topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුව පොල් පාට කරනවා – සුනිල් හදුන්නෙත්ති.

Sunil_Hadunnetthi_Coconut

ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේදී අද(04) පැවති මාධ්‍ය හමුවේදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සිය අදහස් දැක්වීය…

ආණ්ඩුවට නිසි ආර්ථික ප‍්‍රතිපත්තියක්, කළමනාකරණයක් නැතිකමින් ජනතාව බරපතල ලෙස ආර්ථික පීඩනයකට ලක්වෙලා. ආණ්ඩුවට ආර්ථික කළමනාකරණයක් නොමැති වීමේ ප‍්‍රතිවිපාක විඳින්න සිදුවෙලා තිබෙන්නේ ජනතාවටයි. මේ වනවිට ආණ්ඩුවට පාලනය කරගත නොහැකි ලෙස රුපියල කඩාවැටිලා. ඩොලරය රුපියල් 155ක් දක්වා ඉහළ ගිහින්. වසර දෙකකට පෙර ගත් ණය සඳහා ඩොලරයකට රු.25ක් වැඩිපුර ගෙවන්න සිදුවෙලා. පාලකයින්ගේ පාලනයක් නැතිකමින් ජීවන බර වැඩිවීමට, ණය පොළී වැඩිවීමට ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ රටේ  ජනතාවටයි.

මෑත ඉතිහාසයේ වැඩිම අගයකින් බඩුමිල ඉහළ ගිහින්. ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩි නොවූ තත්වයක් තුළ ගෑස් සිලින්ඩරයක මිල රු. 110කින් වැඩිවුණා. ගෑස් මිල වැඩිවීම නිසා ආපන ශාලාවල සියලූම කෑම වර්ගවල මිල ඉහළ යනවා. ගෘහස්ථ මෙන්ම සියලූම පාරිභෝගිකයා මෙම ගෑස් මිල වැඩිවීම නිසා අපහසුතාවයට ලක්වෙනවා. පොල් ගෙඩියක රුපියල් 100ට ඉහළ ගිහිල්ලා. ආණ්ඩුව කරන්නේ පොල් පාට කරන එකයි. පොල් පාට කරන එකෙන් පොල් මිල ඉහළ යන එකට උත්තරයක් ලැබෙන්නේ නැහැ. පහුගිය කාලේ පොල් ගස් කපලා දාපු එකේ  ප‍්‍රතිවිපාක අද අත්විඳිනවා. රටට අවශ්‍ය පොල් ටික ලබාදෙන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ.

