිහාසය ගැන ද සංස්කෘතිය ගැන ද අප රටට සම්බන්ධ අනෙකුත් වැදගත් කාරණා සියල්ල අඩංගු වී ඇති මූලාශ‍්‍රය නම් සිංහල විශ්වකෝෂයයි. ඉංග‍්‍රීසි බසින් කොතරම් විශ්වකෝෂ තිබුණත්, අන්තර්ජාලයෙන් මොනතරම් තොරතුරු සොයාගත හැකි වුණත් අපේ දේවල් පිළිබඳ ප‍්‍රාමාණික දැනුමක් ලබාගත හැකි එකම මූලාශ‍්‍රය නම් මෙය ම යැයි අවිවාදයන් කිව හැකිය.

එහෙව් දැනුම් සම්භාරයකට සහ ජාතික සම්පතකට අද සිදු වී ඇති දෙය ඉතාමත් කණගාටුදායක ය.

සිංහල විශ්වකෝෂයේ වර්තමාන තත්ත්වය.

වර්තමානය වන විට කර්තෘ මණ්ඩලය ප‍්‍රධාන කර්තෘට පමණක් සීමා වී ඇත. ප‍්‍රධාන කර්තෘ යනු කොන්ත‍්‍රාත් පදනම මත පත්වන විශ්ව විද්‍යාලයකින් විශ‍්‍රාමලත් මහාචාර්යවරයෙකි. ඊට අමතරව කර්තෘ මණ්ඩලයට අයත් නොවන කර්තෘ මණ්ඩල සහකාරවරුන් දෙදෙනෙක් සහ චිත‍්‍ර සංස්කාරකවරයෙක් සේවයේ යෙදී සිටිති. ඔවුන්ගේ සහාය සඳහා කාකාස කෙනෙක්, ශෝධ්‍ය පත‍්‍ර පාඨකවරියක් සහ පුස්තකාල සහකාරිනියක් සේවයෙහි යෙදී සිටිති.

ධුරාවලියට අනුව කාර්යාලයේ කර්තෘ මණ්ඩලයේ සැකැස්ම සෑදී ඇත්තේ ප‍්‍රධාන කර්තෘ, කර්තෘ, නියෝජ්‍ය කර්තෘ සහ සහකාර කර්තෘ වශයෙනි. එහෙත් වර්තමානය වන විට කර්තෘ සහ නියෝජ්‍ය කර්තෘ, සහකාර කර්තෘ තනතුරුවල කිසිවෙක් නැත. කාර්යාලයෙන් බාහිර ව සිටින විද්වතුන් මේ කෙරේ දක්වන උදාසීන ආකල්පය හා අඩු වැටුප ද පූර්ණකාලීන ව රජයේ ආයතනික ව්‍යූහයට බද්ධ වීමට ඇති නොහැකියාව ආදි කාරණා නිසා විශ්වකෝෂකරණය සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගත නොහැකි වී තිබේ.

දැනට බත්තරමුල්ලේ කඩුවෙල පාරේ අංක 275 දරන ස්ථානයේ පිහිටි කුලී පදනම මත ලබාගත් සිව් මහල් ගොඩනැගිල්ලක සිව්වන මහලට සිර වී කාර්යාලය පවත්වාගෙන යනු ලැබේ.ඉන් ඉතිරි තෙමහලේ පුද්ගලික අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යයි. මෙය නගර මධ්‍යයේ පිහිටියා වූත් විශ්වකෝෂකරණය සඳහා අවශ්‍ය පාරිසරික හා ශාස්ත‍්‍රාලීය පසුබිමක් රහිත වූත් ස්ථානයකි. මෙම ස්ථානයෙන් ද ඉවත්වීමට අවසන් නිවේදනය මේ වන විට ගොඩනැගිලි හිමිකරු විසින් සිදුකර ඇත. එහෙත් විශ්වකෝෂය පාලනය කරනු ලබන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මේ වන විටත් කිසිදු පියවරක් නොගෙන මුණිවත රකිමින් සිටියි. විශ්වකෝෂ කාර්යමණ්ඩලයට කාර්යාල පරිශ‍්‍රයක් තබා මේසයක් පුටුවක්වත් හිමි වන සේයාවක් හෝ පෙනෙන්නට නැත. කාර්යාලයකට අවශ්‍ය අවම පහසුකම්වත් ඔවුනට තිබේදැයි පැමිණ සියැසින් ම දැකගත හැකිය. එහෙත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ බලධාරීන් මෙපමණ දෙයක් සිදු වී තිබිය දීත් මේ වන තෙක් මෙකී කාර්යාල කොටසට පැමිණවත් නැත.

