ජනාධිපති ඊවෝ මොරාලෙස් නැවත බලයට පත් කරමින් පැවති ජනාධිපතිවරණයෙන් පසු බොලිවියාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ආධාරකරුවන් අතර ඇරඹුණු ගැටුම් මෙතෙක් අවසන් වී නොමැත.එවැනි එක් සිද්ධියක් ලෙස බොලිවියාවේ වින්ටෝ නගරයේ නගරාධිපතිනිය විපක්ෂයේ ආධාරකරුවන් විසින් මහමඟ ඇදගෙන ගොස් රතු තීන්ත තවරා ඇගේ කෙස් වැටිය ද කපා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය