අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ අද (20) කාරක සභා විවාදය තුළදි පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පාර්ලිමේන්තුවේ දී විවාදයට එක්වෙමින් සදහන් කළේ පසුගියදා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සදහා නීතිපතිවරයා කැදවා ඇති බවයි.
දූෂණ විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම සදහා කටයුතු කරන ලෙස සදහන් කළ බව පවසමින් කළ ප්‍රකාශය කිසිසේත් සත්‍ය නොවන බවත් එය පදනම් විරහිත කාරණාවක් බවත් කුමන හේතුවක් නිසාවත් නීතිපතිවරයා සිරිකොත පක්ෂ මූලස්ථානයට හෝ වෙන කිසිදු ස්ථානයකට කැදවීමක් සිදු නොකළ අතර අඩුම තරමේ තමන්ගේ නිවසේදීවත් නිතීපතිවරයා මුණ නොගැසුණු බවත් කිසිවිටෙක තනතුරු හෑල්ලුවට ලක් කිරීමට කටයුතු නොකරන බවත් අමාත්‍යවරිය එහිදී සදහන් කළාය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය සදහන් කලේ නීතිපතිවරයා වැනි රටේ ස්වාධීන අයෙකු පිළිබදව මෙසේ ප්‍රකාශ කිරීම පිළිබදව කණගාටු වන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි විසින් පුවත් පතක වාර්තා වු ප්‍රවෘත්තියක් පදනම් කර ගෙන මෙම ප්‍රකාශය සිදු කළ අතර එම පුවත් පතේ එවැනි කිසිදු කරුණක් පිළිබදව සදහන් නොවන අතර නිසි ලෙස තොරතුරු නොදැන කළ ප්‍රකාශයක් බවය.
කුමන හේතුවක් මත හෝ, කිසිදු අවස්ථාවක, නීතිපතිතුමා කැදවුවේ නැහැ, අධිකරණ අමතිණිය කියයි,
අධිකරණ අමාත්‍යාංශ, වැය ශීර්ෂය යටතේ, අද (20) කාරක සභා විවාදය තුළදි, පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි, පාර්ලිමේන්තුවේ දී, විවාදයට එක්වෙමින් සදහන් කළේ, පසුගියදා, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සද,හා නීතිපතිතුමා කැදවා ඇති බවයි,
දූෂණ විමර්ශනවල ,ප්‍රගතිය සොයා බැලීම සදහා, කටයුතු කරන ලෙස, සදහන් කළ බව පවසමින්, කළ ප්‍රකාශය කිසිසේත් සත්‍ය නොවන බවත්, එය පදනම් විරහිත කාරණාවක් බවත් ,කුමන හේතුවක් නිසාවත්, නීතිපතිතුමා සිරිකොත පක්ෂ මූලස්ථානයට හෝ, වෙන කිසිදු ස්ථානයකට, කැදවීමක් සිදු නොකළ අතර, අඩුම තරමේ තමන්ගේ නිවසේදීවත්, නිතීපතිතුමා මුණ ගොගැසුනු බවත්, කිසිවිටෙක තනතුරු හෑල්ලුවට ලක් කිරීමට, කටයුතු නොකරන බවත්, අමාත්‍යවරිය එහිදී සදහන් කළාය,
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය සදහන් කලේ නීතිපතිතුමා වැනි රටේ ස්වාධීන අයෙකු පිළිබදව මෙසේ ප්‍රකාශ කිරීම පිළිබදව කණගාටු වන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි විසින් පුවත් පතක වාර්තා වු ප්‍රවෘත්තියක් පදනම් කර ගෙන මෙම ප්‍රකාශය සිදු කළ අතර එම පුවත් පතේ එවැනි කිසිදු කරුණක් පිළිබදව සදහන් නොවන අතර නිසි ලෙස තොරතුරු නොදැන කළ ප්‍රකාශයක් බව සදහන් වේ.