ශ්රීලනිප, එජාප, යහපාලන ආණ්ඩුවේ ජාතික ආණ්ඩු ගිවිසුම එළබෙන අගෝස්තු 22 වැනිදා අවසන් වීමට නියමිතය. 2015 අගෝස්තු 21 වැනිදා වසර දෙකක කාලයක් සදහා මෙම ගිවිසුමට ශ්රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක සහ එජාප මහලේකම් කබීර් හෂීම් විසින් අත්සන් තබා ඇත.අදාළ අවබෝධතා ගිවිසුමේ සදහන් දෙපාර්ශවයේ එකගතාව අනුව දීර්ඝ කළ හැකිය යන වාක්ය මත පදනම්ව ඉතා රහසිගතව තව මාස හතරක් සදහා එනම් ලබන දෙසැම්බර් දක්වා මෙම ගිවිසුම දීර්ඝ කර ඇතිබව දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි. තවද දෙසැම්බරයේදී නව ගිවිසුමකට යන්නේද , පවත්නා ගිවිසුම එලෙසම පවත්වා ගෙන යනවාද නොමැතිනම් නව කොන්දේසි එකතුකරනවාද යන්න පිලිබදව දෙපර්ශවයම රහසිගතව සාකච්ඡා කරමින් සිටින බවද එම දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි.මේ අතර මෙම ගිවිසුම පිලිබදව තීන්දු තීරණ ගැනීම සදහා රහසිගත ශ්රීලනිප ඉහල කමිටුවක්ද පත්කර ඇති බවද සදහන්ය.