Home > පුවත් > සමසමාජ, කොමියුනිස්ට්, මහජන එක්සත් පෙරමුණ වෙන වෙනම.

සමසමාජ, කොමියුනිස්ට්, මහජන එක්සත් පෙරමුණ වෙන වෙනම.

Wasu_Dinesh_Thissa

ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරන ඩියු ගුණසේකරගේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, තිස්ස විතාරණගේ නායකත්වයෙන් යුත් සම සමාජ පක්ෂය හා දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවෙන් වෙන්ව වෙනම තරග කිරීමට සූදානමක් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

විශේෂයෙන් මහජන එක්සත් පෙරමුණ අම්පාර දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන සදහා පොහොට්ටුවෙන් වෙන්ව  තනිවම නාමයෝජනා සකස් කරන බවත් ඒ සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරිය  කටයුතු කරන බවද සදහන් කරයි.

එමෙන්ම සමසමාජ පක්ෂයද කිලිනොච්චි මන්නාරම හා යාපනය යන ප්‍රදේශවල පළාත් පාලන ආයතන සදහා වෙනම තරග කිරීමට සූදානම් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

About LNC

Check Also

Ampara District Parliamentarian Sriyani Wijewickra

ඒකාබද්ධයේ මන්ත‍්‍රීනී මෛත‍්‍රි පාර්ශවයට යයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශ‍්‍රියානී විජේවික‍්‍රම  ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉවත්ව ජනාධිපති මෛත‍්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *