අතරමං වූ සංක්‍රමණිකයින් රැගත් ඉන්දීය පළමු දුම්රිය තෙලන්ගා ප්‍රාන්තයෙන් ඊයේ (01) ගමන් ආරම්භ කළ බව ‘News
18 India’ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.
පැතිර යන කොවිඩ් වසංගතය ව්‍යාප්තිය වැලැක්වීමේ අරමුණින් පසුගිය මාර්තු මස 24 වැනිදා සිට ඉන්දීය රජය විසින් ඉන්දියාවම lockdown කිරීමට පියවර ගනු ලැබුවේය. ඒ හේතුවෙන් පොදු ප්‍රවාහන සේවයන් ද අත්හිටුවීමට කටයුතු කර තිබුණි.
මේ හේතුවෙන් ඉන්දියාවේ සංක්‍රමණික සේවකයන් මිලියන ගණනක් විවිධ ස්ථානවල කොටු වූ අතර දස දහස් ගණනක් දෙනා සිය ගම්බිම් බලා ඇවිද ගියහ.
තෙලාන්ඟනා ප්‍රාන්තයේ ලිංඟම්පාලි වෙතින් මෙම දුම්රිය ගමන් ඇරම්භ වූ විට ඊට එක්වූ 1,200කට ආසන්න පිරිසක් මෙම පළමු දුම්රියට සිනා මුසු මුහුණින් ගොඩවී අත්පොළසන් දී තිබිණි. එය ජාර්කාන්ද් ප්‍රාන්තයේ හටියා වෙත ගමන් කිරීමට නියමිතය විය.
එය පැය 19ක දිගු දුම්රිය ගමනකි. තෙලන්ඟානා යනු ඉන්දියාවේ දකුණු දෙසට වන්නට පිහිටි ප්‍රාන්තයකි. ජාර්කාන්ද් යනු නැගෙනහිර පෙදෙසේ ප්‍රාන්තයකි.
ලොව විශාලම දුම්රිය පද්ධතිවලින් එකක් වන ඉන්දියාවේ දුම්රිය සේවාව සිය ඉතිහාසයේ වසර සියයක් ඉක්මවූ අවස්ථාවකදී කොරෝනා වයිරසය හේතුවෙන් සම්පුර්ණයෙන් නවතා දමා ඇත. එවැනි තත්වයකදී පිටත් කළ මෙම දුම්රිය විශේෂිත දුම්රියක් බවයි ඉන්දීය දුම්රිය බලධාරීන් පවසන්නේ. දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණය ඉදිරියේදී ගන්නා බවත් බලධාරීහු පැවසුහ.
මෙම විශේෂිත දුම්රියෙහි මගීන් කලින් පරීක්ෂා කිරීම සහ දුම්රිය ස්ථානයේ සහ දුම්රියේ ‘සමාජ දුරස්ථභාවය’ පවත්වා ගැනීම වැනි අවශ්‍ය සියලු පූර්වෝපායන් අනුගමනය කරන තිබිණි. ලදී. මේ සඳහා කම්කරුවන් 54 ක් යොදවා සිටි අතර ඔවුන්ට සනීපාරක්ෂක මුහුණු ආවරණ සහ අත්වැසුම් ලබා දෙන ලදී. මගින් සඳහා ආහාර හා ජලය පිළියෙල කරන ලද අතර නීති රීති පිළිපැදීම සහතික කිරීම සඳහා සෞඛ්‍ය නිලධාරී කණ්ඩායමක්ද එහි යොදවා තිබිණි.
සෞඛ්‍යය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කම්කරුවන් තම ගමනාන්තයට පැමිණි වහාම නිරෝධායනය කිරීමටද සැලසුම් කර තිබුණු බවයි ‘News 18 India’ වෙබ් අඩවිය පවසන්නේ.
මෑතකදී ප්‍රවෘත්තියක් වූයේ තෙලන්ගානා හි අතරමං වූ සංක්‍රමණික කම්කරුවන් 1,600 කට ආසන්න සංඛ්‍යාවක් හයිද්‍රාබාද්හි ඉන්දියානු තාක්ෂණ ආයතනයේ (අයිඅයිටී) ප්රචණ්ඩ ක්‍රියා සිදු කළ බවයි. සංගරෙඩි දිස්ත්‍රික්කයේ කන්ඩි හි IIT මණ්ඩපයේ ඉදිකිරීම් ස්ථානවල මෙම සිදුවීම සිදුවී ඇති අතර විවිධ ප්‍රාන්තවල සංක්‍රමණික කම්කරුවන් විරෝධතා ආරම්භ කර තිබේ. පසුගිය මාස හතරක කාලය තුළ වැටුප් ගෙවා නැවත සිය නිවෙස්වලට යවන තෙක් කම්කරුවෝ නැවත වැඩ ආරම්භ කිරීම ප්‍රතික්ෂේප කළහ.