topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

‘මීතොටමුල්ල ජනයාගේ ජීවිත නාගරික කොමසාරිස් කොමිස් මුදලට බිලිදෙද්දී යහපාලකයෝ මර නින්දේ”

 

Meethotamulla

පසුගියදා රටේ මහත් ඛේදවාචකයක් බවට පත්වූ මීතොටමුල්ල කුණුකන්ද නායයෑමේ සිදුවීමට වගකිව යුතු බවට විවිධ පාර්ශවයන්ට හා විවිධ පුද්ගලයන් වෙත චෝදන එල්ල විණි. කුමන පාර්ශවයකට චෝදනා එල්ල වුවද අවසානයේ සිදුවූයේ වටිනා ජීවිත ගණනාවක් රටට අහිමිවීම හා පවුල් ගණනාවක ජීවන තත්ත්වය කබලෙන් ලිපට වැටීම පමණකි.
මෙම සිදුවීමට විවිධ අර්ථකථනයන් ඉදිරිපත් කරමින් ඇතැම්හු තම පටු දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ දරද්දී  සැබෑ ලෙසම මීට වගකිව යුත්තෝ සුදු රෙදි පොරවාගෙන නොකිලිට්ටන් සේ තවමත් සිය සුපුරුදු ක්‍රියා පිළිවෙත යහපාලනයේ බලමහිමයෙන් ඉදිරියටත් ගෙනයමින් සිටී.
මෙම ලිපියෙන් අනාවරණය කරන්නේ මීතොටමුල්ල ඛේදවාචකයට සෘජුවම වගකිවයුත්තෙක් ලෙස නොබියව ඇඟිල්ල දිඟුකළ හැකි කොළඹ මහනගර සභාවේ වත්මන් නාගරික කොමසාරිස් වන වී.කේ.ඒ. අනුර නැමැත්තාගේ වංචනික හා දූෂිත ක්‍රියාකලාපයන් පිළිබඳවයි. මෙහුගේ වංචනික හා අකාර්යක්ෂම පාලනය මිතොටමුල්ල ඛේදවාචකය ඇතිවීමට ප්‍රබල හේතු සාධකයක් වූ අතර අවාසනාවන්ත ලෙස දිවි අහිමි වූ ජනතාවට මොහු සෘජුවම වගකිව යුත්තෙකි.
කොළඹ නගරයේ දිනකට එකතුවන කසළ ප්‍රමාණය මෙට්‍ර්ක් ටොන් 750 ක් පමණ වන අතර එම කසල එකතුකිරීමට හා ප්‍රවාහනය කිරීමට නාගරික දිසා කාර්යාල(දිසා1, දිසා2A, දිසා2B, දිසා3, දිසා4, දිසා5) මට්ටමින් ටෙන්ඩර් කැඳවා සුදුස්සන් තෝරා ටෙන්ඩර් ප්‍රදානය කිරීම සාමාන්‍ය ක්‍රියා පිළිවෙත විය. මින් නාගරික දිසා 03 ක එකතු වන කසළ නගර සභාවේ කම්කරුවන් යොදවා එකතු කිරීමට හා බැහැර කිරීමට පියවර ගෙන තිබුණි.
කොමිස් මුදල් වෙනුවෙන් ටෙන්ඩරය හිතවත් සමාගමට
නාගරික දිසා කාර්යාල 01 හි ටෙන්ඩරය සීමාසහිත කෙයා ක්ලීන් සමාගමට ලබාදී තිබූ අතර අපේ කතානායකයා වන කොළඹ මහනගර සභාවේ වත්මන් නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර විසින් හදිසියේම එම ටෙන්ඩරය අවලංගු කොට නැවත කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව සීමාසහිත අබාන්ස් එන්වයර්මන්ට් සමාගමට ලබාදී තිබේ. එමෙන්ම නගර සභාවේ කම්කරුවන් යොදවා කසල එකතුකිරීම, ප්‍රවාහනය හා බැහැරකිරීම සිදුකළ නාගරික දිසා 03 න් එක් නාගරික දිසා බල ප්‍රදේශයක්ද ඉහත කී අබාන්ස් එන්වයර්මන්ට් සමාගමට ලබාදීමට කටයුතු කොට තිබේ. මීට අමතරව තවත් කාණු පිරිසිදු කිරීම වෙනුවෙන් ටෙන්ඩර් කිහිපයක්ද ඉහත සමාගමටම ලබාදීමට මොහු විසින් කටයුතු කොට තිබේ.
