පළාත් පාලන මැතිවරණ ඡන්ද ප්‍රතිඵලයට අනුව කිසිදු පක්ෂයකට බහුතර බලය ලබා ගත නොහැකි වුණු පළාත් පාලන ආයතනවල සභාපතිවරයකු තෝරා පත් කර ගැනීම විවෘත ඡන්ද විමසීමකින් හෝ රහස් ඡන්ද විමසීමකින් සිදු කළ යුතු බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා පවසා ඇත.
එමෙන්ම ඒ බව පළාත් පාලන මැතිවරණ පනතේ ද සඳහන් කර ඇති බවත් තමන්ගේ මතය අනුව නම් හොඳ ම තෝරා ගැනීම විවෘත ඡන්දය බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.