2017 ජූලි දෙවන සතිය වනවිට ගිය අවුරුද්දට සාපේක්‍ෂව සහල් මිල 36%කින්, කඩල පරිප්පු 32%කින්, සබන් 21%කින්, හාල් මැස්සෝ 17%කින්, ටින් මාළු 17%කින්, රතු ළුෑණු 141%කින් ඉහළ ගොස් තිබෙනවා. සෑම පාරිභෝගික භාණ්ඩයක්ම මිල ඉහළ ගිහින්. බඩුමිල ඉහළ යෑම පාලකයින්ට දැනෙන්නේ නැහැ. නොදැනෙන බව පාර්ලිමේන්තුවේ ඇමතිවරුන් ජීවන වියදම ගැන කරන ප‍්‍රකාශවලින් පැහැදිළි වෙනවා. පසුගියදා මන්තී‍්‍රවරයෙක් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් එස්.බී. දිසානායක ඇමතිවරයා ජීවන වියදම ගැන ප‍්‍රකාශයක් කළා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය, ජාතික මිල දර්ශකයට අනුව 4දෙනෙකුගෙන් යුත් පවුලකට රු. 43,000කට වැඩි වියදමක් යන බව ගණනය කොට තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශයකයට අනුව 2013 පදනම් වර්ෂය ලෙස ගත්තද දෙමව්පියන් සහ දරුවන් දෙදෙනෙකු සිටින කොළඹ ජීවත්වන පවුලකට මසකට රු.60,364ක් දැරීමට සිදුවෙනවා.  දරුවන් දෙදෙනෙකුට අධ්‍යාපනය සඳහා රු.3538ක් ලෙස ගණන කරමින් තමයි එම අගය ලබාගෙන තිබන්නේ. එය සාධාරණ නැහැ. ඒ ජන හා සංඛ්‍යා ලේඛන වාර්තාව අනුවයි. එසේ තිබියදී එස්.බී. දිසානායක ඇමතිවරයා කියනවා, 4දෙනෙකුගෙන් යුත් ගෘහ ඒකකයකට වියදම වන්නේ රු.17,308ක් ලෙසයි. ඔහු එය ගණනය කොට තිබෙන්නේ ඒකපුද්ගල දරිද්‍රතා රේඛාවට අනුවයි. ඒකපුද්ගල දරිද්‍රතා රේඛාව යනු නොමැරී ජීවත් වීම සඳහා එක් පුද්ගලයෙකුට අවශ්‍ය කැලරි ප‍්‍රමාණය ලබාගැනීමට වැය රු. 4,327ක මුදලයි. දරිද්‍රතා රේඛාව ගණනය කරන්නේ අධ්‍යාපනය, විනෝදාශ්වාදය, ප‍්‍රවාහනය, සෞඛ්‍ය සඳහා වියදම සලකන්නේ නැතිවයි. එස්.බී. ඇමතිවරයා කියන විදිහට ජනතාව ජීවත් විය යුත්තේ එම පහසුකම් නොමැතිවද? ආණ්ඩුව කියන්නේ නොමැරී ඉන්න පමණක් අවශ්‍ය කැලරි ප‍්‍රමාණය ගනිල්ලා කියලද? එදා බන්දුල ගුණවර්ධන කිව්වා රු.2500න් එක් අයෙකුට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. අද එස්.බී. කියනවා රු.4327කින් ජීවත් වෙන්න පුළුවන් කියලා. අධ්‍යාපනය ලබන දරුවන් ඉන්න පවුලක වැඩිහිටයන් රැකබලා ගතයුතු පවුලක අවම වශයෙන් වියදම රු.60,000-70,000 අතර වෙනවා. එසේ නොමැතිව පවුලක් නඩත්තු කරන්න බැහැ.

අපේ රටේ ආදායම් බෙදී යාමේ විශාල පරතරයක් තිබෙනවා. අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කී පරිදිම ජනගහනයෙන් 42%කම දෛනික ආදායම ඩොලර් 2ට වඩා අඩුයි. එහෙම තත්වයක් තුළ ජීවන වියදම වැඩිවීම ජනතාව දරාගන්නේ කොහොමද? ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණ කමිටුව කෝ? මලික් සමරවික‍්‍රමලා, චරිත රත්වත්තේලා, පාස්කරලිංගම්ලාගේ ආර්ථික කළමනාකරණයට අහු වෙන්නේ වරාය, තෙල් ටැංකි ඇතුළු රටේ ආර්ථික සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීම පමණක්ද? ජනාධිපතිවරයාගේ ජීවන වියදම් කමිටුව කෝ? මෙම කමිටුවලට ජීවන වියදම ගැන කළමනාකරණයක් නැද්ද?

