topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පරාජිතයන් නැති වූ බලය ගන්න ජාතිවාදය අවුස්සනවා.

Ministry_Thalatha _Athukorala_Rathnapura  News

පසුගිය සමයේ බලයේ සිටි පිරිස් තමන්ට අහිමි වූ දේශපාලන බලය නැවත ලබාගැනීම සඳහා සහෝදරත්වයෙන් සිටින පිරිස් අතර ජාතිවාදය අවුළුවන බවත්, යහපාලන රජය එවැනි කි‍්‍රයාවලට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ  ප‍්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ අදහස්    ප‍්‍රකාශකළේ ජලසම්පාදන හා නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ජලසම්පාදන හා සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් රත්නපුර ඇඹිලිපිටිය, පනාමුර, වැලිපොතයාය ග‍්‍රාමීය ජල යෝජනා ක‍්‍රමය හා සනීපාරක්‍ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, ”බෝඞ්ගහන දේශපාලනයක් රාජ්‍ය පාලනයක් අද රටේ නෑ. සමහර අය දන්නේ නෑ මේ දේවල් කළේ කොහොමද කියලා. සල්ලි වෙන්කළේ අප්පචිචිගේ කාලෙද, නැත්නම් වෙනකෙනෙක්ගේ කාලෙද, මේ දේවල් ගෙනාවේ මෙයා. එහෙම එකක් දැන් නෑ. අද ප‍්‍රාදේශීය දේශපාලඥයින්ට මේවගේ වගකීම දීලා තියෙනවා. අද රජයේ වගකීම වෙලා තියෙනවා. ජනාධිපතිතුමා රට පාලනය කරද්දි අගමැතිතුමා රට සංවර්ධනය කරන්න මුදල් වෙන්කරනවා. මේ ප‍්‍රදේශයට දැනුනේ නැතිවුණාට මගේ කොට්ඨාශයට ආසන්න ප‍්‍රදේශ විශාල විනාශවලට ලක්වෙලා තියෙනවා. මූලික දේවල්වත් යථාතත්වයට පත්කරන්න බිලියන 150ක් 200ක් අවශ්‍ය වෙලා තියෙනවා. පැය 48ක් රත්නපුර, නිවිතිගල, ඇලපාත, කලවාන, අයගම වගේ ප‍්‍රදේශවල කිසිම දෙයක් කරගන්න බැරිවුණා. අපි රජයක් හැටියට සමත්වුණා පැය 48ක් තුළ වැහිලා ගිය පාරවල් යළි සකස් කරන්න, විදුලි බලය යළි ලබාදෙන්න. විශේෂයෙන් මම මතක් කරනවා අපේ රජයේ නිළධාරීන් පුදුම විදිහට මහන්සිවෙලා වැඩ කළා. ඒවා කෙරෙන්න ඕනි. ඒවා අධීක්‍ෂණය කරන්න තමයි අපි ඉන්නේ. ඇමතිවරයෙක්ට මැදිහත් වෙන්න බැරි අවස්ථාවල පවා අපි මැදිහත් වුණා.
