අනුරාධපුර ශික්ෂණ රෝහලේ සුළු සේවා පාලිකාව විසින් එම රෝහලේ වෛද්‍යවරයෙකුට ”මහත්මයා” කියා ආමන්ත්රනය කිරිමෙන් පසුව එම වෛද්‍යවරයා විසින් අසභ්‍ය වචනයෙන් බැන වැදුනේ යැයි කියන සිද්ධියකට විරෝධය පළකරමින් රෝහල් කනිෂ්ඨ සේවකයින් විරෝධතාවයක නිරිත විය.
මෙම සිද්ධියට කණිෂ්ඨ සේවකයන් පෙරවරුවේ සිය සේවා ස්ථාන වලින් ඉවත්ව රෝහල් භුමිය තුල විරෝධතාවයේ නිරිත විමෙන් අනතුරුව රෝහල් අධ්‍යක්ෂකවරයාගේ මැදිහත් විමෙන් පසුව එම ගැටළුව සමතයකට පත්වු බව සඳහන්වුවත් මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයාට එරහිව කිසිදු පියවරක් නොගත් බව පවසමින් කණිෂ්ඨ සේවකයින් පිරිසක් නැවත අද(19) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදි මෙලෙස විරෝධතාවයේ නිරිතව ඇත.