topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනපීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය ඔක්.23න් නවතින්නේ නැහැ – ටිල්වින් සිල්වා

Tilvin_Silva

බස් එකේ, දුම්රියේ, කඩපළේ ආණ්ඩුවට විරෝධය පළ කරන ජනතාවටත් අනෙකුත් සියලූම සංවිධානවලටත් 23 ජනතා විරෝධයට එක්වන ලෙස ආරාධනා කරන බවත් 23වැනිදා ආරම්භ කරන මෙම ජනතා විරෝධය එතැනින් නවත්වන්නේ නැති බවත් මේ ආණ්ඩුව පරාජයට පත්කරලා ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැගීම වෙනුවෙන් දැවැන්ත ජනතා බලයක් ගොඩනැගීම දක්වා ජනතා විරෝධය ඉදිරියට ගෙනයන බවත්  ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ටිල්වින් සිල්වා,

වර්තමාන ආණ්ඩුව බඩු මිල වැඩි කරලා, දඩ ගහලා, ජනතාවමත අධික බදු බරක් පටවලා රටේ ආර්ථිකය බිංදුවට ඇද දමා තිබෙනවා. ආර්ථිකයේ සම්පූර්ණ බර ජනතාව මත පටවලා. ඒ විතරක් නොවෙයි ආණ්ඩුවේ වංචාව, දූෂණය, නාස්තිය පොඞ්ඩක්වත් අඩුවෙලා නැහැ. එමනිසා ජනතාව මත බර පටවන ජන පීඩක ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ලබන 23වැනිදා දැවැන්ත ජනතා විරෝධයක් සංවිධානය කර තිබෙනවා. එම ජනතා විරෝධය පිළිබඳව සංවිධාන රැුසක් සමඟ අපි සාකච්ඡා කළා. එම සාකච්ඡා සාර්ථක වෙලා තිබෙනවා. රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ සහ වතු ක්‍ෂේත‍්‍රයේ වෘත්තීය සමිති විශාල ප‍්‍රමාණයක්, ගොවි සමිති, ධීවර සමිති විශාල ප‍්‍රමාණයක් 23දා පැවැත්වෙන ජනතා විරෝධයට එක්වෙන්න කැමැත්ත පළකර තිබෙනවා. ඒ වගේම අපි රටේ ජනතාව දැනුවත් කරන පති‍්‍රකා බෙදාහැරීම සෑම නගරයකදීම සිදුකළා. යාපනයේදීත් අපි පති‍්‍රකා බෙදුවා. අපිට ජනතාවගෙන් හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණා. රටේ ජනතාවත් තමන් පීඩාවට පත්කරන ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධයක් එල්ල කළ යුතු බව පිළිගෙන තිබෙනවා.