මේ ජනතාවගේ මුදලින් බදු අරගෙන ඒ දේවල්වලින් අවශ්‍ය සියළු පහසුකම් සපයන එක අපේ වගකීම. පක්‍ෂයක් තුල ඉඳන් ප‍්‍රතිපත්තිගරුක දේශපාලනය අපි කරනවා. එක්සත් ජාතික පාක්‍ෂිකයින් හැටියට අපි විශ්වාස කරන්නේ හැමදෙනා අතම හොඳට මුදල් තියෙන්න ඕනි. ඒ වගේම ඒ මුදල් පරිහරණයට කිරීමේදී නොයෙකුත් නීතිරීති තුළ ඉඳන් කටයුතු කරන්න ඕනි. රජයේ මුදල් කියලා, රජයට ලැබෙන ආධාර කියලා මුදල් අපිට ඕනි ඕනි විදිහට පරිහරණය කරන්න බෑ. ඒ නිසා තමයි ඒ පිළිබඳ දැනුම තියෙන විශේෂඥයින්ට මේ දේවල් පවරන්නේ. මේ දේවල්වල උපරිම ප‍්‍රයෝජන අදාළ ප‍්‍රදේශවල අයට ලැබෙන්න ඕනි. මේ දේවල් කුහකකමට තමන්ගේ කමට අයිති කරගන්න යන්න එපා. අපිට විශාල වතුර ප‍්‍රමාණයක් ලැබුණා ගංවතුර ආධාර හැටියට. අපි ඒ දේවල් නැවත පිටත් කළා අනුරාධපුරයට. ඒ මිනිස්සුන්ට බොන්නවත් වතුර නෑ. අපිට නායත් ගිහිල්ලා හැමදේම වෙලා හොඳට වතුර ටික තියෙනවා. අපි හැගීමකින් මේ දේවල් කරන්න ඕනි.” යනුවෙන් ප‍්‍රකාශ කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය, ”මේ විනාශය වෙනකොට ආපදා කළමණාකරණ ඇමතිතුමා හිටියේ විදේශ ගතවෙලා. එතුමට මේ පිළිබඳව මුලින්ම දැනුවත් කළේ මම. එතුමා එහේ ඉඳන් අවශ්‍ය පියවර ගන්නකොට අපේ අගමැතිතුමා උදේ 9 වෙනකොට අවශ්‍ය සියළුම පාර්ශවයන් කැඳවලා සාකච්ඡාකළා. ජීවිත ටික බේරගන්න අවශ්‍ය සියළුම පියවර ගත්තා. හෙලිකොප්ටර් යානා ආවා. නාවික හමුදාව ආවා. ගෙවල්වල වහලවල කොටුවෙලා හිටපු අය අවසානයේ උත්සහ කළේ තමන්ගේ දේපල විනාශ වුණත් ජීවිත බේරගන්න. ඒ අය බේර ගත්තේ ගුවන් හමුදාව ඇවිත්. මේ දේවල් අපි එකට එක්වෙලා කරන්න ඕනි. ඒ නිසා තමයි අපේ පක්‍ෂයේ නොවුණත් නිදහස් පක්ෂයේ ජනාධිපති කෙනෙක් පත්කරගත්තේ. එතුමා මේ රට සංවර්ධනය කරන්න මේ රටට යහපාලනය ගේන්න මේ හැමදේටම කැපවෙලා ඉන්නවා. අපි මේ දේවල් කරන්නේ පාර හදලා මාස දෙකෙන් කැඩෙන්න නෙවෙයි. මේ ජල යෝජනා ක‍්‍රමය අවුරුද්දක් තිස්සේ හදන්නේ තව අවුරුදු 50ක් 100ක් මේ ප‍්‍රදේශවලට පානීය ජලය දෙන්න. පහුගිය කාලේ අම්මගේ අප්පගේ බූදලේ වගේ සමහරු සංවර්ධනය ගැන කථා කළා. සමහර නිළධාරීන් ඉන්නවා තාමත් දේශපාලන වාසි බලාගෙන වැඩ කරන අය. වැඬේ හරියට කරගෙන යනකොට කකුල් මාට්ටු දානවා රජය අප‍්‍රසාදයට පත්කරන්න. මේ දිස්ති‍්‍රක්කයේ එහෙම අයට ඉඩක් නෑ. මේ ජනාධිපතිතුමා එක්ක, අගමැතිතුමා එක්ක ඒ වගේ අයට වැඩ කරන්න බෑ. අපි හැමවිටම උත්සහ කරන්නේ වියදම් කරන හැම සතේකම ප‍්‍රතිලාභ ජනතාවට ලබාදෙන්න. වතුර ටිකක් නැතුව මොනදේ ලැබුණත් වැඩක් නෑ. ඒ හැමදේම අද ලැබිලා තියෙනවා. පහුගිය කාලේ කළා වගේ පාරවල් භාගෙට හදන්න, ප‍්‍රමිතියෙන් අඩු පාරවල් හදන්න, සියයට 50ක් 60ක් කොමිස් ගහගෙන සියයට 40ක් විතර පාර හදන්න, ඒවා මේ රජයේ කරන්න බෑ. සමහරුන්ට මේ දේවල් දරාගන්න බෑ. අපි මේ හැමදේම ඒ අයට භාරදීලා තියෙන්නේ ප‍්‍රමිතියක් ඇතුව ඒ වැඩ කරගෙන යන්න.