සිංහල විශ්වකෝෂයේ ශාස්ත‍්‍රීය පදනම බිඳ වැටී ඇත. අතීතයේ මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය එන්.එම්.පෙරේරා, මහාචාර්ය කේ.එන්.ජයතිලක වැනි ඒ ඒ විෂය ක්ෂේත‍්‍රයන්හි දිවයිනේ සිටි ප‍්‍රමුඛතම විද්වතුන් වන ලෝක පූජිත වියතුන් අතින් ලිපි ලියැවුණු සිංහල විශ්වකෝෂය අද වන විට සාමාන්‍ය විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලවා හෝ ලිපියක් ලියා ගත නොහැකි දුෂ්කර තත්ත්වයකට ඇද වැටී තිබේ.

අද වන විට කර්තෘ මණ්ඩලයේ එකම දර්ශනශූරී (Phd) උපාධිධාරියෙක්වත් නැත. විශ්වකෝෂ කාර්ය මණ්ඩල පුහුණුව සඳහා මුදල් වෙන් වුණත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඒවා ඔවුන්ට ලබා දීමට කටයුතු නොකරයි. ශාස්ත‍්‍රාලීය සුදුසුකම්වලින් මෙතරම් හීන කර්තෘ මණ්ඩලයක් ඇති වෙනත් විශ්වකෝෂයක් ලෝකයේ නැත. ශුද්ධ විද්‍යා විෂය ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් දැනුමැති එකදු අයෙක්වත් සේවයේ නොසිටිති. එම සුදුසුකම් සපුරාගනුවස් විදෙස්ගත වූ බොහෝ දෙනකු යම් යම් හේතූන් මත සේවයෙන් පහකර ඇත. සිංහල පාඨකයන්, විශේෂයෙන් ම විශ්වවිද්‍යාල හා පාසල් ශිෂ්‍යයන් අතර සෙසු විශ්වකෝෂ මෙන් ම සිංහල විශ්වකෝෂය ද පරිශීලනය බෙහෙවින් අඩු වී තිබේ.

තත්ත්වය මෙසේ පවතිද්දී සිංහල විශ්වකෝෂය අවසන් කිරීම සඳහා, 1955 නිර්ණය කර ගත් සමස්ත කාර්යභාරයෙන් තවත් 2/3ක් ඉටු කළ යුතුව ඇත. ඒ අනුව, ට, ඨ, ඩ, ඪ, ණ, ත, ථ, ද, ධ, න, ප, ඵ, බ, භ, ම, ය, ර, ල, ව, ශ, ෂ, ස, හ, ළ, ෆ යන අක්ෂරයන්ගෙන් ආරම්භ වන විෂයානුකූල වැදගත්කමක් ඇති සියලූ ම ලිපි පළ කළ යුතු වේ. 1/3 අවසන් කිරීමට වසර 62 ක් ගත වුණා නම්, කර්තෘ මණ්ඩලයක් නොමැතිව ඉතිරි 2/3 නිම කිරීමට ගත වන කාලය කුඩා දරුවකුට වුව ද සිතාගත හැකිය.

විශ්වකෝෂය නවලොවට ගැළපෙන සේ ප‍්‍රතිව්‍යූහගත කිරීම සඳහා වෙබ් අඩවියක් ඇරඹීමට කටයුතු සිදු කෙරෙමින් සිටියත් එය ද නිසි පරිදි ක‍්‍රියාවට නැංවීමට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ පරිපාලන ව්‍යූහය ඉඩ සලසා දෙන්නේ නැත. එපමණක් නොව කාණ්ඩ වශයෙන් මුද්‍රණ කටයුතු කරගෙන යාම මේ වන විට සම්පූර්ණයෙන් ම නවතා තිබේ. යම් හෙයකින් වෙබ් අඩවිය ද ලබන වසරේ සිට අකර්මන්‍ය වුවහොත් සිංහල විශ්වකෝෂය කියා එකක් සදහටම අපේ සිංහල දේශයෙන් අතුගෑවී යනු ඇත.