වෙන වෙනම විවිධ බලවේග ආණ්ඩුවට විරෝධය පළ කරනවාට වඩා ගොවි, ධීවර, වෘත්තීය සමිති සහ රටේ විවිධ බලවේග සියලූ දෙනා එකතු වෙලා ආණ්ඩුවට විරෝධය පළකිරීමෙන් දැවැන්ත බලපෑමක් එල්ල කළ හැකියි. බස් එකේ, දුම්රියේ, කඩපළේ ආණ්ඩුවට විරෝධය පළ කරන ජනතාවටත් අනෙකුත් සියලූම සංවිධානවලටත් 23 ජනතා විරෝධයට එක්වන ලෙස අපි ආරාධනා කරනවා. 23වැනිදා ආරම්භ කරන මෙම ජනතා විරෝධය එතැනින් නවත්වන්නේ නැහැ. මේ ආණ්ඩුව පරාජයට පත්කරලා ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැගීම වෙනුවෙන් දැවැන්ත ජනතා බලයක් ගොඩනැගීම දක්වා ජනතා විරෝධය ඉදිරියට ගෙනයනවා. මේ ජනතා විරෝධය වෙනුවෙන් පෙළ ගැසෙන බලවේග සමගින් ආණ්ඩුව පරාජයට පත්කරලා ජනතාවාදී පාලනයක් ගොඩනැගීම දක්වා කි‍්‍රයාමාර්ගය දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අද වනවිට මාධ්‍යවල විවිධාකාරයේ ප‍්‍රවෘත්තිි නිර්මාණය වෙනවා. භාරකාර ආණ්ඩුවක් ගැන, ජනාධිපතිවරණ අපේක්‍ෂකයින් ගැන ප‍්‍රවෘත්ති හදනවා. ඇතැම් අය තමන් ජනාධිපති අපේක්‍ෂකයා බව ප‍්‍රකාශ කරනවා. රටේ ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න වෙනුවට දේශපාලකයින්ගේ ප‍්‍රශ්න උඩට ගන්නවා. අද වනවිට දේශපාලනයේ විවිධ කණ්ඩායම් නිර්මාණය වෙලා. එක කණ්ඩායමක් මහින්ද නොවන රාජපක්‍ෂ කෙනෙක් බලයට ගෙනත් ඒ මගින් ඇමති වරප‍්‍රසාද ගන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි, ගම්මන්පිලලා, විමල්ලා ඇතුළු පහුගිය ආණ්ඩුවේ ජනතා දේපළ හොරා කාපු අය තමන් හිරේ යන එකෙන් බේරෙන්න තමන්ගේ ආණ්ඩුවක් හදාගන්න උත්සාහ කරනවා. ඒ අයගේ ප‍්‍රශ්න ජනතාවගේ ප‍්‍රශ්න නෙවෙයි. ජනතාවගේ ප‍්‍රශ්නය වෙලා තිබෙන තමන්ගේ ආර්ථිකය බිඳ වැටීම, බදු බර වැඩිවීම, ජීවන බර වැඩිවීම නිසා ජීවත් වෙන්න අමාරු වෙලා තිබීමයි. නමුත් විමල්ලට ගම්මන්පිලලට ඒ ප‍්‍රශ්න නැහැ. ඔවුන්ගේ ප‍්‍රශ්නය හොරකම්වලට තමන්ට නඩු වැටෙන එක වළක්වාගැනීමයි. අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්‍ෂ උත්සාහ කරමින් ඉන්නේ නාමල් රාජපක්‍ෂට පාර කපල දෙන්නයි. ඔහු කල්පනා කරන්නේ ජනතාව මුහුණ දෙන ගැටලූ ගැන නෙවෙයි. ඉන්දියානු සංචාරය වෙලාවේදීත් ඔහු කිව්වේ, ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාව නිසා නාමල්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරිවෙන එක ගැනයි. නාමල්ගේ වයස සම්පූර්ණ වෙනකං බලයේ ඉන්න එක ගැනයි මහින්ද රාජපක්‍ෂගේ කල්පනා කරන්නේ. තමන්ගේ දරුවන් බලයට ගේන්න හදන මේ රාජපක්‍ෂලාට රට හදන්න හැඟීමක් නැහැ. රට හදන්න පුළුවන්කමකුත් නැහැ. වසර 09ක් ජනාධිතිකම කරපු, මුදල් ඇමතිකම කරපු මහින්දට රුපියල කඩාවැටීම ගැන පැහැදිළි කරගන්න බැහැ. මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළාම කබ්රාල්ගෙන් අහලා තමයි උත්තර දුන්නේ. ආවාම කරලා පෙන්වන්නම් කියලා ප‍්‍රශ්න මගහරිනවා. ඒ විතරක් නෙවෙයි බලයට එන්න බලාගෙන ඉන්න නාමල් රාජපක්‍ෂගෙන් ආර්ථිකය ගැන ඇහුවාම කියන්නේ ”බන්දුල මන්තී‍්‍රතුමා තමයි ආර්ථිකය ගැන දන්නේ එතුමගෙන් ඇහුවොත් උත්තර දෙයි” කියලා. බන්දුලගේ ආර්ථික විද්‍යාව ගැනත් අපි හොඳට දන්නවා. මොකද, රුපියල් 2,500කින් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කිව්වේ ඒ බන්දුලම තමයි. එහෙම අය තමයි ජනතාවගේ පීඩාව පාවිච්චි කරලා රජවෙන්න බලාගෙන ඉන්නේ. ඒක දේශපාලන තක්කඩිකමක්. අපි ජනතාවට කියනවා, මෙවැනි දේශපාලන තක්කඩියෙන්ගෙන් ප‍්‍රවේශම් වෙන්න කියලා.

