ජනාධිපතිවරයාට රජයට සහ ඉන්ධන මිළ ඉහළ දැමීමට විරෝධය පළකරමින් බදුල්ල – චෙන්කල්අඩි පස්සර ප්රධාන මාර්ගයේ 7කනුව ප්රදේශයේ දී මාර්ගය අවහිර කරමින් ජනතාව අද (20)පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත විය.මාර්ගයේ රථ වාහන ධාවනය නවතා මාර්ගය මැද ටයර් පුච්චමින් මෙසේ ජනතාව උද්ඝෝෂණයේ නිරත විය.