topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුඩු සහ පාතාල ලෝකයේ තෝරු මෝරු හාල්මැස්සෝ, නීතියේ දැලට හසුකරගන්නවා.

Southern Development Minister Sagala Ratnayake

කුඩු ජාවාරමේ සහ පාතාල ලෝකයේ තෝරු මෝරු හාල්මැස්සෝ මේ සියලු දෙනාම නීතියේ දැලට හසුකරගන්නා බවත් ඒ කිසි කෙනෙකුට කිසිඳු සමාවක් හිමි නොවන බවද අමාත්‍ය සාගල රත්නායක කියා සිටියි.අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි, නිතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මෙසේ ප්‍රකාශකර සිටියේ 12 වැනිදා උදෑසන බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේ ජාතික තරුණ සේවා සභාව හසරැල්ලේ කැරැල්ල” නමින් ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමිව සංවිධානය කරන ලද “No Drugs අපි Youth” වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි. එම උත්සව සභාව ඇමතු අමාත්‍යවරයා

“සෑම වසරකම අගෝස්තු 12 වැනිදා ජාත්‍යන්තර තරුණ දිනය ලෙස සැලකෙනවා. මෙවර ජාත්‍යන්තර තරුණ දිනය ලෝකය පුරා “සාමය සඳහා තාරුණ්‍ය යන තේමාව යටතේ පවත්වන අවස්ථාවේදී ජාතික තරුණ සේවා සභාව මත් උවදුරට එරෙහිව පවත්වනු ලබන මෙම වැඩසටහන ඉතාමත් වැදගත්. රටේ තරුණ පරපුර කියන්නේ, රටේ ඉදිරි අනාගතය. අද ඔවුන් කරන කියන හැමදේම අනාගතේ රටේ ගමන් දිසාව තීරණය කරනවා. ඒ නිසා තරුණ පරපුර මතින් නිදහස් කිරීම ජාතික වගකීමක්.

මත්ද්‍රව්‍ය ජාවාරම මේ වන විට බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ වන විට මත්ද්‍රවය සහ පාතාලය, එහෙම නැත්නම් සංවිධානාත්මක අපරාධ, එකට බැඳුනු ක්‍රියාවලියක් ලෙසයි සිදුවෙන්නේ. ඒ නිසා එය මර්දනය කිරීමේදී ඒ සඳහා දැඩි අවදානයක් යොමුකරන්න සිදුවෙලා තියෙනවා.

මත්ද්‍රවය ලෝකය පුරා අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන්ට සල්ලි පොම්ප කරන උල්පත වෙලයි තියෙන්නේ. විශේෂයෙන්ම ත්‍රස්තවාදයට සල්ලි පොම්ප කරන ප්‍රධානම උල්පත මත්ද්‍රවය ජාවාරමයි.

ඒ වගේම අපේ රට අද ලෝක මත්ද්‍රවය  ජාවාරමේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදාගෙන තියෙනවා. ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය සහ ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට ගෙන්වන මත්ද්‍රවය ආසියාවේ අනෙකුත් ප්‍රදේශවලට බෙදාහැරිම සිදුවන අතර බ්‍රසීලය වැනි දකුණු ඇමරිකානු රටවලින් ගෙන්වන මත්ද්‍රවය හුවමරුකරාගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස අද ශ්‍රී ලංකාව යොදාගන්න මත්ද්‍රවය ජාවාරම් කරුවන් කටයුතු කරමින් ඉන්නවා. මේ ගෙන්වන මත්ද්‍රවයවලින් 95% කා ප්‍රමාණයක් වෙනත් රටවලට යලිත් හුවමාරුවී යන

අතර සියයට 5% පමණ ප්‍රමාණයක් රට තුල මත්ද්‍රවය ජාවාරමේ සංසරණය වෙනවා. හැබැයි ඒ 5% ඇති අපේ රට විනාශ කරන්න. ඒ නිසා අපිට මේ මත්ද්‍රවය ජාවාරම මැඩලීමේ විශේෂ වගකීමක් තියෙනවා.

මත්ද්‍රවය ජාවාරම හරහා අපේ රටේ සිදුවන මේ ක්‍රියාවලිය තුල පාතාල කල්ලිවල මැදිහත්වීමත් පවතින්නේ ඉතාමත් ඉහල මට්ටමක. ඇතැම් පාතාල කල්ලි තමන්ගේ ප්‍රධානම ව්‍යාපාර බවට පත්කරගෙන ඇත්තේ, මත් ජාවාරම සමග පවතින ගනු දෙනුයි.

මෙම තත්වය නිසා මත්ද්‍රවය ජාවාරම, පාතාල ලෝකය, අද අපේ රටේ නැති උනත් ත්‍රස්තවාදය එකම දම්වැලක පුරුක් ලෙසයි අපි දකින්නේ. ඒ නිසා මේවා මර්දනය කරනවා නම් මේ දම්වලම සම්පුර්ණයෙන්ම විනාශකර දැමියයුතු වෙනවා.

ඒ නිසා අප අමාත්‍යංශයත්, ශ්‍රී ලංකා පොලිසියත් මෙම උවදුර මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය තුල නව දිසාවක් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. පොලිස් මත්ද්‍රවය කාර්යාංශයත් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ කොට්ඨාශය මෙම නව දිසාව ආරම්භ කරන අතර එහි සිදුකරන මෙහෙයුම් කටයුතු සඳහා විශේෂ කාර්ය බලකායත්, ශ්‍රී ලංකා නාවික හමුදාව, රේගුව ආදී ආයතනවල සහයත් ලබාගන්නයි පියවර ගෙන තියෙන්නේ.

මෙම නව දිසාව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන අතර ඒ සඳහා නාකොටික් ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාත් ඇතුලත් වෙනවා.

මෙම නව දිසාව කිසිඳු පුද්ගලයෙකුගේ බලපෑමකට යටත්වෙන්නේ නැතුව හෝ කිසිඳු දැන හැඳුනුම් කමකට යටත්වෙන්නේ නැතුව කටයුතු කරන්නයි අප උපදෙස් දී තියෙන්නේ.

ඒ අනුව මීට කලින් බොහෝ අය කිව්වා මත්ද්‍රවය ජාවාරම, සංවිධානාත්මක අපරාධවලින් නීතියේ දැලට අසුකරගන්නේ හාල්මැස්සෝ විතරක් කියලා, හැබැයි මේ නව දිසාව යටතේ මත්ද්‍රවය ජාවාරමේ සහ පාතාල ලෝකයේ තෝරු මෝරු හාල්මැස්සෝ මේ සියලු දෙනාම නීතියේ දැලට අපි හසුකර ගන්නවා. ඒ කිසි කෙනෙකුට සමාවක් නෑ.

ප්‍රධාන පෙලේ මත්ද්‍රවය ජාවාරම් කරුවන් සහ බෙදාහරින්නන් විතරක් නෙවෙයි, රට තුල මත්ද්‍රවය බෙදාහරින සාමාන්‍ය සහ සුළු බෙදාහරින්නන් ඇතුලු මේ ජාවාරමේ නිරතවන සියලුදෙනාට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරලා මේ උවදුරින් අපි රට සුද්ද කරනවා.

මත්ද්‍රවය ජාවාරම මැඩලන්න අපි ලංකාවේ පමණක් නොවේ ජාත්‍යන්තර සහයෝගයත් ලබාගෙනයි තියෙන්නේ, දැනටමත් අපි කලාපයේ අනෙකුත් රටවල් සමග බුද්ධි තොරතුව හුවමාරුව ඇතුලු ක්‍රමවේදයන් රැසක භාවිතා කරනවා. ඒ බොහෝ මෙහෙයුම් ඉතාමත් ඉහල මට්ටමින් සාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරි වසර කිහිපය තුල මත් ජාවාරම රටින් තුරන් කිරීමේ මෙහෙයුම සාර්ථකව සිදුකරන්න අපිට හැකිවෙනු ඇතැයි විශ්වාස කරනවා.

වෙන කවරදාවකටත් වඩා රජය ප්‍රතිපත්තියක් ලෙස මත්ද්‍රවය ජාවාරම මැඩලන්න මේ වනවිට කටයුතු කරමින් සිටිනවා. ඒ සහතිකය අපිට දෙන්න පුළුවන්. අප රජය මත්ද්‍රවය ජාවාරම්කරුවන් ආරක්ෂා කරන්නෙත් නෑ, ඔවුන් සමග ඩිල් දානෙත් නෑ. මම මේ තරුණයන්ගෙන් මේ වැඩසටහන සඳහා ඔබගේ සම්පුර්ණ සහයෝගය සහ දායකත්වය ජාතික වගකීමක් ලෙස සලකා ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”

මෙම අවස්ථාවට පොලිස්පති පූජිත්ජයසුන්දර , ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅන්ගේ,ජාතික යොවුන් සේනානකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන රැසක නිලධාරින්ද එක්ව සිටියේය.

Leave A Reply

Your email address will not be published.