ආණ්ඩුව බඩුමිල වැඩිකරන්න පියවර ගන්නේ අයි.එම්.එෆ් අරමුදලේ වුවමනාව නිසයි. ගෑස් මිල වැඩිකරනකොට අයි.එම්.එෆ්. නියෝජිතයා මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වලා ගෑස් මිල වැඩිකිරීමේ අවශ්‍යතාවය කියනවා. අයි.එම්.එෆ් වුවමනාව මත දේශීය ආදායම් පනත ගේනවා. ආණ්ඩුවේ මැදිහත්වීම විය යුත්තේ ඒක නෙවෙයි. අයි.එම්.එෆ්. එකට අනුව බඩුමිල වැඩිකරන්න, බදු වැඩිකරන්න ආණ්ඩුවක්  ඕනෑ නැහැ. අද රටේ ආර්ථිකය ප‍්‍රපාතයකට යමින් තිබෙනවා. අනෙක් පැත්තෙන් දේශීය ගොවියා රකින්න කියලා ආනයනික භාණ්ඩවලට බදු ගහනවා. නමුත් ඒ සහනය ගොවියට ලැබෙන්නේ නැහැ. පසුගියදා බී ළුෑනු සඳහා 100%ක බද්දක් පැනෙව්වා. නමුත් දේශීය ගොවියාගෙන් රතුළුෑණු මිලදී ගැනීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ. ගොවියට සාධාරණ මිලක් නැහැ. ආණ්ඩුව ඒ ඒ වෙලාවට පැලැස්තර විසඳුම් හොයනවා.

රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින්, රැුකියා විරහිතයින් අද ජීවත් වෙන්නේ කොහොමද? රටේ ගොඩක් පවුල්වලට තුන්වේල කන එක හීනයක් වෙලා. ඒනිසා ආණ්ඩුව ජීවන වියදම අඩු කිරීම සඳහා මැදිහත් විය යුතුයි. නමුත් ආණ්ඩුව ඒ පිළිබඳව හිතලාවත් නැති බව ඇමතිවරු කරන ප‍්‍රකාශවලින් පැහැදිළි වෙනවා. එස්.බී. ඇමතිවරයා කියන විදිහට පවුලකට මාසයක් ජීවත් වෙන්න රුපියල් 17,000කින් පුළුවන්ද? ජනතාව නොමැරී ජීවත් වෙන්න විතරද  ඕනෑ? මේ ආණ්ඩුවේ නිද්‍රාශීලීකම නිසා ජනතාව විශාල පීඩාවක් විඳිනවා. අයවැය ඉදිරිපත් වෙන්න මාස කිහිපයක් තියෙද්දී බඩුමිල වැඩිවෙන්නේ. ආණ්ඩුවට වාහන ගෙන්වන්න, කාර්යාල නඩත්තු කරන්න පරිපූරක ඇස්තමේන්තු සඳහා වෙන් කරන්න මුදල් තිබෙනවා. නමුත් ජනතාව වෙනුවෙන් ජීවන වියදමට උත්තර හොයන්න ආණ්ඩුවට සල්ලි නැහැ. අපි ආණ්ඩුවට කියනවා, වහාම ජීවන වියදම් වැඩිවීමට විසඳුමක් ලබාදෙන්න කියලා. තමන්ට තියෙන සැලැස්ම මොකක්ද කියලා රටට ඉදිරිපත් කරන්න කියලා. වැඩිවූ බඩුමිල නිසා පීඩාවට පත්වුණු ජනතාවට සහන මලූ දෙනවා කියලා ආණ්ඩුව කිව්වත් දෙන්නේ මොනවාද?, ලබාගන්න පුළුවන් කාටද? ලබාදෙන්නේ කොහොමද? කියලා පැහැදිළි කිරීමක් නැහැ. ආණ්ඩුවට අපි කියනවා විහිළු සපයන්න එපා කියලා. මොකද අද ජනතාව ඉන්නේ හිනාවෙන්න පුළුවන් තත්වයක නෙවෙයි. එනිසා ඉදිරියේදී අපි ආණ්ඩුවේ අත්තනෝමතික භාණ්ඩමිල ඉහළ දැමීමට එරෙහිව ජනතාව සම්බන්ධ කරගත් උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ග සඳහා අවතීර්ණ වෙනවා.

සංඛ්‍යා ලේඛන විජ්ජාවිල්න බඩුමිල වැඩිවීම වහන්න බැහැ.

ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ ද මෙහිදී අදහස් දැක්වීය…

වැටුප් ලබන, වැඩකරන ජනතාවට බඩුමිල වැඩිවීම දරාගන්න පුළුවන්කමක් නැහැ. මොකද වරින් වර බඩුමිල වැඩිවුණාට ඔවුන්ගේ වැටුප වැඩිවෙන්නේ නැති නිසා. ආණ්ඩුව වාර ගණනාවකදී බඩුමිල වැඩිකරන විට තමන්ගේ වැටුප කළමනාකරණය කර ගැනීමට වැඩ කරන ජනතාවට හැකියාවක් නැහැ. ආණ්ඩුව ඉදිරියේ ඡුන්ද ඉලක්ක කොට බඩුමල්ලක් දෙනවා කියලා ප‍්‍රකාශ නිකුත් කළද ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ. මේ ආණ්ඩුව බලයට ආපු මුල් අවස්ථාවේදී වැඩ කරන ජනතාව ජීවන වියදමට එරෙහිව අරගලයක් කළා. ඒ අනුව වැඩ කරන ජනතාවට ජීවන අංක දීමනාවක් ලැබුණා. නමුත් ආණ්ඩුව වංචාවක් කළා. 2014 දෙසැම්බර් මාසයේ හතර දෙනෙකුගෙන් යුත් පවුලක ජීවන වියදම රු.52,135ක් වූ අතර වර්තමාන ආණ්ඩුව හර්ෂද සිල්වා ඇමතිවරයා ඇතුළු කමිටුවක් මගින් ජීවන වියදම රු.32146 ක් ලෙස ගණනය කළා. ආණ්ඩුවේ ඉන්න මේ ආර්ථික ඔස්තාද්ලා ජීවන වියදම මේ විදිහට අඩු කළේ කොහොමද? සංඛ්‍යා ලේඛනවලින් අඩු කළාට ජනතාවට එම මුදලින් ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ.

2017 අගෝස්තු මාසය වනවිට පසුගිය මාස 30ක කාලය තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පවුලකට අවශ්‍ය බඩු මල්ලේ වටිනාකම රු.6882කින් ඉහළ ගොස් තිබෙනවා. හැම මාසයකම බඩු මල්ල රු. 229.40කින් වැඩිවෙලා තිබෙනවා. ඒ අනුව 2017 අගෝස්තු වනවිට අධ්‍යාපනය, ප‍්‍රවාහන, ආහාර, සෞඛ්‍ය, ඇතුළත්ව බඩු මල්ලේ වටිනාකම රු. 62,813ක් වෙනවා. නමුත් ආණ්ඩුව ජීවන වියදම පිළිබඳව ඇත්ත සඟවනවා.

මේ ආණ්ඩුව බලයට ආවට පසුව අයවැය සහන දීමනා පනත මගින් වැඩකරන ජනතාවට රු. 2500ක් වැටුප් වැඩිවීමක් ලබාදෙනවා කිව්වා. නමුත් එය පෞද්ගලික අංශයට දුන්නේ නැහැ. ඊට එරෙහිව අද කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි 200ක් පමණ තියෙනවා. කම්කරු ඇමතිවරයා වැඩකරන ජනතාවගේ වුවමනාවට වැඩකරනවා වෙනුවට හාම්පුතුන්ගේ වුවමනාවට කටයුතු කරනවා. රජයේ සේවකයින්ට 10,000ක වැටුප් වැඩිවීමක් දීලා අනෙක් පැත්තෙන් බඩුමිල වැඩි කරලා රු.6882ක් ආපසු අයකර ගන්නවා. ආණ්ඩුවේ ආර්ථික ඔස්තාද්ලා බදු හරහා, දඩ හරහා ජනතාවගේ සහන නැවත ලබාගනිමින් ඉන්නවා. එනිසා මෙම බඩුමිල වැඩිවීම ජීවන වියදම සංඛ්‍යා ලේඛණ විජ්ජාවලින් වහන්න ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ. අපි ආණ්ඩුවට කියනවා, මෙම බඩුමිල වැඩිවීම වහාම පහත හෙළන්න කියලා. ඒ වගේම අපේ රටේ සියළුම ජනතාව සමඟ පාරට බැහැලා මෙම ප‍්‍රශ්නය විසඳගන්න කටයුතු කරන්න සූදානම් බවත් පවසනවා.

මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට සුනිල් හඳුන්නෙත්ති මෙසේ  පිළිතුරු ලබාදුන්නේය.

ශී‍්‍ර ලංන්කන් ගුවන් සමාගම පිළිබඳව

සැප්තැම්බර් 20වැනිදා ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුවට ආවා. එහිදී හෙළිදරව් වුණා, ගුවන් යානා 4ක් මිලදී ගැනීම නැවැත්වීම සඳහා වන්දි ලෙස රු. මිලියන 16,000ක් ගෙවීමට සිදුවුණා කියලා. එම ආයතනය ගත්ත වැරදි තීරණ නිසා මේ තරම් මුදලක් රටට අහිමි වුණා. මෙවැනි වැරදි තීරණ නොගෙන හිටියා නම් අපේ රටේ බඩුමිල වැඩිවීම පාලනය කරගන්න ඒ මුදල් යොදවන්න තිබුණා. ඒ වගේම ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම තවත් ගුවන් යානා 04ක් මිලදී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කොට තිබෙනවා. දැන් එම ගුවන්යානා විදේශ සමාගමක නිෂ්පාදනය වෙමින් තිබෙනවා. නමුත් එම යානා මිලදී ගැනීමට ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙම ගැටළුව අපි පාර්ලිමේන්තුවේදී මතුකළා. මෙම යානා නිෂ්පාදනය නතර කිරීමට ආණ්ඩුව විදිහට මැදිහත් වෙන්න කියලා අපි යෝජනා කළා. ඒ මගින් අපිට ගෙවමට තිබෙන වන්දි මුදල අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් කිරිඇල්ල ඇමතිවරයා කියා සිටියේ කෝප් කමිටුවට ඒවා ගැන කතා කරන්න අයිතියක් නැහැ කියලා. අබ කෑ මිනිසාගේ මොළේ දනවා වගේ කිරිඇල්ල ඇමතිවරයාත් නිතරම කෝප් කමිටුවට කතා කරන්න අයිතියක් නැහැ කියලා විරුද්ධ වෙනවා. කෝප් කමිටුවට විරුද්ධව කතා කරපු රවී කරුණානායකට ඇමතිකමත් නැතිවුණා.

2016-2017 වර්ෂවල ශී‍්‍ර ලංකා ගුවන් සමාගම පවත්වාගෙන ගොස් තිබෙන්නේ ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් රු. ඩොලර් මිලියන 400ක ණයක් ලබාගෙන. රුපියල් මිලියන 60,000ක්. පහුගිය මෙහෙයුම් පාඩුව

රු. මිලියන 28,000ක්. අද ශී‍්‍රලන්කන් ගුවන් සමාගම ගොඩ ගන්න බැරි තත්වයකයි තිබෙන්නේ. ආණ්ඩුව කරන්නේ බඩු මිල වැඩිකරලා ජනතාවට බදු ගහලා ජනතාවගේ සල්ලිවලින් මෙවැනි ආයතන නඩත්තු කරන එකයි. ණයවලින් දුවන මේ ආයතනය 190කට වැඩි පිරිසක් මිලියනයකට වඩා වැටුප් ලබනවා. තවත් ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් මිලියන 4ට වඩා වැටුපක් ගන්නවා. එදා වැරදි තීරණ ගත්තු අය අද සද්දයක් නැහැ. ඔවුන්ට ජීවන වියදම වැඩිවුණාට ප‍්‍රශ්නයක් නැහැ. මෙම ආයතන වැටුණේ ජනතාවගේ වරදින් නොවෙයි. මේවට වගකිව යුත්තේ සුදු කරපටි අපරාධකාරයෝ.

 

ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබදව සිය අදහස් දැක්වූ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති…

ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳව විශාල විවාදයක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒ පිළිබඳව අපගේ අදහස් හා සංශෝධන 09ක් ලිඛිතව භාරදී තිබෙනවා. ඒ වගේම අනෙකුත් පක්‍ෂවල යෝජනා, අදහස් එම වාර්තාවට ඇතුළත් වෙලා තිබෙනවා. ඒ සඳහා අපේ පදනම වූයේ ඒකාධිපති විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට සියලූ ජන කොටස්වල අයිතීන් තහවුරු කරන නියෝජිත ආයතන සඳහා සියලූ ජන කොටස් නියෝජනය වන පරිදි සාධාරණ නියෝජනයක් පත්වන ආකාරයේ ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බවයි. දැන් තියෙන ව්‍යවස්ථාව අපේ රට උඩුයටිකුරු කරලා තියෙන්නේ. ඒ නිසා අපේ රටට අලූත් ව්‍යවස්ථාවක්  ඕනෑ. අපි උත්සාහ දරනවා මහජනතාවට වාසි වන ආකාරයෙන් අපගේ අරමුණුවල ළඟා වෙන්න පුළුවන් ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරගන්න.

මෙම වාර්තාවේ ඒකීය රාජ්‍ය සංකල්පය පිළිබඳව කරුණු තිබෙනවා. ඒ වගේම ජනතාවට බලතල සහ අයිිතිවාසිකම් උපරිම ආකාරයෙන් බෙදී යා යුතු බව අපි විශ්වාස කරනවා. එලෙස අයිතිවාසිකම් නොබෙදුනු නිසා තමයි අපිට අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දෙන්න සිදුවුණේ. ඒ වගේම අපි ඉතාමත් වගකීමෙන් කියනවා, රට බෙදන යෝජනා සඳහා ඉඩ ලබාදෙන්නේ නැහැ කියලා. එවැනි යෝජනා ආවොත් අපි විරුද්ධව අදහස් පළකරලා නිකං ඉන්නෙත් නැහැ. මොකද, ජනතා විමුක්ති පෙරමුණ එදා සිටම බෙදුම්වාදයට එරෙහිව විශාල අරගලයක් කළා. ජාතිවාදය අවුස්සන, ජනතාවට ඇත්ත කියල, ජනතාවට වැඩ කරලා ඡුන්දය ලබාගන්න බැරි අය ව්‍යවස්ථාවේ එල්ලිලා ජාතිවාදය වපුරනවා. ඉදිරිපත් වෙලා තිබෙන්නේ අතුරු වාර්තාවක් පමණයි. මෙය ව්‍යවස්ථා කෙටුම්පතක්වත් නෙවෙයි. එනිසා එහි යෝජනා අදහස් විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. කාට හරි වුවමනා විදිහට ජාතිවාදී පදනමින් ආගමික පදනමින් ව්‍යවස්ථා හදන්න බැහැ. විවිධ අදහස් සාකච්ඡුා වෙන්න  ඕනෑ. ඒ නිසා අපේ රටේ ආගමික නායකයින්ගෙන් ඉල්ලනවා, කාට හෝ වුවමනා වූවාට ජාතිවාදී පදනමින් ව්‍යවස්ථාවක් හදන්න ඉඩ තියන්න එපා කියලා. මීට පෙර ව්‍යවස්ථා සංශෝධන සිදුවුණේ පාලකයින්ගේ බල වුවමනාවට, ජාතිවාදයට අනුවයි. ඒනිසා යුද්ධ ඇතිවුණා. අපේ රට බහුජාතික රාජ්‍යයක්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලූ දෙනාගේම අයිතීන් පිළිගන්න  ඕනෑ. සියලූම ජනතාවගේ අයිතීන් ආරක්‍ෂා වෙන්න  ඕනෑ. රටේ ව්‍යවස්ථාවෙන් සියලූම ජන කොටස්වල අයිතීන් ආරක්‍ෂා වෙන්නේ නැත්නම් ඒක බරපලත ප‍්‍රශ්නයක්.

Leave A Reply

Your email address will not be published.