අද තමන්ට නැතිවුණ බලය ලබාගන්න මොනතරම් උත්සහ කරනවද. ස්වාමීන් වහන්සේලාගේ ඔළුවට නැතිදේවල් දානවා. ජාතිවාදය අවුළුවනවා. සියළුම ජාතීන් සමගියෙන් ඉන්න රටේ එක ජාතියක් විතරක් ජීවත් විය යුතුයි කියන එක පතුරවනවා. මේ දේවල් කරන්න බෑ. රටක් හැටියට සියළුම ජාතීන් සමගියෙන් එකට ජීවත් වෙලා තියෙනවා. අපි ගම්වල උරුමය රැුකගෙන ජීවත්වෙන්නේ සියළුම දෙනා මනුෂ්‍යයින් කියන එක මතයේ ඉඳන්. මේ දේවල්වලින් කවුරු පටු දේශපාලන වාසි ගන්න උත්සහ කළත් 2020 වෙනකොට අපි ගම්වලට අවශ්‍ය සංවර්ධන කටයුතු අනිවාර්යෙන් සපුරනවා. අපේ තියෙන වරද තමයි මේ ආණ්ඩුව දේශපාලන වාසි ගන්න උත්සහ කරන්නේ නෑ. මෙච්චර කල් 10,000 වැඬේට ලක්‍ෂයක් වියදම් කළා ප‍්‍රසිද්ධියට. ප‍්‍රසිද්ධිය තමයි මුලින්ම බලන්නේ. මහනිද රාජපක්‍ෂ මහත්තයා මේ රටේ දෙයක් කලා නම් ඒ ගෙදරින් ගෙනාපු මුදල්වලින් නෙවෙයි. මේ රටේ මිනිස්සු බදු හැටියට ගෙවන මුදල් වලින් තමයි ඒ වැඩ කරන්නේ. අපි මේ රටේ කරන දේවල්වලට මැදිහත් වෙන්න ඕනි නෑ. නිළධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීලා තියෙන්නේ නිදහස ලබාදීලා තියෙන්නේ අවශ්‍ය කටයුතු කරන්න. අපි වගේ ව්‍යසනවලට මුහුණ දුන්න පක්‍ෂයක් තවත් නෑ. කුණු කන්ද කඩා වැටුණෙත් අපේ වරද නිසා. ගංවතුර එන්නෙත් රජයේ වරද නිසා. මේ වගේ බාල දේශපාලනයක් තමයි අද මේ අය ගෙනියන්නේ.
කරන වැඬේ හරියට කරන්න ඕනි. කාණුව කපන්න ඕනි අඩි 2ක් නම් ඒ ගාණට හරියට කරන්න ඕනි. එහෙම නැත්නම් ජල ව්‍යාපෘතිය මාස 6ක් විතර තියෙයි. පහුගිය කාලේ රටට අවශ්‍ය තීන්දු තීරණ ගත්තේ නෑ. අද මේ තත්වය වෙනස් වී ගෙන යනවා. නොයෙකුත් මඩ ප‍්‍රචාර එනවා. හැම කෙනෙක්ම උත්සහ කරන්නේ මොකෙන්ද කොමිස් ගහන්න පුළුවන් කියලා. ඒ දේවල් කල්පනා කරගෙන මේ දේවල් කළේ. අද ඒ තත්වය වෙනස් වෙලා තියෙනවා.” යනුවෙන් සදහන් කළාය.

Leave A Reply

Your email address will not be published.