එවැන්නකට ඉඩ නොදී සංස්කෘතික කටයුතු දෙපර්තමෙන්තුවේ පරිපාලන ව්‍යූහයෙන් සිංහල විශ්වකෝෂය බේරා ගැනීම අද සමස්ත ශ‍්‍රී ලාංකේය ප‍්‍රජාවගේ ම යුතුකමක් වී තිබේ. නැත්නම්, මෙය අනාගත ලෝකයේ සිංහලෙන් ඥාන පරිශීලනය කරන අපේ දරුවන්ට කරන මහත් අසාධාරණයක් වනු ඇත.

 

  1. සිංහල විශ්වකෝෂයේ ඉතිහාසය සැකැවින්

විශ්වඥානය ස්වභාෂාවෙන් සැපයීමේ අවශ්‍යතාව අනුව අන්‍ය බොහෝ භාෂාවන්හි පවතින අයුරින් සිංහලයෙන් ද විශ්වකෝෂයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පිළිගත් ශ‍්‍රී ලංකා රජය 2 500 බුද්ධ ජයන්ති වර්ෂය නිමිති කරගෙන ඇරඹූ ව්‍යාපෘතියක් වශයෙන් සිංහල විශ්වකෝෂ ව්‍යාපෘතිය 1955 මැයි 2 වන දින ආරම්භ කරන ලදි. එහි සමාරම්භක ප‍්‍රධාන කර්තෘ වූයේ ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්ය වූ අභාවප‍්‍රාප්ත ඞී. ඊ. හෙට්ටිආරච්චිය. 2017 වසර වන විට මෙම ව්‍යාපෘතිය අරඹා හැටදෙවසරක් විය.

එහි සමාරම්භක සටහනෙහි සඳහන් පරිදි භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සත්ත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව, දේශපාන විද්‍යාව, භූගෝල විද්‍යාව, සමාජ විද්‍යාව, පුරා විද්‍යාව, බටහිර සාහිත්‍යය, ආයුර්වේදය, පෙර අපර දෙදිග ඉතිහාසය, චරිතාපදාන, කලා ශිල්ප, නීතිය, වාණිජ්‍යය ආදී වූ ඉතා විශාල පරාසයක් පුරා විහිදී යන ආකාරයෙන් මෙම කාර්යය ඉෂ්ට කිරීමට සැලසුම් විය. ආරම්භයේ දී අපේක්ෂිත වූයේ පිටු 750 කින් යුතු කාණ්ඩ 15 කින් මෙම කාර්යය නිම කිරීම ය. එදා මේ කෘතිය සඳහා ආදර්ශය වූයේ ඉංග‍්‍රීසියෙන් පළ වන එන්සයික්ලොපීඩියා බි‍්‍රටනිකා විශ්වකෝෂයයි.

1955 දී එසේ අපේක්ෂිත වුව ද කල් යාමේ දී අදාළ විෂය ක්ෂේත‍්‍රයන්ට අමතරව නව විෂය ක්ෂේත‍්‍රයන් ද ලෝක ඥාන සම්භාරයට එකතු වීම නිසා වෙළුම් 15 න් ඔබ්බට යා යුතු බව පැහැදිලිව පෙනුණි. දැනට වෙළුම් 20 කින් කාර්යය නිම කිරීමට අපේක්ෂා කළ ද එය නිශ්චිතව කිව නොහැකි තත්ත්වයක සිටිමු. සිංහල විශ්වකෝෂය ප‍්‍රයෝජනවත් කෘතියක් වීමට නම් මේ ගැන නම්‍යශීලී වීම අවශ්‍ය යැයි හැගේ.

වසර 62 කට පසු 2017 සැප්තැම්බර් මාසය වන විට පළ වී ඇති කාණ්ඩ ගණන 13 කි. පසුගිය කාණ්ඩවල ප‍්‍රගතිය පහත ආකාරයෙන් දැක්වේ.