ඉහත කී අබාන්ස් එන්වයර්මන්ට් සමාගමට මෙලෙස ටෙන්ඩර් ගණනාවක් ලබාදීම තුළින් අති විශාල කොමිස් මුදලක් මොහු විසින් ලබාගෙන ඇති අතර මෙම ටෙන්ඩර් ලබාදී ඇත්තේද එවක පැවති ටෙන්ඩර් මිළ ගණන් වලට වඩා 100% කටත් වැඩි මුදලකටය.
ටෙන්ඩර් නීති උල්ලංඝනය
ඉහත ටෙන්ඩර් ලබාදීමේ ක්‍රියාවලියට හා ගිවිසුමට අනුව ටෙන්ඩර්කරුවන් විසින් එකතුකරනු ලබන අපද්‍රව්‍ය ඔවුන් විසින් තම සමාගම සතු ඉඩමකට බැහැරකිරීම සිදුකළ යුත්තක් වන අතර එම ක්‍රියාවලියට පටහැනිව යමින් වී.කේ.ඒ. අනුර ගේ අවසරය මත මීතොටමුල්ල කසල බැහැරකිරීමේ ස්ථානයටම ඉහත සමාගම් කසළ බැහැරකිරීමට කටයුතු කොට තිබේ. ඒ වෙනුවෙන්ද අති විශාල කොමිස් මුදලක් වී.කේ.ඒ. අනුරගේ සාක්කුවට ගිය බව නොරහසකි. තම මඩිය තරකරගැනීම වෙනුවෙන් මොහු විසින් අනුබල දුන් මෙම ක්‍රියාවෙන් සිදුවූයේ මීතොටමුල්ල කසල බැහැර කිරීමේ ස්ථානයේ ධාරිතාවයද ඉක්මවමින් කසළ කන්ද දිනෙන් දින අහස උසට නැගීමයි.
එමෙන්ම වෙනත් නාගරික බල ප්‍රදේශතුළ එකතු වන කැලි කසළද ඉවත් බවක් නොමැති ඉහළ කොමිස් මුදල් ලබාගනිමින් මීතොටමුල්ලට බැහැරකිරීමට මෙම නාගරික කොමසාරිස්වරයා විසින් අවස්ථාව ලබාදී තිබේ.
කොළඹ මහ නගර සභාව විසින් නාගරික බල ප්‍රදේශයේ කසළ ඉවත්කිරීම වෙනුවෙන් ටෙන්ඩර් ලබාදීමේදී ඇතිකරගත් ගිවිසුම් නොතකා ක්‍රියාකිරීමට ටෙන්ඩර්කරුවන්ට මොහු විසින් අවස්ථාව ලබාදී තිබේ. ටෙන්ඩර් ක්‍රියාවලිය අනුව ටෙන්ඩර්කරුවන් ටෙන්ඩරයේ ඇතුළත් කාර්යයන් ඉටු නොකළහොත් ඒ සඳහා බිල්පත් වලින් අඩුකරන මුදල රු. 500,000.00 ට වැඩි වුවහොත් හා තවත් අවස්ථාවක රු. 1,500,000.00 කට වැඩි වුවහොත් ටෙන්ඩර් අවලංගු කර නැවත කැඳවිය යුතු වේ. එහෙත් ටෙන්ඩර්කරුවන් අදාළ කාර්යයන් ඉටුනොකොට බිල්පත්වලින් අඩුකරන මුදල රුපියල් මිලියන 03 – 04 ටත් වඩා ඉහළ ගිය අවස්ථාවලදී ටෙන්ඩර් ගිවිසුම් නොතකා ගෙවීම් කටයුතු සිදුකිරීමට නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර විසින් ගෙවීම් නිලධාරීන්ට නියෝග කරමින් බලපෑම්කොට තිබේ. මෙම අත්තනෝමතික ටෙන්ඩර් ප්‍රදානයෙන් නාගරික කොමසාරිස්වරයාට ටෙන්ඩර් පිරිනැමීමේදී හා මාසිකව අති විශාල කොමිස් මුදලක් ලැබී තිබේ.
