බණ්ඩාරවෙල නගර සභාව සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ තරග නොකිරීමට තීරණය කර ඇත .ඒ එම පළාත් පාලන ආයත දෙක සඳහා උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය සමඟ ජවිපෙ එක්ව ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග කිරීමට තීරණය ඇත. විශේෂයෙන් උමාඔය විනාශය පිළිබඳ එම පළාත් පාලන ආයතන දෙකට වඩා විශාල වගකීීමක් පැවරී ඇති බවත් එම නිසා එම පළාත් පාලන ආයතන දෙක සඳහා ජවිපෙ සාමාජිකයන්ද සහිතව එම ව්‍යාපාරය මැතිවරණයේදී තරග කිරීමට තීරණය කර ඇත. මෙම තීරණය ගැනීමට හේතු ලෙස ජනතා විමුක්ති පෙරමුණ වැඩි දුරටත් සදහන් කරන්නේ උමාඔය සටන මැතිවරණය සමයේදීද පවත්වාගත යුතු නිසා මෙම තීරණයට එලඹඇති බවත් එම සටනට සහභාගී වී සිටින සියලූම පක්ෂවල සාමාජිකයන් බෙදීම වැළැක්වීමට මෙම තීරණය ගෙන ඇති බවත්ය.