යහපාලන රජය බලයට පත්වීමෙන් පසු එක්සත් රාජධානියේ හා උතුරු අයර්ලන්තයේ ශ්රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කරනු ලැබූ අමාරි මන්දිකා විජේවර්ධන, මාර්තු 30 වැනිදායින් පසු සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලබාදී ඇතැයි විශ්වාස කටයුතු විදේශ සේවා ආරංචිමාර්ග සඳහන් කර ඇත.
එමෙන්ම ඇයගේ එම අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇතැයිද සඳහන් වේ.
වත්මන් රජය බලයට පත්වීමත් සමගම අමාරි විජේවර්ධන, එක්සත් රාජධානියේ ශ්රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත්කරන ලද්දේ පසුගිය රජය සමයේ බිඳ වැටී තිබූ ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කරලීම පිණිසය.