එමෙන්ම මීතොටමුල්ල අපද්‍රව්‍ය බැහැරකිරීමේ ස්ථානය කළමණාකරණය වෙනුවෙන් කිසිදු විද්‍යාත්මක වැඩපිළිවෙළක් මොහු විසින් ක්‍රියාත්මක කර නොමැති අතර මීතොටමුල්ලට කුණු බැහැර කිරීම සීමා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයද නොතකමින් දිගින් දිගටම මීතොටමුල්ලට කසළ බැහැර කිරීම සිදුකර තිබේ.
කසල තුනී කිරීමට රු. මිලියන 195 ක් – වංචනික චක්‍රලේඛයක්
මීතොටමුල්ල කසල බැහැරකිරීමේ ස්ථානයේ ගොඩගැසෙන කසල තුනී කිරීම වෙනුවෙන් බත්තරමුල්ලේ පිහිටි පී.වී.ජේ.එස්. ප්‍රනාන්දු සමාගමට වසරකට රුපියල් මිලියන 187-195 ත් අතර මුදලක් ගෙවමින් මෙම නාගරික කොමසාරිස්වරයා විසින් කසළ තුනී කිරීමේ වාහන කුලියට ගෙන තිබෙන අතර මොහු මෙම තනතුරට පත්වීමට පෙර ඒ සඳහා වසරකට කොළඹ මහනගර සභාව වැයකොට ඇත්තේ රුපියල් මිලියන 34 ක වැනි මුදලකි. මෙතරම් විශාල මුදලක් එම කාර්ය සඳහා ගෙවා තිබුණද කැළි කසළ තුනී කිරීම සඳහා එතරම් වාහන ප්‍රමාණයක් යොදවා නොමැති බව අනාවරණය වී තිබෙන අතර එම මුදලින් වැඩි කොටසක් මොහුගේ සාක්කුවට ගොස් ඇති බව පැහැදිළිය. මෙතරම් විශාල මුදලක් මෙම කාර්ය වෙනුවෙන් යෙදවීම පිළිබඳව ප්‍රශ්න මතුවෙද්දී මෙම මුදල් වහාම ගෙවිය යුතු බවට මොහු විසින් ඝණ අපද්‍රව්‍ය අංශයේ නිලධාරීන්ට හා ගෙවීම් කටයුතු කරන නාගරික භාණ්ඩාගාරික දෙපාර්තමේන්තුවේ ගෙවීම් අංශයේ නිලධාරීන්ට නියෝග ලබාදෙමින් අනිසි බලපෑම් සිදුකොට තිබේ.
මීට ඉහතදී මෙවැනි ගෙවීම් සිදුකර ඇත්තේ අභ්‍යන්තර විගණකගේ පූර්ණ විගණනයකින් පසුව වුවද මොහු විසින් එකී අභ්‍යන්තර විගණන ක්‍රම අහෝසි කර තම වංචා ක්‍රියාවන්ට සුදුසු පරිදි විගණන චක්‍රලේඛයක් නිකුත්කරමින් අයථා ලෙස විශාල මුදලක් යටි මඩිගසා ගැනීමට කටයුතු තොට තිබේ.