ඒ වගේම දේශපාලන වශයෙන් අනාථ වුණු 16 කණ්ඩායම කියලා එකක් තියෙනවා. දැන් 16කුත් නැහැ. ඒ කණ්ඩායම ආණ්ඩුවෙත් නැහැ; මෛතී‍්‍ර ළඟ ඉඳලා වැඩකුත් නැහැ; මහින්ද රාජපක්‍ෂ ළඟට නිකං යන්නත් බැහැ. ඒ නිසා ඒ කණ්ඩායම කල්පනා කරනවා, ආණ්ඩුවක් හදන්න කපුකමක් කළොත් ඇමතිකං ටිකක් ගන්න පුළුවන් කියලා. ඒ පිරිසටත් ජනතාවගේ ප‍්‍රශ්න අදාල නැහැ. තමන්ගේ අසරණභාවයෙන් ගොඩ එන්න තමයි ඔවුන් කල්පනා කරන්නේ. ජනතාවගේ පීඩාව ඔවුන්ගේ පටු අරමුණු වෙනුවෙන් යොදාගන්නයි ඔවුණුත් උත්සාහ කරන්නේ.

එක්සත් ජාතික පක්‍ෂයත් සම්පූර්ණයෙන්ම අසමත් බව පෙන්වලා ඉවරයි. කරන්නේ මොනවද කියලවත් තේරුම් ගන්න අද එජාපයට බැහැ. රටේ ආර්ථිකය හදනවා තබා රුපියල වැටීම පාලනය කරගන්න බැහැ. විවෘත ආර්ථිකය වෙනුවෙන් පෙනී හිටපු එජාපයේ නායකයාට අද කියන්න සිදුවෙලා නිෂ්පාදන ආර්ථිකයක් ගැන. අපි පැහැදිළිව කියනවා, එජාපයට නිෂ්පාදන ආර්ථිකයක් ගැන සැබෑ උවමනාවන් නැහැ කියලා. ඔවුන් තවමත් පෙනී ඉන්නේ විවෘත ආර්ථිකය වෙනුවෙන්; අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන් වෙනුවෙන්. එනිසා තමයි එජාපය කියන්නේ ප‍්‍රතිඅපනයනය දිරි ගැන්විය යුතුයි කියලා. ප‍්‍රති අපනයනයෙන් කවදාවත් රටේ නිෂ්පාදනය ඇතිවෙන්නේ නැහැ. තමන් අත්සන් කරපු සිංගප්පූරු වෙළඳ ගිවිසුම සාධාරණීකරණය කරගන්න තමයි ප‍්‍රතිඅපනයනය ගැන කතා කරන්නේ. රටේ ආර්ථිකය වැටිලා, කරකියා ගත නොහැකි වෙලාවේත් එජාපය උත්සාහ කරන්නේ තමන් අත්සන් කරපු වෙළඳ ගිවිසුම් සාධාරණීකරණය කරගන්න. දැන්වත් ජනතාව තේරුම් ගත යුතුව තිබෙන්නේ රනිල්-මෛතී‍්‍ර හවුලට ආණ්ඩුවක් කරන්න බැහැ කියලයි. මේ සියලූම දෙනා තම තමන්ගේ ප‍්‍රශ්න විසඳා ගන්න උත්සාහ කරනවා මිසක ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න ඔවුන්ට වුවමනාවක් නැහැ. ජනතාව ඒ බව තේරුම් ගත යුතුව තිබෙනවා.
මේ මොහොතේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳා ගැනීමට නම් ජනතාවාදී පාලනයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් ඉන්නේ ඒ ස`දහා ජනතා බලවේගයක් ගොඩනැගීමටයි. එමෙන්ම මේ වනවිටත් විද්වතුන්, වෘත්තිකයන් පිරිසක් එකතු වී රට ගොඩනැගීමේ ප‍්‍රතිපත්ති මාලාවක් පිළිබඳව ජනතාව සමඟ සාකච්ඡුා කරමින් ඉන්නවා. සියලූ බලවේග එකතු කර ගනිමින් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමේ ආරම්භයක් ලෙස 23වැනිදා ජනතා විරෝධය යොදාගත යුතුව තිබෙනවා. ආණ්ඩුවේ ජන පීඩක ක‍්‍රියාමාර්ගවලට එරෙහිව සියලූම බලවේග එකතු කරනවා. මෙම ජනතා විරෝධය 23වැනිදායින් නොනැවතී මේ ආණ්ඩුව පරාජයට පත්කොට ජනතාවාදී පාලනයක් ගොඩනැගීම දක්වා ඉදිරියට ගෙනයෑමටත් මෙම උද්ඝෝෂණය සාර්ථක කරගැනීමටත් එක්වන්න කියලා සියලූම ජනතාවගෙන් ඉල්ලනවා යැයි පැවසීය.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්,

