2017 වසරේ දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 762.06කට අධික බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කර ඇත. එමෙන්ම දේශීය සංචාරකයින් පැමිණීම නිසා රුපියල් මිලියන 177.42ක්ද, විදේශීය සංචාරකයින්ගේ පැමිණීම නිසා මිලියන 564.25ක් ද උපයාගෙන ඇති බවත්, වෙනත් කටයුතු හේතුවෙන් රුපියල් මිලියන 20.39ක ආදායමක් ද උපයාගෙන ඇති බවත් සඳහන් වේ.