රජයේ නීති උල්ලංඝනය කරමින් මීතොටමුල්ලට රසායනික දියරයක්
2017 අප්‍රේල් මාසයේ මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමට දින කිහිපයකට පෙර කුණු කන්දේ දුඟඳ නැති කිරීමට කොළඹ මහ නගර සභාව විසින් කුණු කන්දට ඉසින ලද රසායනික දියරය කුණු කන්ද නායයෑමට බොහෝ දුරට ඉවහල් වූ බවට මීතොටමුල්ල ප්‍රදේශවාසීන් පසුගිය කාලයේ පෙන්වා දුනි. ඒ පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙම රසායනික දියරය නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර විසින් රජයේ නීති රීති උල්ලංඝණය කරමින් නුගේගොඩ පිහිටි යුනයිටඩ් ග්ලාස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් ලබාගෙන තිබෙන බවයි. මෙම නාගරික කොමසාරිස්වරයා විසින් ඉහත සමාගම ලවා යොජනාවලියක් සකස් කර එය මුදල් කමිටුව වෙත දෙවරක් ඉදිරිපත් කර ඇති අතර එය මුදල් කමිටුව විසින් අනුමත කර නොමැත. පසුව මොහු විසින් අත්තනෝමතිකව සිය බලතල යොදාගනිමින් මෙම රසායනික දියරය ගෙන්වා මීතොටමුල්ල කුණු කන්දට ඉසීමට කටයුතු කර තිබේ. ඒ වෙනුවෙන් අදාළ සමාගමට ගෙවීම් කටයුතු වහා සිදුකරන ලෙස ගෙවීම් නිලධාරීන්ට නියෝග කොට තිබේ.
කොළඹ මහ නගර සභාවට ඝණ අපද්‍රව්‍ය කළමණාකරණයට වාර්ෂිකව වැය වූ මුදල, 2010 වර්ෂයේ රු. 34,370,616.00 ක්ද, 2013 වසරේ රු. 55,383,321.70 ක්ද, 2014 වර්ෂයේ රු. 48,318,507.20 ක්ද, 2015 වර්ෂයේ රු. 182,559,423.50 ක්ද, 2016 වර්ෂයේ රු ලෙස ගත්කළ ඉතා ඉහළ අගයකි. මින් පැහැදිළි වන්නේ කෙතරම් විශාල මහජන මුදලක් මෙම දූෂිතයා විසින් අයථා ලෙස වංචාකර ඇද්ද යන්නයි.
මෙවැනි ආකාරයේ වංචනික ක්‍රියාවන් රැසක් සිදුකරමින් තවමත් කිසිදු අපල උපද්‍රවයකින් තොරව සිය සුපුරුදු ක්‍රියාවේ නිරතවන කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර විසින් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් නොසලකා වංචනික හා දූෂිත ලෙස මුදල් ගැරීමෙන් මීතොටමුල්ල ජනතාවට ඇතිවූයේ සුළුපටු හානියක් නොවේ.
කොමිස් මුදලට අසූචි වුවද බුදින මෙවැනි දූෂිතයන්ගේ ක්‍රියාකලාපයෙන් අවසානයේ වන්දි ගෙවිය යුතු වන්නේ මේ රටේ අහිංසක මහජනතාවටය. යහපාලනයේ නිදහස අසීමිත ලෙස භුක්ති විඳිමින් රාජ්‍ය මුදල් වංචනික ලෙස අවභාවිත කරමින් හා පොදු දේපල අයථා ලෙස පරිහරණය කරමින් මොහු ගෙනයන මෙම දූෂිත ක්‍රියා පිළිවෙත එරෙහිවත් ඊට දඬුවම් ලබාදීම වෙනුවෙනුත් රටේ පාලකයන්ගේ හස්තය වහා ක්‍රියාත්මක විය යුතුය.

Leave A Reply

Your email address will not be published.