ජනතා දේපළ මංකොල්ල කාපු පහුගිය ආණ්ඩුවේ හිටපු පුද්ගලයින්ට එරෙහිව විවිධාකාරයේ නඩු ගණාවක් ගොණු කොට තිබෙනවා. එම නඩු පැවරීමේදී ආණ්ඩුව හිතාමතා හෝ නොදැනුවත්කම මත හෝ අඩුපාඩු රැුසක් සිදුකොට තිබෙනවා. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු නිදහස් වන්නේ හොරකං නොකරපු නිසා නොව ආණ්ඩුවේ නඩු දැමීමේ කි‍්‍රයාවලියේ දුර්වලතා නිසයි. නිදහස් වුණු නිසා ජොන්ස්ටන් කියනවා, අපේ රටේ උසාවි සාධාරණයි කියලා. නමුත් එක නඩුවකින් නිදහස් වුණාට තවත් නඩු විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. ඇතැම් නඩු ගොණු කරලා තිබෙන්නේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම. අල්ලස් කොමිසම නඩු පවරන්නේ කරුණු හරිහැටි අධ්‍යයනය කරලා. එම නිසා ඒ නඩු ප‍්‍රබලයි. ජොන්ස්ටන් ප‍්‍රනාන්දුලාට මේ හැම නඩුවකින්ම ගැලවෙන්න පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. ඔවුන්ම කියන ආකාරයට අධිකරණය ස්වාධීනයි නම් ගොඩක් අයට කරපු වැරදිවලට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුයි. ඔවුන්ට තිබෙන ඇත්ත බයත් ඒකයි. ඉදිරියේදී තමන්ට දඬුවම් ලැබෙන බව දන්න නිසා ආණ්ඩුව පෙරළලා තමන් ඉන්න ආණ්ඩුවක් හදන්න කතා කරන්නේ. එහෙම නැතිව ජනතාව ගැන හිතලා නෙවෙයි. ජොන්ස්ටන් ප‍්‍රනාන්දුලා හොඳටම දන්නවා තමන් මහජන මුදල් හොරා කෑවේ කොහොමද කියලා. ආණ්ඩුව තමන්ගෙන් පළි ගන්නවා කියන ගමන් අනෙක් පැත්තට කියනවා, උසාවිය ස්වාධීනයි කියලා. කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව කියලා තිබෙනවා ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට එරෙහිව නැවත වරක් මෙම නඩු විභාගය ඉදිරියට ගෙනියන්න කටයුතු කරනවා කියලා.

Leave A Reply

Your email address will not be published.