 

කාණ්ඩය         මුද්‍රිත වර්ෂය     ශීර්ෂ පාඨ                                             ප‍්‍රධාන කර්තෘ

1                      1963               අ – අයිසොප‍්‍රින්                                    මහාචාර්යඞී.ඊ. හෙට්ටිආරච්චි

2                      1965               අයිසෝරියාව – ආහාර                          එම

3                      1967               ආහාර ආරක්ෂණය –

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය                      එම

4                      1970               ඉන්දුනීසියාව – උරස්                            එම

5                      1974               උරාර්තු – ඖෂධීය ශාක                        එම

6                      1978               ක – කාර්මික විද්‍යාව                             එම

7                      1988 – 1991  කාර්මික විප්ලවය – කෛවල්‍යය          ආචාර්ය හරිශ්චන්ද්‍රවිජේතුංග

8                      1994               කොංකොඩැට් –

ඛමේර් ජනපදය                                    මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස

9                      1998               ග – ගුවන් සේවා                                   එම

10                    2001               ගුවන් හමුදාව -ඝෝෂිතාරාමය  මහාචාර්ය මැන්දිස් රෝහණධීර

11                    2006               චා ඕ කුවාං යිං – ෙඡ්දි             මහාචාර්ය කේ.එන්. ඕ.ධර්මදාස

12                    2011               ජ  –  ජාත්‍යන්තර ගීතය             මහාචාර්ය කේ.එන්. ඕ.ධර්මදාස

13                    2014               ජාත්‍යන්තර ශබ්දශික්ෂා හෝඩිය

–  ටර්ක්මේනිස්ථානය                           මහාචාර්ය කේ.එන්. ඕ.ධර්මදාස

 

සිංහල විශ්වකෝෂයේ එකී වසර 62 ක පමණ ඉතිහාසය තුළ ප‍්‍රධාන කර්තෘ වරුන් හය දෙනෙක් සේවය කර ඇත. ඉන් ආරම්භක ප‍්‍රධාන කර්තෘ මහාචාර්ය ඞී. ඊ. හෙට්ටිආරච්චි මහතා යටතේ කාණ්ඩ 6 ක් එළිදැක්වීය. දෙවන වැඩිම කාලයක් මේ සඳහා සේවය කර ඇත්තේ පසුගිය ප‍්‍රධාන කර්තෘ මහාචාර්ය කේ. එන්.  ඕ. ධර්මදාස මහතා ය. එතුමා යටතේ කාණ්ඩ 5 ක් එළි දක්වා ඇත.

 

සිංහල විශ්වකෝෂයේ ප‍්‍රධාන කර්තෘවරු

  1. මහාචාර්ය ඞී. ඊ. හෙට්ටිආරච්චි 1955  –  1975
  2. ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග             1984  –  1990
  3. මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස                   1992  –  1998  සහ  2003  –  2016
  4. මහාචාර්ය මැන්දිස් රෝහණදීර 1998  –  2002
  5. මහාචාර්ය තිස්ස කාරියවසම්             2002  –  2003 (වැඩබලන ප‍්‍රධාන කර්තෘ)
  6. මහාචාර්ය කුලතිලක කුමාරසිංහ 2016 ඔක්තෝබර් 15 සිට

 

මෙම වසර 61 ක පමණ කාලය තුළ සිංහල විශ්වකෝෂය ස්ථානීය වශයෙන් ගොඩනැගිලි 9 කට හුවමාරු විය.

  1. 1955 මැයි 3 කොළඹ රොස්මිඞ් පෙදෙස අංක 109 දරන ස්ථානය (ලංකා බෞද්ධ මණ්ඩලය)
  2. 1956 ජනවාරි 1 පේරාදෙණිය ශ‍්‍රි ලංකා විශ්වවිද්‍යාලය
  3. 1971 කොළඹ 7 ධර්මපාල මාවත අංක 135 දරන ස්ථානය (ශ‍්‍රී ලංකා සංස්කෘතික මණ්ඩලය)
  4. 1989 පෙබරවාරි කොළඹ 7 නිදහස් මාවත අංක 14 දරන ස්ථානයේ පුස්තකාල සේවා

මණ්ඩල ගොඩනැගිල්ලේ බිම් මහල

  1. 1989 දී ම එම ගොඩනැගිල්ලේ පළමු මහල
  2. 1990 අගෝස්තු මැලේ වීදියේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පැවැති ගොඩනැගිල්ල
  3. 1991 ජනවාරි බෞද්ධාලෝක මාවතේ අංක 255 දරන ස්ථානය.
  4. 1995 සෙත්සිරිපාය 8 වන මහල
  5. 2007 පෙබරවාරි මස දැන් තිබෙන බත්තරමුල්ල අංක 275 දරන ස්ථානය.

sinhal ency 1 sinhal ency 2 sinhal ency 3 sinhal ency

Leave A Reply

Your email address will not be published.